ජනවාරි 27 වන දින, ජාත්‍යන්තර සමූල ඝාතන අනුස්මරණ දිනය ලෙස නම් කෙරෙන අතර, එය නාට්සිවාදයේ ගොදුරක් බවට පත්වූ අය සිහිකිරීම සඳහා යෙදුනු සංකේතාත්මක දිනයකි . මිනීමරු නාට්සිවාදීන් මිලියන ගණනක් ඉලක්ක කළේ ජාතිවාදය, දේශපාලනික මතවාදය යනාදී හේතු නිසයි. JW.ORG සාමාජිකයින් තම ආගමික විශ්වාසය නිසා මෙම නාට්සිවාදීන්ගේ ගොදුරක් වූ බව දන්නේ ස්වල්පදෙනෙකි.
එවක බයිබල් ශිෂ්‍යයන් ලෙස හැඳින්වු JW.ORG සාමාජිකයින් ”තම ආගමික විශ්වාසයන් නිසා තුන්වන රයික්හි හිරිහැරවලට ලක් වූ එකම කණ්ඩායම” බව මහාචාර්ය රොබට් ගර්වර්ත් පවසයි . ඉතිහාසඥ ක‍්‍රිස්ටීන් කිං පවසන විදිහට, නාට්සි පාලනය සාක්ෂිකරුවන්ව ”ආණ්ඩු විරෝදීන්” ලෙස හංවඩු ගැසූවේ ”ඔවුන්ගේ ආගමික විශ්වාසයන් මත පදනම්ව, නාට්සිවාදයේ පොඩි දේකටවත් තමන් සම්බන්ද නොවන බව ප‍්‍රසිද්ධියේම ප‍්‍රකාශ කළ නිසයි.”
ආගමික හේතූන් මත, දේශපාලනයේ පැති නොගත් සාක්ෂිකරුවන් ,්‍යැසක ්‍යසඑකැර, කියා ආචාර කිරීමත්, ජාතිවාදී සහ ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවලට සහභාගී වීමත්, ජර්මානු හමුදාවට සම්බන්ධ වීමත් ප‍්‍රතික්ෂේප කළෝය. තවදුරටත් කිං පවසන්නේ ”සාක්ෂිකරුවන් නාට්සි පාලනයේ නපුරුකම් ගැන ඔවුන්ගේ ප‍්‍රකාශනවල ප‍්‍රසිද්ධියේම පළ කල අතර, යුදෙව්වන්ට සිදු වන දේවල් ද එයට ඇතුළත් කළා” කියායි.
ගාල් කඳවුරුවලට මුලින්ම යැවූ අය අතරේ සාක්ෂිකරුවන් සිටි අතර, ඔවුන්ටම ආවේනික වූ දම් පැහැති ත‍්‍රිකෝණාකාර ලාංඡුනයක්ද දී තිබිණ. යුරෝපයේ නාට්සි කඳවුරුවල සිටි 35,000ක් පමණ සාක්ෂිකරුවන් අතරින් තුනෙන් එකකට සෘජු හිරිහැරවලට මුහුණ දීමට සිදු වුණා. බොහෝදෙනෙකුව අත්අඩංගුවට ගෙන සිරගත කරන ලදී. ඔවුන්ගේ දරුවන් සියගණනක් නාට්සි නිවාසවලට සහ පුනරුත්තාපන කඳවුරුවලට රැුගෙන ගියා. 4,200ක් පමණ සාක්ෂිකරුවන්ට නාට්සි ගාල් කඳවුරුවලට යෑමට සිදු වුණා. විද්වතෙක් වන ඩෙට්ලෙෆ් ගාර්බේ මෙසේ පැවසීය ”නාට්සි පාලකයන්ගේ අභිප‍්‍රාය වුණේ බයිබල් ශිෂ්‍යයන්ව ජර්මානු ඉතිහාසයෙන් සම්පූර්ණයෙන්ම අතුගා දැමීමයි.” දැනට තිබෙන තොරතුරුවලට අනුව සාක්ෂිකරුවන් 1,600 දෙනෙක් මියගිය අතර, 370 දෙනෙකුව ඝාතනයට ලක් කළා.
තමන්ට කීකරු වුණොත් නිදහස ලැබෙන බව පොරොන්දු වෙමින් නාට්සිවාදීන් උත්සාහ කළේ සාක්ෂිකරුවන්ගේ ආගමික විශ්වාසයන් බිඳ දමන්නයි. නිදහස සඳහා නාට්සිවාදීන් සකස් කළ ලියවිල්ල එනම් ෑරනකඩිරමබට (1938 දී නිකුත් කරන ලදී* එකේ සඳහන්ව තිබුණේ අත්සන් කරන කෙනෙකු තම ආගමික විශ්වාසයන් අත්හැරීමටත්, අනිත් සාක්ෂිකරුවන් ගැන පොලීසියට හෙළි කිරීමටත්, නාට්සි ආණ්ඩුවට සම්පූර්ණයෙන්ම යටත් වීමටත්, ආයුධ අතැතිව මාතෘ භූමිය රැුකීමටත් අවශ්‍ය බවයි. බන්ධනාගාරවල සහ කඳවුරුවල නිලධාරීන් ඔවුන්ට හිරිහැර කරමින් එම ලියවිල්ලට අත්සන් කරන ලෙස බල කළා. ගාර්බේ පවසන විදිහට සාක්ෂිකරුවන්ගෙන් තම විශ්වාසයන් අත්හැරියේ ”ඉතා සුළු පිරිසක්” පමණයි.
ජෙනරල් චාල්ස් ඩි ගෝල්ගේ ඥාති දියණියක් සහ ප‍්‍රංශ ප‍්‍රතිරෝධයේ සාමාජිකාවක් වූ ජෙනීවිව් ඩි ගෝල්, රාවන්ස්බෲක් ගාල් කඳවුරේ සිටි සාක්ෂිකාර කාන්තා සිරකරුවන් ගැන මෙසේ පැවසුවා, ”මම ඔවුන් තුළ බොහෝ අගය කළ දෙය නම්, ඔවුන්ගේ ‘විශ්වාසය අත්හැරීම තහවුරු කිරීමේ ලියවිල්ල‘ අත්සන් කිරීමෙන් ඔවුන්ට ඕනෑම වේලාවක පිටව යෑමට හැකියාව තිබිණ… ඇත්ත වශයෙන්ම, ඉතා දුර්වල හා වෙහෙසට පත්ව සිටින බව පෙනෙන්නට තිබූ මෙම කාන්තාවන්, බලය සහ සියලූ උපක‍්‍රම ඇති භටයින්ට වඩා ශක්තිමත් ය. ඔවුන්ට ඔවුන්ගේ ශක්තිය තිබූ අතර කිසිවෙකුට පරාජය කළ නොහැකි වුයේ ඔවුන්ගේ අධිෂ්ඨාන ශක්තියයි.”