Saturday, December 2, 2023
spot_imgspot_img
spot_imgspot_img
Homeව්‍යාපාරිකDFCC බැංකුව නැවතත් CIMA ‘Gold Corporate Partner’ බවට පත්වෙයි

DFCC බැංකුව නැවතත් CIMA ‘Gold Corporate Partner’ බවට පත්වෙයි

DFCC බැංකුව අඛණ්ඩව තුන් වන වරටත් ශ්‍රී ලංකා වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ (Chartered Institute of Management Accountants of Sri Lanka – CIMA) ආයතනික හවුල්කාරීත්ව වැඩසටහන (Corporate Partnership Programme) යටතේ ‘Gold Partner’ ලෙස එම ආයතනය සමග අත්වැල් බැඳගෙන තිබේ. ආයතනික හවුල්කාරීත්ව වැඩසටහන යනු ශ්‍රී ලංකාවේ කළමනාකරණ ගණකාධිකාරී වෘත්තියෙහි අභිවෘද්ධිය වෙනුවෙන් සාර්ථක ලෙස පවත්වාගෙන යනු ලබන සුවිශේෂී වැඩසටහනකි.

පුරෝගාමී ආකල්ප සහිත වෘත්තිකයන් බිහිකිරීම කෙරෙහි උනන්දු වන ප්‍රධාන පෙළේ සමාගම් හා ආයතන සහ CIMA ආයතනය අතර ඇතිකරනු ලබන සුවිශේෂී  හවුල්කාරීත්වයන් ජාලයක් වශයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ. මෙම හවුල්කාරීත්වය යටතේ DFCC බැංකුව, CIMA සුදුසුකම් ලැබූ දක්ෂ වෘත්තිකයන් බඳවා ගැනීම, නවක වෘත්තිකයන්ට මගපෙන්වීම, ගණකාධිකරණ වෘත්තියේ නවෝත්පාදනයට අත්වැලක් වීම සඳහා සමාන ආකල්ප සහිත විධායක නිලධාරීන් සමග එක්ව කටයුතු කිරීම සහ සක්‍රීය සංවාදයන් ඔස්සේ අනාගතයට වැදගත් වන දැනුම හා අදහස් හුවමාරු කරගැනීම යනාදිය සිදුකරනු ඇත.

මෙම හවුල්කාරීත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින්, DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උපසභාපති (මානව සම්පත්) සොනාලි ජයසිංහ මහත්මිය මෙසේ පැවසුවා ය. “මෙය DFCC බැංකුවේ ප්‍රධාන අරමුණු අතරට අයත් වන, විශිෂ්ටත්වය හඹා යාමට උනන්දු කරවීම සහ, ව්‍යාපාර ලෝකය තුළ ගෝලීය මට්ටමින් තරග කළ හැකි නායකයන් නිර්මාණය කිරීම යන  අරමුණු සමග මැනැවින් සමගාමී වන හවුල්කාරීත්වයක් ලෙස හැඳින්විය හැකියි. අඛණ්ඩව 3 වන වරටත් මෙම හවුල්කාරීත්වයට එළඹීමට හැකිවීම ගැන අප බෙහෙවින් සතුටු වනවා. දක්ෂයන් හඳුනා ගැනීම හා බඳවා ගැනීම, වෘත්තිකයන්ට එකිනෙකා සමග සම්බන්ධතා පවත්වාගැනීම සඳහා පුළුල් මට්ටමේ අවස්ථාවන් නිර්මාණය කිරීම සහ, ඉගෙනුම් හා සංවර්ධන කටයුතු ප්‍රවර්ධනය කිරීම යනාදිය සම්බන්ධයෙන් මෙය අපටත්, ව්‍යාපාර ක්ෂේත්‍රයේ වෙනත් පාර්ශ්වයන්ටත් අතිශයින් වැදගත් වේවි. මේ ආකාරයට CIMA ආයතනය සහ අනෙකුත් ආයතනික හවුල්කරුවන් සමග එක්වී, දේශීය හා ජාත්‍යන්තර වශයෙන් සාර්ථක හා තිරසාර ආර්ථික පරිසරයක් නිර්මාණය කිරීම සඳහා අප සහයෝගයෙන් යුතුව කටයුතු කරමින් සිටිනවා.”

CIMA ආයතනික හවුල්කරුවෙකු ලෙස DFCC බැංකුව, CIMA සුදුසුකම් ලත් කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්ට සිය වාර්ෂික සාමාජිකත්ව ගාස්තු පූර්ණ හෝ අර්ධ වශයෙන් ප්‍රතිපූරණය කිරීමට අවස්ථාව ලබාදීම ඇතුළු ප්‍රතිලාභ පිරිනමනු ඇත. නිපුණතා, හැකියාවන් සහ නායකත්ව ගුණාංග වර්ධනය කරගැනීමට සෑම විටම දිරිගන්වන සේවායෝජකයෙකු වශයෙන් , තම කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන්ගේ වෘත්තීය අධ්‍යාපන පාඨමාලා, උපාධි සහ පශ්චාත් උපාධි පාඨමාලා ඇතුළුව උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන කටයුතු සඳහා පූර්ණ හෝ අර්ධ වශයෙන් මූල්‍යමය සහය ලබාදීමටද DFCC බැංකුව කටයුතු කරයි. මේ සියල්ල, DFCC බැංකුවේ කාර්ය මණ්ඩලයට සිය දැනුම හා අත්දැකීම් පුළුල් කරගනිමින්, වෘත්තීය මට්ටමින් මෙන්ම පෞද්ගලික මට්ටමින්ද විශිෂ්ටයන් බවට පත්වීම සඳහා ශක්තිමත් අත්වැලක් බවට පත්වී තිබේ. එමෙන්ම මෙම ක්‍රියාමාර්ග, විශිෂ්ට තලයේ කාර්ය මණ්ඩලයක් පවත්වා ගනිමින් ක්ෂේත්‍රය තුළ සෑම විටම ඉහළම කාර්යසාධනයක් වාර්තා කරගැනීම සඳහා DFCC බැංකුවට මහෝපකාරී වී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments