Friday, November 29, 2024
spot_imgspot_img
HomeBiz Newsයෙවාන් ඩේවිඩ් ශ්‍රී ලාංකේය නාමය Formula 1 වෙත ගෙන යාමට සූදානමින්..

යෙවාන් ඩේවිඩ් ශ්‍රී ලාංකේය නාමය Formula 1 වෙත ගෙන යාමට සූදානමින්..

ශ්‍රී ලංකාවෙන් බිහි වී සිටින අද්විතීය Formula 3 ධාවන ශූර යෙවාන් ඩේවිඩ්, Unveiling the Journey of Sri Lanka’s Rising F3 Star තේමාව යටතේ පැවති මාධ්‍ය හමුවේදී සිය සාර්ථකත්වයේ ගමන්මග පිළිබඳ අදහස් පළ කළේය. නොවැම්බර් 27 වනදා කොළඹ 80 Club හිදී පැවති එම මාධ්‍ය හමුවේදී, යෙවාන් හට ශක්තිය ලබා දෙන කණ්ඩායම මාධ්‍යයට හඳුන්වා දෙමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔහු ලබා දුන් ජයග්‍රහණ පිළිබඳ දැනුම්වත් කිරීම
ද සිදු කෙරිණි. මෙහිදී සමාරම්භක අදහස් දැක්වීම සිදු කරමින් ජාත්‍යන්තරයේ කීර්තිමත් විස්තර විචාරකයෙකුවන ජේක් සැන්සන් සඳහන් කළේ, යෙවාන් යනු ශ්‍රී ලංකාව Formula 1 ධාවන පථයට ගෙන යාමට උපන් ධාවකයා බවය.

Formula 3 කාණ්ඩය යටතේ එක් තරගයකට වැඩි සංඛ්‍යාවක් ජයග්‍රහණය කළ මෙරට ප්‍රථම ධාවකයාවන යෙවාන්, උත්සාහය, කැපවීම සහ ධාවනය සතු ජීවිත වෙනස් කිරීමේ හැකියාව පිළිබඳ ඉතා සිත්ගන්නාසුළු අදහස් දැක්වීමක් සිදු කළේය. මොන්සා ධාවන පථයේදී පසුගියදා අත්කර ගත් ජයග්‍රහණය පිළිබඳ පිළිබඳව ද සඳහන් කරමින් යෙවාන් ප්‍රකාශ කළේ තමන්ට ශ්‍රී ලංකාවට පැමිණීමට හැකි වීම පිළිබඳ දැඩි ලෙස සතුටට පත්වන බවත්, මෙරට සියලු දෙනාගේ ම සහයෝගය වෙනුවෙන් සිය හෘදයංගම කෘතඥතාව පළකර සිටින බවත්ය. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෝටර් රථ ධාවනයේ ඉහළ ම ස්ථානය වෙත මෙරට ධජය ගෙන යාම තමන්ට මහත් ගෞරවයක් බව ද ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය. යෙවාන්ගේ කළමනාකරු හොරියා ටෝටු, මෝටර් රථ ධාවනයේ පළමු වසර තුළ යෙවාන් අත්කර ගත් ජයග්‍රහණ සහ ඔහුට මුහුණ දීමට සිදු වූ අභියෝග පිළිබඳ පසුබිම් තොරතුරු රැසක් මෙම මාධ්‍ය හමුවේදී අනාවරණ කළේය. මේ වසරේ යෙවාන් ඉදිරියට ගමන් කළ වේගය සහ ඔහු පෙන්නුම් කළ කුසලතාව පිළිබඳ සැලකීමේදී, ඔහුට අසීමාන්තික දුරක් යා හැකි බව කිව යුතුයි, යනුවෙන් යෙවාන්ගේ හැකියාව පිළිබඳ අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

යෙවාන්ගේ ශාරීරික යෝග්‍යතා පුහුණුකරු ඇලෙක්ස් ස්ටෝට් ද මෙම මාධ්‍ය හමුවේදී සිය අදහස් පළ කරමින් සඳහන් කළේ, යෙවාන් පෙන්නුම්කර ඇති කුසලතාව සහ ආචාර ධර්ම ඉතාම විරළ මට්ටමේ පවතින බවය. මා මෙතෙක් ඔහුගෙන් දැක ඇති සහ ඉදිරියේදී දැකීමට අපේක්ෂා කරන සියල්ල, මින් පෙර මා සමග කටයුතුකර Formula 1 ධාවන පථය දක්වා ගමන් කළ ධාවකයින් ද අභිබවා යනවා.ශ්‍රී ලංකා නාමය ගෝලීය මෝටර් රථ ක්‍රීඩා දක්වා ඔසොවා තැබීම වෙනුවෙන් ඇති පුළුල් දැක්ම පිළිබඳ සඳහනක් කරමින් යෙවාන්ගේ ජාත්‍යන්තර මහජන සබඳතා සහ සන්නිවේදන කළමනාකාර, ඇන්ඩි ස්ටොබාට් ප්‍රකාශ කළේ, මේවන විට ද ශීඝ්‍රයෙන් ශක්තිමත් වෙමින් ඇති යෙවාන්ගේ අන්තර්ජාල ජනප්‍රියත්වය, අත්දැකීම්, ප්‍රතිඵල සහ ගෝලීය මාධ්‍ය තුළ ඔහු සම්බන්ධව පවතින උනන්දුව නිසාම ශ්‍රී ලංකාව නමැති සන්නාමය ලොවට ගෙන යන තානාපතිවරයෙකු බවට පත්වීමට ඔහුට සුවිශේෂී හැකියාවක් ඇති බවය. යෙවාන්ගේ ජයග්‍රහණ සැමරීමට අමතරව, Formula 1 දක්වා යන ගමනේදී ආයතනික අනුග්‍රාහකත්වය සමගින් ඔහුට ඉතිහාසගත වීමට ඇති අවස්ථාව පිළිබඳව ද මෙහිදී අවධාරණය කෙරිණි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments