Monday, December 23, 2024
HomeBiz NewsINSEE Ecocycle පරිසර සුරක්ෂිතාව වෙනුවෙන් වෙරළ පිරිසිදු කිරීමේ මෙහෙවරක...

INSEE Ecocycle පරිසර සුරක්ෂිතාව වෙනුවෙන් වෙරළ පිරිසිදු කිරීමේ මෙහෙවරක…

තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණයේ ශ්‍රී ලංකාවේ පුරෝගාමියා වන INSEE Ecocycle, දකුණු ආසියාව සඳහා ප්ලාස්ටික් රහිත ගංගා සහ මුහුදු සඳහා ක්‍රියාත්මක වන PLEASE ව්‍යාපෘතිය යටතේ  මෑත කාලීන වෙරළ පිරිසිදු කිරීම් වැඩසටහන්  තුනක් හරහා වෙරළබඩ ප්ලාස්ටික් දූෂණයට එරෙහිව සටන් කිරීමට අනුකූලව වෙරළ පිරිසිදු කිරීමේ ව්‍යාපෘති දියත් කරයි. එක්සත් ජාතීන්ගේ ව්‍යාපෘති සේවා කාර්යාලයේ (UNOPS) සහාය ඇතිව දකුණු ආසියානු සමුපකාර පරිසර වැඩසටහන (SACEP) විසින් ක්‍රියාත්මක කරන ලද PLEASE ව්‍යාපෘතිය සඳහා ලෝක බැංකුව අරමුදල් සපයන ලදී. දකුණු ආසියානු  මුහුදට ප්ලාස්ටික් අපද්‍රව්‍ය මගින් සිදුවන දුෂණය අවම කරන ක්‍රියාමාර්ග උත්ප්‍රේරණය කිරීම එහි අරමුණයි.

මේ වන විට INSEE Ecocycle විසින් නොරොච්චෝලේ ලක්විජය බලාගාරය අසල වෙරළබඩ ප්‍රදේශ, නුරයිචෝලේ කැසුරිනා වෙරළ සහ නිමලපුර වෙරළ තීරය පිරිසිදු කිරීම අවසන් කර ඇත. පිරිසිදු කිරීමේ දී ප්ලාස්ටික් අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් 700 කට වැඩි ප්‍රමාණයක් ඉවත් කරන ලදී. INSEE Ecocycle හි සාමාන්‍යාධිකාරී සුජිත් ගුණවර්ධන මහතා පැවසුවේ, “සෑම පිරිසිදු කිරීමක්ම අපගේ සාගර ආරක්ෂා කිරීමට සහ අපගේ වෙරළ තීරයේ ස්වභාවික සුන්දරත්වය ආරක්ෂා කිරීමට අප ඉටු කරන තීරණාත්මක වගකීම සිහිපත් කරයි.ප්ලාස්ටික් අපද්‍රව්‍ය දූෂණය සක්‍රීයව අඩු කිරීමෙන්, අපි පාරිසරික සංරක්ෂණය සඳහා යහපත් බලපෑමක් ඇති කරමින් ප්‍රජාව තුළ වගකීම් සහ වගවීම පිළිබඳ මානසිකත්වයක් පෝෂණය කරමු.”

PLEASE ව්‍යාපෘතිය යටතේ මෙම කර්තව්‍යය හරහා, INSEE Ecocycle වෙරළ පිරිසිදු කිරීම සහ ප්ලාස්ටික් දූෂණය පිළිබඳ දැනුවත් කිරීම අඛණ්ඩව සිදු කරයි එසේම ප්ලාස්ටික් භාවිතය අඩු කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය කිරීමේ මූලධර්ම වැලඳ ගැනීමට ප්‍රජාවන් දිරිමත් කරයි. ව්‍යාපෘතියේ හරය වන්නේ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කිරීම, නැවත භාවිතයට ගැනීම සහ පරිසර හිතකාමී ලෙස සිමෙන්ති උදුන් සම-සැකසුම භාවිතා කරමින් අවශේෂ ප්ලාස්ටික් කළමනාකරණය කිරීමයි. මේ සඳහා පුත්තලමේ කාන්තා මූලිකත්වයෙන් යුත් ද්‍රව්‍ය ප්‍රතිසාධන පහසුකම (MRF) වැදගත් කාර්‍යයක් ඉටු කරයි. INSEE Ecocycle අනාගත පරම්පරාව සඳහා තිරසාර පරිසරයක් සහතික කරමින් පිරිසිදු, හරිත ශ්‍රී ලංකාවක් සඳහා වූ සිය දැක්මට කැපවී සිටී.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments