ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සහ වෘත්තීය සංවර්ධනය නංවාලීම සඳහා සමාගම දක්වන කැපවීම ප්‍රදර්ශනය කරමින්,EDEX Mid-Year Expo 2024 ප්‍රදර්ශනයේ නිල තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් හවුල්කරු ලෙස කටයුතු කළේ ය. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්රයේ වාර්ෂික ඉසව් අතර විශේෂිත ඉසව්වක් ලෙස සැලකෙන මෙම ප්‍රදර්ශනය පැවැත්වුණු කාලසීමාව තුළ SLT-MOBITEL විසින් එයට උසස් Wi-Fi සම්බන්ධතා පහසුකම් ලබාදීමට කටයුතු කළ අතර, එය ප්‍රදර්ශන කුටි පවත්වාගෙන ගිය අයට මෙන්ම ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි පුද්ගලයන්ට වඩාත් විශිෂ්ට ඩිජිටල් අත්දැකීමක් හිමිකර ගැනීමට උපකාරී විය.
මෙම ප්‍රදර්ශනය, මෙරට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ක්ෂේත්රයේ ප්‍රධාන සමාගමක් ලෙස මෙන්ම අධ්‍යාපනය හා වෘත්තීය සංවර්ධනය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර ඇති සමාගමක් ලෙස SLT-MOBITEL සතු කීර්තිනාමය නැවත වරක් තහවුරු කළ අවස්ථාවක් විය. ජාත්‍යන්තර තලයේ අධ්‍යාපන අවස්ථා ගවේෂණයකරන සිසුන්, ගුරුවරුන් සහ ආයතන සඳහා සහයෝගය ලබාදීමට SLT-MOBITEL දක්වන කැපවීමද මෙමගින් මැනැවින් සංකේතවත් වූ අතර, මෙම උත්සාහය ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායේ සහ තරුණ පරපුරේ අනාගතය වෙනුවෙන් කළ ආයෝජනයක් ලෙසද හැඳින්විය හැකි වේ.
මේ වනවිට EDEX Mid-Year Expo ප්‍රදර්ශනය වසර 20 ක් පුරා ශ්‍රී ලංකාවේ තරුණ පරපුර සවිබල ගැන්වීමට දායක වී තිබේ. විශිෂ්ටත්වය සම්බන්ධයෙන් මෑතකාලීනව අත්කරගෙන ඇති දියුණුව අවධාරණය කරමින් මෙම ප්‍රදර්ශනය නවෝත්පාදන සහ තිරසරත්වය සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් අවධානය යොමු කළ අතර, එය දේශීය හා ගෝලීය අධ්‍යාපන අවස්ථා ගවේෂණය කිරීම සඳහා සිසුන්ට ලැබුණු පරිපූර්ණ අඩිතාලමක් විය.
මෙහිදී ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට දේශීය හා විදේශීය විශ්වවිද්‍යාල මෙන්ම තෘතීය හා වෘත්තීය පුහුණු ආයතනවල නියෝජිතයන් හා සම්බන්ධවීමටද අවස්ථාව ලැබිණි. ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නොමිලේ වෘත්තීය මාර්ගෝපදේශනය සහ මනෝමිතික පරීක්ෂණ සඳහා සහභාගී වීමේ අවස්ථා හිමි වූ අතර, තිරසර ක්‍රමවේද ප්‍රවර්ධනයකරන EDEX Think Green වැඩසටහන සහ EDEX නැණපහන ප්‍රජා සත්කාරක වැඩසටහන වැනි වැඩසටහන් සමග සම්බන්ධ වීමටද අවස්ථාව හිමි විය. මීට අමතරව ව්‍යාපාර ලෝකයේ අනාගත නායකයන් බවට පත්වීමට බලාපොරොත්තු වන අය වෙනුවෙන්ම සැලසුම්කරන ලද EDEX Entrepreneur Zone වැනි අතිරේක සහය වැඩසටහන් සමග සම්බන්ධ වීමටද ඔවුන්ට අවස්ථාව සලසා දෙන ලදී.
ප්‍රදර්ශනයේ නිල තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් හවුල්කරු වශයෙන් SLT-MOBITEL” , අධ්‍යාපනයේ ඩිජිටල් බෙදීම (Digital Divide ) මගහරවා ගැනීම සඳහා ප්‍රදර්ශනය අවස්ථාවක් කරගනිමින්, තාක්ෂණය මගින් අධ්‍යාපනයේ පරිවර්තනයක් සිදු කළ හැකි ආකාරය පෙන්වා දීමට කටයුතු කළේ ය. EDEX සමග ඇතිකරගත් මෙම හවුල්කාරීත්වය, වඩාත් අන්තර්කරණය වූ අධ්‍යාපන ක්ෂේත්රයක් නිර්මාණය කිරීම සඳහා අතිනවීන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් මගින් ඉටුවන කාර්යභාරය අවධාරණය කරයි. SLT-MOBITEL හි ප්‍රදර්ශනය සමඟ ඇතිකරගත් මෙම සහයෝගීතාව, සම්බන්ධතා පහසුකම් හා සේවා ලබාගැනීමේ හැකියාව වැඩිදියුණු කිරීම තුළින් ශ්‍රී ලාංකීය සිසුන් ඩිජිටල් යුගයට සූදානම් කරවීමේ උත්සාහය අඛණ්ඩව ඉදිරියට ගෙනයාමක් ලෙසද හැඳින්විය හැකි වේ.