asd
Thursday, September 19, 2024
spot_imgspot_imgspot_img
HomeBiz Newsසියපත ෆිනෑන්ස් පීඑල්සී ණයකර නිකුතුවට අධි ඉල්ලුමක් ..

සියපත ෆිනෑන්ස් පීඑල්සී ණයකර නිකුතුවට අධි ඉල්ලුමක් ..

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛ දැවැන්තයෙකු මෙන්ම සම්පත් බැංකුවෙහි පූර්ණ අනුබද්ධිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑල්සී විසින් 2024 මැයි 28 වැනිදා විවෘත කරන ලද ණයකර නිකුතුවට අපේක්ෂිත තත්ත්වයට වඩා ආයෝජකයන්ගෙන් අධි ඉල්ලුමක් වාර්තා විය. ආයෝජකයන්ගේ අධි ඉල්ලුම නිසාම 2024 මැයි 28 වන දින විවෘත කරන ලද ණයකර නිකුතුව එදිනම නිමාකිරීමට සියපත ෆිනෑන්ස් පීඑල්සී කළමනාකාරීත්වය තීරණය කරන ලදී.

පෙර දැනුම් දී තිබුණු පරිදි සියපත ෆිනෑන්ස් පීඑල්සී ණයකර නිකුතුවේ මූලික නිකුතුව රුපියල් බිලියන 2 ක් වූ අතර අධි ඉල්ලුම සලකා බලා ඊට අමතරව තවත් රුපියල් බිලියන 2කින් වැඩිකිරීමට කටයුතු කෙරිණ. අයදුම්පත් විශාල සංඛ්‍යාවක් සමග රුපියල් බිලියන 4 ඉක්මවා වටිනාකමක් වාර්ථා විය.

සියපත ෆිනෑන්ස් පීඑල්සී කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනෙවිරත්න මහතා 2024 ණයකර නිකුතුව පිළිබඳ අදහස් දක්වමින් “ණයකර නිකුතුවට ආයෝජකයන්ගෙන් ලැබුණු අධික ඉල්ලුම පැවතීම අපව විස්මයට පත් කළා. එයින් අප ආයතනය පිළිබඳ ගොඩනැංවී ඇති විශ්වසනීයත්වය, අපගේ පාර්ශ්වකරුවන්ට ප්‍රතිලාභ ලබාදීමෙහිලා අප තුළ ඇති කැපවීම, ආයතනික තිරසර වර්ධනය මනාව පිළිබිඹුවනවා.” යැයි පැවසීය.

සියපත ෆිනෑන්ස් පීඑල්සී අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය යටතේ ලැයිස්තුගත (listed)” ශ්‍රේණිගත (rated)” ජේෂ්ඨ (senior)” සුරැකුම් රහිත (unsecured)” නිදහස් කළ හැකි (redeemable) වශයෙන් වර්ගීකරණය කොට පස් අවුරුදු කාලයකින් කල් පිරෙන ණයකර නිකුතුවක් ලෙස මෙම නිකුතුව සිදු සිදුකෙරුණු අතර, මෙයින් ලැබෙන අරමුදල් සැලසුම්ගත ණය ලබාදීම් සඳහා යොදවනු ඇත. කොළඹ කොටස් වෙළෙඳපොලේ ලැයිස්තුගත කොට සාධාරණත්වය හා විනිවිදභාවය සහතික කරන ලද මෙම ණයකර නිකුතුව වසර 5 ක කල්පිරීමක් සහිතව, 13.20% (AER 13.20%) වාර්ෂික ස්ථාවර පොලී අනුපාතිකයකින්, වාර්ෂික පොලී ගෙවීමක් සහිතව ආයෝජකයන්ට ලබාදේ.

ෆස්ට් කැපිටල් ලිමිටඩ් ආයතනයේ නිකුතු කළමනාකාරීත්වයෙන් සිදුවූ මෙම ණයකර නිකුතුවෙහි හැටන් නැෂනල් බැංකුව (පීඑල්සී) භාරකරු ලෙසත් සම්පත් බැංකුව (පීඑල්සී) ප්‍රධාන බැංකුකරු ලෙසත් SSP කෝපරේට් සර්විසස් ප්‍රයිවට් ලිමිටඩ් රෙජිස්ටාර් ලෙසත් නිත්‍යා පාට්නර්ස් නීති උපදේශක ලෙසත්, නිකුතුවට අදාල වාර්තාතබන ගිණුම්කරුවන් ලෙස Ernst & Young ආයතනයත් සමාගම් විගණනකයන් ලෙස KPMG ආයතනයත් සම්බන්ධ වූ අතර ණය ශ්‍රේණිගත කිරීම ෆිච් රේටින්ග්ස් ලංකා ලිමිටඩ් විසින් සිදුකරන ලදී. සියපත ෆිනෑන්ස් පීඑල්සී මෙම ණයකර නිකුතුව සමග සිය මූල්‍ය ස්ථාවරත්වය නැවත වරක් ශ්‍රී ලාංකීය මූල්‍ය වෙළෙඳපොළ වෙත ප්‍රකට කොට තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments