asd
Friday, October 18, 2024
spot_imgspot_imgspot_img
HomeBiz NewsHUTCH Sri Lanka අඛණ්ඩව 10 වන වරටත් “ඩිජිටල් දන්සල” පවත්වයි....

HUTCH Sri Lanka අඛණ්ඩව 10 වන වරටත් “ඩිජිටල් දන්සල” පවත්වයි….

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විදුලි සංදේශ ජාලයක් වන HUTCH Sri Lanka ,වෙසක් උත්සවය සැමරීම නිමිති කොටගෙන අඛණ්ඩව 10 වන වසරටත් ඩිජිටල් වෙසක් දන්සල පවත්වන ලදී. “ඩිජිටල් වෙසක් දන්සල” සංකල්පය ශ්‍රී ලංකාවේ දියත් කළ ප්‍රථම දුරකථන සේවා සැපයුම් සමාගම වන්නේ ද HUTCH Sri Lanka ය. මෙම දන්සැල මගින් සියලු වයස්වල සහ සියලු තරාතිරම්වල ශ්‍රී ලාංකිකයන්ට  දත්ත, ඇමතුම් සහ කෙටි පණිවිඩ වැනි ඩිජිටල් සේවාවන් නොමිලේ ලබා දීමට කටයුතු කරන ලදී.

ඒ අනුව, මෙවර ඩිජිටල් වෙසක් දන්සල ඔස්සේ HUTCH පාරිභෝගිකයින්ට පැයක කාලයකදී unlimited data, , ඕනෑම ජාලයකට unlimited calls, unlimited HUTCH to HUTCH කෙටි පණිවිඩ සේවාව ලබා ගැනීමේ හැකියාව ලබා දී තිබුණි. මෙම ඩිජිටල් වෙසක් දන්සැලෙන් ලබා දෙන දීමනා 2024 මැයි 23 සහ 24 යන දිනවල HUTCH පාරිභෝගිකයින් සඳහා පමණක් *322# ඇමතීමෙන් හෝ HUTCH Self Care App හරහා සක්‍රිය කිරීමෙන් ලබා ගැනීමට හැකිවිය. මෙම සෑම සේවාවක්ම කිසිදු දත්ත සීමාවකින් තොරව හෝ වෙනත් සීමාවකට ලක් වීමකින් තොරව සම්පූර්ණ පැයක කාලයම භුක්ති විදීමේ අවස්ථාව HUTCH Sri Lanka සමාගම සිය පාරිභෝගිකයින් සඳහා උදාකර දී තිබුණි.

මෙම අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් Hutch Sri Lanka හි ප්‍රධාන අලෙවි නිලධාරී හම්ඩි හසන් පැවසුවේ, මෙම පුරෝගාමී සේවාව අඛණ්ඩව 10 වන වරටත් සංවිධානය කිරීමට හැකිවීම Hutch සමාගමට  මහත් සතුටක් මෙන්ම ගෞරවයක් ගෙන දෙන්නක් වන අතරම,  ඩිජිටල් දන්සැල හදුන්වා දුන් ප්‍රථම දුරකථන සේවා සමාගම ලෙස ඔවුන් සෑම වසරකම වෙසක් දිනයේ දී HUTCH පාරිභෝගිකයින්ට මෙම සත්කාරය ලබා දීමට කටයුතු කරන බවයි. මේ අනුව,  HUTCH පාරිභෝගිකයින් තම සමාගමට ඇති පක්ෂපාතීතවය පිළිගැනීමටත්, සියලු ශ්‍රී ලාංකිකයින්ට අසමසම සම්බන්ධතාවයක අත්දැකීම ලබා දීමට Hutch Sri Lanka සිදුකරන කැපවීමද මෙම ඩිජිටල් දන්සැල ඔස්සේ පිළිබිඹු වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments