asd
Friday, October 18, 2024
spot_imgspot_imgspot_img
HomeBiz NewsSLT-MOBITEL නවීනතම ඩිජිටල් ජීවන රටා විසඳුම් පිරිනැමීම සඳහා Connex 360 සමග එක්වෙයි...

SLT-MOBITEL නවීනතම ඩිජිටල් ජීවන රටා විසඳුම් පිරිනැමීම සඳහා Connex 360 සමග එක්වෙයි ..

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, පසුගියදා Connex 360 සමග ක්‍රමෝපායික හවුල්කාරීත්වයකට එළඹීමට කටයුතු කරතිබේ. Connex 360 යනු ව්‍යාපාර සඳහා නවීනතම තොරතුරු තාක්ෂණ සේවා සපයන සමාගමක්වන අතර, මහල් නිවාස සහ සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘති ක්‍රියාවට නංවන සමාගම් සඳහා දුරකථන සන්නිවේදන යටිතල පහසුකම් ඇතුළුව පරිපූර්ණ සුහුරු ගොඩනැගිලි විසඳුම් පිරිනැමීම මෙම හවුල්කාරීත්වයේ අරමුණ වී ඇත.

මේ සඳහා වූ ගිවිසුමට SLT-MOBITEL සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ජානක අබේසිංහ මහතා සහ Connex 360 සමාගමේ ප්‍රධාන ජාත්‍යන්තර සම්බන්ධතා නිලධාරී පැට්‍රික් රජීව් යෝගරත්නම් මහතා විසින් අත්සන් තබන ලදී. එම අවස්ථාවට දෙපාර්ශ්වයේ තවත් නියෝජිතයෝ පිරිසක් සහභාගී වූහ.

මෙම ගිවිසුම ඔස්සේ දෙපාර්ශ්වයේ ශක්තීන් එක්තැන් කරමින් පාරිභෝගිකයන්ට විශිෂ්ටතම සේවා එකතුවක් පිරිනැමීමට සමාගම් දෙකට හැකියාව ලැබෙනු ඇත. මේ යටතේ අධිවේගී අන්තර්ජාල සම්බන්ධතා, සුහුරු නිවාස විසඳුම්, විනෝදාස්වාද සේවා සහ ඉහළ තලයේ ආරක්ෂක විසඳුම් ඇතුළු තවත් විසඳුම් හා සේවා රාශියක් පිරිනැමීමට සැලසුම්කර තිබේ.

මීට අමතරව, නිවාස ව්‍යාපෘති සිදුකරන සමාගම්වලට අතිශයින් වැදගත්වන ඇතුළු වීම් පාලනය කිරීමේ ක්‍රම, අමුත්තන් කළමනාකරණය කිරීමේ ක්‍රම, මහජන ඇමතුම් ක්‍රම, සුහුරු නිවාස ශ්‍රව්‍ය පද්ධති, බාහිර නාද පද්ධති, හඬ එලාම් පද්ධති, නෙට්වර්ක් ස්විච්, රැහැන් රහිත පිවිසුම් ස්ථාන වැනි විසඳුම් පිරිනැමීමටද හැකි වනු ඇත. මෙම සේවා පිරිනැමීම සහ නඩත්තු කිරීම සිදුකරනු ලබන්නේ Connex 360 විසිනි. මෙය නිවාස ඉදිකිරීම් සමාගම්වලට, තම පාරිභෝගිකයන්ට විශිෂ්ටතම ඩිජිටල් අත්දැකීම් පෙළක් තිළිණ කිරීමට මහෝපකාරී වනු ඇත.

මේ සඳහා අවශ්‍යවන නවීනතම ෆයිබර් සම්බන්ධතා පහසුකම් සහ අනෙකුත් දුරකථන සන්නිවේදන පහසුකම් පිරිනමනු ලබන්නේ SLT-MOBITEL විසිනි.

තාක්‍ෂණයේ දියුණුව ජනතාවගේ යහපත වෙනුවෙන් යෙදවීම සඳහා දක්වන උනන්දුවෙහි ප්‍රතිඵලයක් වශයෙන් SLT-MOBITEL සහ Connex 360 විසින් මෙම හවුල්කාරීත්වය ඇතිකරගන්නා ලදී. සමාගම් දෙකේ ශක්තිය එක්තැන් කිරීම තුළින් මෙරට ඩිජිටල් ජීවන රටා සම්බන්ධ නව මාන සනිටුහන් කිරීමට දෙපාර්ශ්වයට හැකියාව ලැබෙනු ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments