asd
Saturday, October 19, 2024
spot_imgspot_imgspot_img
HomeBiz NewsHonda සන්නාමය සහිත ව්‍යාජ අමතර කොටස් විකිණීම පිළිබඳව විමර්ෂණ වැඩපිළිවෙලක් දියත් කරයි...

Honda සන්නාමය සහිත ව්‍යාජ අමතර කොටස් විකිණීම පිළිබඳව විමර්ෂණ වැඩපිළිවෙලක් දියත් කරයි…

ව්‍යාජ අමතර කොටස් නීතිවිරෝධී ලෙස විකිණීමට එරෙහිව පියවර ගනිමින් Honda මෝටර් සමාගම කොළඹ අපරාධ කොට්ඨාශයේ (CCD) සහාය ඇතිව ඒ පිළිබදව විමර්ෂණ ආරම්භ කර ඇත. කුරුණෑගල, රත්නපුර, හෝමාගම සහ පංචිකාවත්ත යන ප්‍රදේශයන්  හි පසුගිය දිනවල සිදු කළ අපරාධ වැටලීම්වල ප්‍රතිඵලයක් ලෙස Honda සන්නාමය සහිත ව්‍යාජ අමතර කොටස් අලෙවි කළ බෙදා හරින්නන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.  පාරිභෝගිකයන්ගේ ආරක්ෂාවට දැඩි අවදානමක් එල්ල කරන ව්‍යාජ කොටස් මෙම අලෙවිකරුවන් විසින් ඇසුරුම් කර අලෙවි කරන බවට විමර්ෂණවල දී අනාවරණය විය.

මෙම නීතිවිරෝධී කටයුතු නැවැත්වීමට Honda සන්නාමය සහිත ව්‍යාජ කොටස් අලෙවි කිරීමේ සැපයුම් ජාලය අත්හිටවීමේ අරමුණ ඇතිව පොලිස් පරීක්ෂණ මේ වන විටත් ක්‍රියාත්මක කර ඇත. මෙම ව්‍යාජ කොටස් නිසා මෝටර් රථවලට හානි හා උපද්‍රව සිදු වීමෙන් පාරිභෝගිකයන් ආරක්ෂා කර ගැනීම සඳහා බලධාරීන් අපේක්ෂා කරයි.

කොළඹ අපරාධ කොට්ඨාශයේ (CCD) සහයෝගය ඇතිව මෙවැනි වැටලීම් ඉදිරියේදීත් ක්‍රියාත්මක කරන බව Honda මෝටර් සමාගමේ නිළධාරීන් විසින් අවධාරණය කෙරිණි. ව්‍යාජ අමතර කොටස් අලෙවි කිරීම සම්බන්ධයෙන් වාර්තා කරන ලද පාරිභෝගික පැමිණිලි මත වැඩි අවධානයක් යොමු කරමින් මෙම වැටලීම් මෙහෙයවනු ලබයි. මෙම ව්‍යාජ කොටස් භාවිතය වාහනයේ  අඛණ්ඩ පැවැත්මට හානිදායක ලෙස බලපෑම් කරන අතර, රියදුරන් හා මගීන්ට  බරපතළ ආරක්‍ෂිත තර්ජන සහ ජීවිත අවදානම් පවා ඇති කිරීමේ අවදානමකට මුහුණ දීමට සිදු වේ.

පාරිභෝගිකයින්ගේ ආරක්‍ෂාව ඉතා වැදගත් බව තවදුරටත් අවධාරණය කරන Honda සමාගම, නියම අමතර කොටස් මිලදී ගැනීමේ දී වඩාත් සැළකිලිමත්ව කටයුතු කරන ලෙස පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටියි.  බලයලත් අලෙවි නියෝජිතයන් විසින් අලෙවි කරන නියම අමතර කොටස් ඉහළම ආරක්ෂාවක් සහ වඩාත් හොඳ කාර්ය සාධනයක් සහතික කරන බැවින් ඒ මත පමණක් විශ්වාසය තබමින් නියම අමතර කොටස් මිලදී ගැනීමට කටයුතු කරන ලෙස පාරිභෝගිකයින් දැනුවත් කරයි.  Honda හි උසස් තත්ත්වයේ ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි ප්‍රශස්ත ක්‍රියාකාරීත්වය සහ විශ්වසනීයත්වය සහතික කරමින් නියම අමතර කොටස් නිර්මාණය කර පරීක්ෂාවන්ට ලක් කර ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments