asd
Friday, October 18, 2024
spot_imgspot_imgspot_img
HomeNewsජාත්‍යන්තර නිදහස් සභා 11,500ක් බිශොප් කර්බි ද ලැනරොල්ගේ අධීක්ෂණය යටතට ..

ජාත්‍යන්තර නිදහස් සභා 11,500ක් බිශොප් කර්බි ද ලැනරොල්ගේ අධීක්ෂණය යටතට ..

ලංකා අපෝස්තලික දයෝසීසය (ADC) ඉන්දියානු අපෝස්තලික රදගුරු පදවිය (INA) සමග ඇති කරගත් සහයෝගීතාව ඔස්සේ ගෝලීය වශයෙන් සිය මෙහෙවර ව්‍යාප්ත කිරීමක් නිවේදනය කරයි. ජාත්‍යන්තර ස්වාධීන අපෝස්තලික රදගුරු සභාව (IIADS) හි නව ප්‍රධාන ලේකම් ලෙස ගරු ආචාර්ය කර්බි ද ලැනරෝල් බිශොප්තුමා පත්වීමත් සමග ශ්‍රී ලංකාවේ ඇති දේවස්ථාන 670 න් ඔබ්බට ගොස් ඉන්දියාවේ, මැදපෙරදිග, ඕස්ට්‍රේලියාවේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ ඇති දේවස්ථාන 11,000 කට අවස්ථාවක් ලබා දීමට කටයුත කොට තිබේ.

පසුගිය දශකයක කාලය තුළ ලංකා අපෝස්තලික දයෝසීසය (ADC) ශ්‍රී ලංකාවේ නිදහස් හා ස්වාධීන දේවස්ථාන සඳහා සේවය, ආවරණය සහ නියෝජනය සපයමින් සිටි. ලංකා අපෝස්තලික දයෝසීසය (ADC) පාසල දැනට දිවයින පුරා සිටින දේවගැතිවරුන් සහ ක්‍රිස්තියානි නායකයින් 400කට පුහුණු ලබා දෙයි.

ඔහුගේ නායකත්වය මගින් සංහිඳියාව සහ ජාතිය ගොඩනැගීම සඳහා වූ නොසැලෙන කැපවීම පෙන්නුම් කරන අතර, එය ආගමික සහජීවනය සහ යුක්තිය පෝෂණය කරන අන්තර්-ආගමික සංවාදයක් සඳහා ද සහාය වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments