asd
Friday, October 18, 2024
spot_imgspot_imgspot_img
HomeBiz Newsරිට්ස්බරි සහය දිවීමේ තරගාවලිය 2024’ අතිසාර්ථක ලෙස නිමා වෙයි...

රිට්ස්බරි සහය දිවීමේ තරගාවලිය 2024’ අතිසාර්ථක ලෙස නිමා වෙයි…

රිට්ස්බරි සහය දිවීමේ තරගාවලිය 2024, බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේදී අතිශය උත්කර්ෂවත් ලෙස තෙදිනක් පුරා පැවැති අතර පසුගියදා අතිසාර්ථක ලෙසින් නිමාව සනිටුහන් කළේය. අධ්‍යාපන අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය එක්ව සංවිධානයකරන රිට්ස්බරි සහය දිවීමේ තරගාවලියේ එකම නිල අනුග්‍රාහක ලෙස කටයුතු කරන්නේ රිට්ස්බරි සන්නාමයයි.

දිවයින පුරා පාසල් 220ක් නියෝජනය කරමින් කාණ්ඩ කිහිපයක් යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 4,000කට අධික පිරිසක් මෙවරද තරගාවලිය සඳහා සහභාගී වී සිටියහ. රිට්ස්බරි සහය දිවීමේ තරගාවලිය, ශ්‍රී ලංකාවේ නවක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ විශිෂ්ට දක්ෂතා මෙන්ම අධිෂ්ඨානය, ක්‍රීඩාශීලීත්වය, සාමූහිකත්වය සහ කණ්ඩායම් හැඟීම වැනි ගුණාංග මැනැවින් ප්‍රදර්ශනය වූ අවස්ථාවක් විය.

මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලය බාලක කාණ්ඩයේ සමස්ත ශූරතාව හිමි කරගත්තේ තරගාවලිය පුරා විශිෂ්ට දක්ෂතා ප්‍රදර්ශනය කරමින් ලකුණු 87 ක් ලබාගනිමිනි. වෙන්නප්පුව ජෝශප් වාස් විද්‍යාලය සහ කොළඹ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය විසින් පිළිවෙලින් එහි දෙවැනි හා තුන්වැනි ස්ථාන දිනාගන්නා ලදී.

රිට්ස්බරි සහය දිවීමේ තරගාවලිය 2024 හි කාන්තා කාණ්ඩය තුළ ඉදිරියෙන්ම සිටි වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල ලකුණු 120 ක් ලබාගනිමින් එම කාණ්ඩයේ සමස්ත ශූරතාව හිමිකර ගැනීමට සමත් විය. මැණික්හින්න වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලය එම කාණ්ඩයේ දෙවැනි ස්ථානය දිනාගැනීමට සමත් වූ අතර, තුන්වැනි ස්ථානය ගම්පහ හෝලි ක්‍රොස් විද්‍යාලය විසින් හිමි කරගනු ලැබීය.

රිට්ස්බරි සහය දිවීමේ තරගාවලිය යනු හුදෙක් ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් කිරුළු පැළඳවීමේ අරමුණින් ඔබ්බට ගිය සුවිශේෂී තරගාවලියකි. දිවයින පුරා විසිරි සිටින අතිදක්ෂ නවක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා කුසලතා එකම තරගාවලියක් තුළදී  දැකගැනීමට ලැබුණු අවස්ථාවක් ලෙස මෙය හඳුන්වා දිය හැක. ශ්‍රී ලංකාව තුළ දරු දැරියන්ගේ ක්‍රීඩා කුසලතා නංවාලන අතරම ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර සුහදත්වයක් වර්ධනය කරවීම සඳහා මෙවැනි ක්‍රීඩා වැඩසටහන් මගින් කැපීපෙනෙන මෙහෙවරක් ඉටු වේ.  

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments