asd
Friday, October 18, 2024
spot_imgspot_imgspot_img
HomeBiz NewsScope Cinemas IMAX®️ නවතම සිනමා ශාලාව  හැව්ලොක් සිටි හි දී විවෘත කෙරෙයි...

Scope Cinemas IMAX®️ නවතම සිනමා ශාලාව  හැව්ලොක් සිටි හි දී විවෘත කෙරෙයි …

මෙරට විනෝදාස්වාද ක්ෂේත්‍රයේ නව පිටුවක් අරඹමින් Scope Cinemas ගෙන එන නවීන තාක්ෂණයෙන් සමන්විත IMAX®️ සිනමා ශාලාව  2024 ජූලි 26 වන දින හැව්ලොක් සිටි වෙළෙඳ සංකීර්ණයේ දී  විවෘත කෙරුණු අතර, එමගින් ශ්‍රී ලාංකේය සිනමා ප්‍රේක්ෂකයින් වෙත අද්විතීය රසවින්දනයක් ලබා දීමට අරමුණු කරයි.

නවීන තාක්ෂණයෙන් සමන්විත Scope Cinemas IMAX®️ සිනමා ශාලාව අති නවීන 4Kලේසර් ප්‍රක්ෂේපණ පද්ධතියකින්, සුපැහැදිලි ශබ්දවාහිනී පද්ධතියකින් හා විචිත්‍රවත් වර්ණ පරාසයකින් යුත්  දීප්තිමත් රූප රාමුවලින්  සමන්විත වන නිසා ජාත්‍යන්තර මට්ටමේ සිනමා අත්දැකීමක් මෙරට සිනමා ලෝලීන් වෙත ලබා දෙයි.

‘Precision Sound’ සඳහා  පේටන්ට් බලපත්‍රලාභී තාක්‍ෂණයකින් සමන්විත වන IMAX®️, වඩාත් පැහැදිලි බවකින් මෙන් ම  ගැඹුරු බවකින් යුත් හඬ පරාසයක් ලබා දෙන නිසා සිනමා පටය තිර ගත වන පූර්ණ කාලය පුරා සුපැහැදිලි දසුන්වලට සමගාමී ව අසමසම පැහැදිලි බවකින් හා ස්වාභාවිකත්වයෙන් යුත් ශ්‍රව්‍ය අත්දැකීමක් සහතික කරන අතර,  IMAX®️ හි ස්ථාපිත ආසන පද්ධතියේ සුව පහසු බව නිසා ම ප්‍රියජනක සිනමා අත්දැකීමක් ලබා ගැනීමේ පහසුකම් මෙරට සිනමා ලෝලීන් වෙත ලබා දෙයි.

Scope Cinemas හි අධ්‍යක්‍ෂ / ප්‍රධාන විධායක නිලධාරී තුෂාන් මීමනගේ මහතා මේ පිළිබඳ ව අදහස් දක්වමින්, “හැවිලොක් සිටි හි Scope Cinemas IMAX®️ සුපිරි සිනමා ශාලාව ආරම්භ කිරීම තුළින් ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයින් වෙත ගෝලීය මට්ටමේ සිනමා අත්දැකීමක් ලබා දීම සඳහා අපගේ කැපවීම පිළිබිඹු කරනවා.  මෙම නව සිනමා ශාලාව හරහා  සැම විටම ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් සිනමා අත්දැකීමක් ප්‍රවර්ධනය කිරීමට අපි නිරන්තරයෙන් කැප වෙනවා වගේ ම ඒ පිළිබඳව අපි සිහිපත් කරන්නේ ඉතා සතුටින්. ” යනුවෙන් ප්‍රකාශ කළේ ය.

2017 වසරේ දී සන්නාමය අලුත් කිරීමෙන් අනතුරු ව දේශීය සිනමා කර්මාන්තය තුළ කීර්තිමත් සුවිශේෂී වෙළෙඳ නාමයක් බවට පත් වී ඇති Scope Cinemas,  සිනමා ලෝලීන්ගේ සුවපහසුව වැඩි දියුණු කිරීම සඳහා නවෝත්පාදන රාශියක් හඳුන්වා දී ඇත.

මේ පිළිබඳ ව අදහස් දක්වමින් Scope Cinemas හි අලෙවිකරණ හා පෞද්ගලික සබඳතා ප්‍රධානී චැසී කෝටේස් මහත්මිය පැවසුවේ,  “ චිත්‍රපටයක් තිර ගත කිරීමකින් පමණක් ඔබ්බට යමින්, සෑම ශ්‍රී ලාංකිකයෙකුට ම ගෝලීය මට්ටමේ සිනමා අත්දැකීමක් ලබා දීම අපගේ අරමුණයි.  සිනමා ලෝලීන්ගේ ප්‍රවේශපත්‍ර සහ ආහාර පාන වෙන්කරවා ගැනීම සඳහා පහසුකම් සැලසීම වගේ ම,  සිනමා ශාලාවට ඇතුළු වන අවස්ථාවේ දී  ලැබෙන උණුසුම් පිළිගැනීම ඇතුළු සියලු ම සේවාවන් හරහා තෘප්තිමත් භාවය වර්ධනය කිරීමට අපි නිරන්තරයෙන් කැප වෙනවා.” යනුවෙනි.

Scope Cinemas හි විධායක සභාපති  නවීඩ් කාදර් මහතා මේ පිළිබඳ ව අදහස් දක්වමින්, “ශ්‍රී ලාංකිකයින්ට විප්ලවීය සිනමා අත්දැකීමක් ලබා ගැනීමට අවස්ථාව සැලසීම වෙනුවෙන් අපි නිරන්තරයෙන් අවධානය යොමු කරනවා.  ඒ අනුව ජාත්‍යන්තර තත්ත්වයේ  සිනමා අත්දැකීමක් ශ්‍රී ලාංකික චිත්‍රපට ලෝලීන් වෙත ලබා දීම සඳහා   IMAX®️ සමඟ අත්වැල් බැඳ ගැනීමට ලැබීම පිළිබඳ ව අපි ඉතා සතුටට පත් වෙනවා.” යනුවෙන් ප්‍රකාශ කළේය.

හැව්ලොක් සිටි හි විවෘත කෙරුණු Scope Cinemas IMAX®️ සිනමා ශාලාව ශ්‍රී ලාංකේය සිනමා ක්ෂේත්‍රය තුළ නව ප්‍රබෝධයක් ඇති කිරීමට සමත් වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, එමගින් මෙරට සිනමා රසිකයින්ට ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු, ගෝලීය මට්ටමේ සිනමා අත්දැකීමක්  ප්‍රවර්ධනය කරයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments