asd
Thursday, October 17, 2024
spot_imgspot_imgspot_img
HomeBiz Newsහල්පේ තේ සමාගම ආහාරපාන නිෂ්පාදන අංශයේ අනුශූරතාවය ලබා ගනී ..

හල්පේ තේ සමාගම ආහාරපාන නිෂ්පාදන අංශයේ අනුශූරතාවය ලබා ගනී ..

2024 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී, Vella සමූහ ව්‍යාපාරයේ අනුබද්ධිත සමාගමක් වන හල්පේ තේ සන්නාමය, ‘ආහාරපාන නිෂ්පාදන අංශයේ අනුශූරතා’ සම්මානය ලබා ගනිමින් ගුණාත්මකභාවය සහ විශිෂ්ටත්වය සඳහා වන සිය කැපවීම යළිත් වරක් තහවුරු කර ඇත. මෙම සම්මාන උළෙල ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය මගින් සංවිධානය කරන ලදී. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව, ඉහල ගුණාත්මක බවකින්  යුත් තේ නිෂ්පාදනය කිරීමට හල්පේ තේ සතු හැකියාව මෙම සම්මානය මගින් පිළිබිඹු කරයි. විවිධ ක්ෂේත්‍රයන් හි දක්ෂතා දැක්වූ විශිෂ්ඨයන් අගයමින් මෙම සම්මාන උළෙල කොළඹ ෂැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි.

තම අසමසම තේ නිෂ්පාදන නිසාවෙන් හල්පේ තේ සමාගම, තේ කර්මාන්ත අංශයේ කීර්තියක් අත්පත් කරගෙන ඇත. පසුගිය වසර පුරාවට හල්පේ තේ සමාගම විසින් දිනාගත් ජාතික සම්මාන මාලාවකින් පසුව, ලබාගත් මෙම නවතම සම්මානය මගින්, තේ කර්මාන්තයේ ප්‍රමුඛයෙකු ලෙස තම ස්ථානය තහවුරු කර ගැනීමට හල්පේ තේ සමාගම සමත් විය. 2023 වර්ෂයේදී, ශ්‍රී ලංකාවේ ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද සම්මාන උළෙලේදී, ජාතික සම්මාන තුනකින් පිදුම් ලැබීමට හල්පේ තේ සමාගමට හැකියාව ලැබුණි. එහිදී ඔවුන් 2023 වසරේ වඩාත්ම කැපී පෙනෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අපනයනකරු ලෙස පිදුම් ලැබූ අතර, තේ සහ තේ නිෂ්පාදන අංශයේ රන් සම්මානය ද ලබා ගත්හ. එමෙන්ම මෙම සමාගම දේශබන්ධු පැට්‍රික් අමරසිංහ අභියෝගතා කුසලානය ද තමා සතු කර ගැනීමට සමත් විය.

මෙම සෑම සම්මානයක් මගින්ම හල්පේ තේ සමාගමේ විශිෂ්ටත්වය, කාර්යශූර බව සහ කැපවීම ඉස්මතු කරන අතර, දේශීය මෙන්ම  ජාත්‍යන්තර මට්ටමෙන්  සාර්ථක වීමට සහ තරග කිරීමට ඔවුන් සතු හැකියාව මනාව පෙන්නුම් කරයි. සේවක කණ්ඩායම්වල සාමූහික උත්සාහය, ක්‍රියාකාරීත්වය මෙන්ම පාරිභෝගිකයින්ගේ පක්ෂපාතිත්වය සහ සහයෝගය ද ඔවුන්ට මෙම සම්මානය ලබා ගැනීමට උපකාරී වී ඇත.

“2024 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී ‘ආහාරපාන නිෂ්පාදන අංශයේ අනුශූරතා’ සම්මානයෙන් පිදුම් ලැබීම පිළිබදව අපි සතුටු වෙනවා. එය අපගේ විශිෂ්ඨ කණ්ඩායමේ වෙහෙස මහන්සියේ, කැපවීමේ මෙන්ම පාරිභෝගිකයන්ගේ විශ්වසනීය සහයෝගයේ සැබෑ පිළිබිඹුවක්. මෙම සම්මානය පිළිබඳව, අප සැබවින්ම කෘතඥ වන අතර ලොව පුරා සිටින අපගේ පාරිභෝගිකයන් වෙත හොඳම තේ නිෂ්පාදන ලබා දීමට ඉදිරියටත් මෙලෙස කැපවීමට අප බලාපොරොත්තු වෙනවා” යනුවෙන් හල්පේ තේ සමාගමෙහි සම නිර්මාතෘවරුන් වන චාමර, රංග සහ එරන්ද අබේරත්න පැවසීය.

ඉදිරියේ දී, හල්පේ තේ සමාගම තව දුරටත් සාර්ථක වෙමින් තේ කර්මාන්තයේ විශිෂ්ටත්වය කරා යාමට අරමුණු කරගෙන ඇත. ගුණාත්මකභාවය , විශිෂ්ටත්වය සහ නවෝත්පාදනයන් සඳහා වන සිය ස්ථීර කැපවීම සමඟින්, ඉදිරි වසරවලදී වඩාත්  ඉහළ මට්ටමක් කරා ළඟා වීමට මෙම සමාගම අපේක්ෂා කරයි.

හල්පේ තේ සමාගම යනු අබේරත්න සහෝදරයන් විසින් සම-ආරම්භ කරන ලද Vella සමූහ ව්‍යාපාරයෙහි සාඩම්බර සාමාජිකයෙකි. Vella සමුහ ව්‍යාපාරය සම්මානලාභී නිෂ්පාදන රාශියක් සහිත කර්මාන්ත රාශියක් හරහා විහිදේ. මෙයට 98 Acres Resort, Ravana Pool Club සහ Flying Ravana Adventure Park, ඌව හල්පේවත්ත තේ කර්මාන්ත ශාලාව සහ බොහෝ ව්‍යාපාර ආයතන ඇතුළත් වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments