asd
Thursday, October 17, 2024
spot_imgspot_imgspot_img
HomeBiz NewsHNB ජෙනරල් ඉන්ෂුවරන්ස් ශ්‍රී ලංකාවේ හොඳම බැංකු රක්ෂණ සමාගම වශයෙන් ගෞරවයට පාත්‍ර...

HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් ශ්‍රී ලංකාවේ හොඳම බැංකු රක්ෂණ සමාගම වශයෙන් ගෞරවයට පාත්‍ර වේ ..

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය රක්ෂණ සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම එක්සත් රාජධානියේ කීර්තිමත් Global Banking and Finance Review සඟරාව විසින් 2024 වසරේ ශ්‍රී ලංකාවේ හොඳම බැංකු රක්ෂණ සමාගම වශයෙන් ගෞරවයට පාත්‍ර වී ඇත.

මෙම ගෞරවණීය ජාත්‍යන්තර සම්මානය හරහා HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම බැංකු රක්ෂණ ක්ෂේත්‍රය තුළ අත්පත් කරගෙන ඇති විශිෂ්ටත්වය සහ ඒ වෙනුවෙන් දක්වන කැපවීම ඇගයීමට ලක් කෙරෙන අතර සිය බැංකු හවුල්කරුවන් සමඟ සවිමත් සබඳතා ගොඩනඟා ගනිමින්, නව්‍ය විසඳුම් හරහා පාරිභෝගිකයින් හට ලබා දුන් අද්වීතීය සේවය HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සම්මානය සඳහා සළකා බැලුණු සුවිශේෂී සාධකයන් ලෙස හැඳින්විය හැකිය. මෙම සම්මානය HNB ජෙනරල් ඉන්ෂුවරන්ස්හි බැංකු රක්ෂණ කණ්ඩායමේ දැඩි කැපවීම සහ පසු නොබස්නා දිරිය වෙනුවෙන් ලැබුණු ඇගයීමක් වශයෙන් සමාගමේ කළමනාකාරීත්වය සළකයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සිතුමිණ ජයසුන්දර මහතා පැවසුවේ, “HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම ඉතා දීර්ඝ කාලයක් පුරා බැංකු රක්ෂණ සේවාවේ විශිෂ්ටතම ප්‍රථිඵල අත්පත් කර ගැනීම සඳහා ඉතා කැපවීමෙන් කටයුතු කර තිබෙනවා. එනිසා මේ සම්මානය සැබැවින්ම අපේ බැංකු රක්ෂණ කණ්ඩායමේ කැපවීමට ලැබුණු ගෞරවණීය පිළිගැනීමක් වශයෙන් අපි සළකනවා. ඒ වගේම මේ සම්මානය සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රය තුළ අපි අත්පත් කරගෙන ඇති සාර්ථකත්වය පෙන්නුම් කරන ජයග්‍රහණයක්. අපේ පාරිභෝගිකයින් සහ ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් මේ සාර්ථකත්වය ඉදිරියටම පවත්වා ගෙන යාම අපේ බලාපොරොත්තුවයි.”

“ශ්‍රී ලංකාවේ හොඳම බැංකු රක්ෂණ සේවාව වශයෙන් ගෞරවයට පාත්‍ර වීම මෙම ක්ෂේත්‍රය තුළ අපි ලබා ඇති සාර්ථකත්වය හොඳින්ම තහවුරු කරන අවස්ථාවක්. කණ්ඩායමක් වශයෙන් සාමූහික කැපවීම තුළින් ලබාගත් මෙම ජයග්‍රහණය අපේ සාර්ථකත්වය අඛණ්ඩවම පවත්වා ගෙන යාමට අපව තව තවත් දිරිමත් කරනවා.” යැයි HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ ශාඛා ජාල සහ බැංකු රක්ෂණ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ප්‍රසන්න විජේසිංහ මහතා පැවසීය.

HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ බැංකු රක්ෂණ සහකරු වන හැටන් නැෂනල් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී, ශාඛා ජාල ව්‍යාපාර සුපුන් ඩයස් මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසුවේය. “HNB සමූහයේ සාමාජික ආයතන දෙකක් වශයෙන් හැටන් නැෂනල් බැංකුව සහ HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් රක්ෂණ සමාගම සහයෝගීතාවය සහ ශක්‍යතාවයන් සුසංයෝගය හරහා ලබා ගත් විශිෂ්ට සාර්ථකත්වය ජාත්‍යන්තර ඇගයීමට පාත්‍ර වීම අපට විශාල සතුටක්.”

එක්සත් රාජධානියේ Global Banking and Finance Review සඟරාව ජාත්‍යන්තර මූල්‍ය ක්ෂේත්‍රය සම්බන්ධ ප්‍රවෘත්ති විශ්ලේෂණ සහ තොරතුරු සම්පාදනය කරන කීර්තිමත් අන්තර්ජාල සහ මුද්‍රිත සඟරාවකි. Global Banking and Finance Review සම්මාන ගෝලීය මූල්‍ය ක්ෂේත්‍රය තුළ ගෞරවණීයතම ඇගයීමක් වන අතර සම්මාන සඳහා තෝරා ගැනීම සමාගමක සාර්ථකත්වය, නව්‍යකරණය, පාරිභෝගික සේවය සහ ක්ෂේත්‍රයට දක්වන දායකත්වය වැනි කාරණා ගණනාවක් විශ්ලේෂණයට භාජනය කරන ක්‍රමවේදයක් හරහා සිදු කෙරේ.

ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රය තුළ ප්‍රමුඛ සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම මෙම ගෞරවණිය ඇගයීමෙන් තවදුරටත් දිරිමත්ව නව්‍යකරණය, පාරිභෝගික කේන්ද්‍රීයතාවය කෙරෙහි කැපවෙමින් ශ්‍රී ලාංකික රක්ෂණ ක්ෂේත්‍රයේ තිරසාර ප්‍රගමනය සහ සංවර්ධනයට අඛණ්ඩවම දායකත්වය සැපයීමට අපේක්ෂා කරයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments