asd
Thursday, October 17, 2024
spot_imgspot_imgspot_img
HomeBiz News2024 ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී Neptune Recyclers ලෝකඩ සම්මානයෙන් පිදුම්...

2024 ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී Neptune Recyclers ලෝකඩ සම්මානයෙන් පිදුම් ලබයි..

ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අපද්‍රව්‍ය කළමනාකරණයේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක් වන Neptune Recyclers, 2024 ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී ‘ඝන අපද්‍රව්‍ය ප්‍රතිසාධනය/ප්‍රතිචක්‍රීකරණය’ යන අංශයේ ලෝකඩ සම්මානයෙන් පිදුම් ලැබීය. මධ්‍යම පරිසර අධිකාරිය විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල, ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, 2024 ජුනි 28 වැනි දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ (BMICH) පැවැත්විණි.

Neptune Recyclers හි කළමනාකාර අධ්‍යක්ෂ අබ්දුල්ලා කාසිම් මහතා, විධායක අධ්‍යක්ෂ රිසාන් ජව්ෆර් මහතා ප්‍රධාන විධායක නිලධාරී ෆස්ලීන් මජීඩ් මහතා මෙම අවස්ථාවට සමාගම නියෝජනය කරමින් සහභාගී වූ අතර මෙම සම්මානය මඟින් සමාගමේ විශිෂ්ටත්වය සහ පරිසර සුරක්ෂිතාව කෙරෙහි ඔවුන්ගේ ඇති කැපවීම මනාව නිරූපණය වෙයි.

කළමනාකාර අධ්‍යක්ෂ අබ්දුල්ලා කාසිම් මහතා මෙම සම්මානය වෙනුවෙන් තම අභිමානය සහ කෘතඥතාව පල කරමින් මෙසේ ප්‍රකාශ කළේය. “මෙලෙස සම්මානයෙන් පිදුම් ලැබීම පිළිබදව අප නිහතමානීව ආඩම්බර වෙමු. මෙය අපගේ කළමනාකාරිත්වය සහ සේවකයින් විසින් දරන ලද නොපසුබස්නා උත්සාහයේ සැබෑ සාක්ෂියක් වන අතර, මම ඒ වෙනුවෙන් ඔවුනට මාගේ කෘතඥතාව පල කරනවා. අප තිරසාර සංවර්ධනය වෙනුවෙන් කැපවී සිටින අතර, මෙම ජයග්‍රහණය සමරන අතරම වටිනා පරිසරය සුරැකීමට අප හා එක්වන ලෙස සියලුම ශ්‍රී ලාංකිකයන්ට ආරාධනා කරනවා.”

මෙම සුවිශේෂී ජයග්‍රහණයට හේතු වී ඇත්තේ Neptune Recyclers මඟින් ශ්‍රී ලංකාවේ චක්‍රීය ආර්ථික රටාව  ප්‍රවර්ධනය කිරීමට දරන උත්සාහය සහ පරිසරය සංරක්ෂණය සඳහා ඔවුන් දක්වන අසමසම කැපවීමයි. වසර 30 කට අධික කාලයක් පුරා අපද්‍රව්‍ය, වටිනා නිෂ්පාදන බවට පත් කරමින් ඒවාට නව ජීවයක් ලබාදීමට මෙම සමාගම කටයුතු කරයි. මෙමගින් ශ්‍රී ලාංකිකයන්ට  තිරසාර මෙන්ම වගකීම් සහගත කසළ කළමනාකරණය පිළිබඳව මනා අවබෝධයක් ලබා දෙයි.

වසර 30 කට අධික කාලයක් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය සහ කළමනාකරණ අංශයේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කරන Neptune Recyclers එම අංශයේ නව්‍යකරණ සහ තිරසාරභාවයේ සංකේතයක් ලෙස හැදින්විය හැකිය. Ex-Pack Corrugated Cartons PLC හි අනුබද්ධිත ආයතනයක් සහ Aberdeen සමූහයේ සාඩම්බර සාමාජිකයෙකු වන Neptune Recyclers, අපද්‍රව්‍ය වටිනා සම්පත් බවට පරිවර්තනය කිරීම මඟින් සියලු දෙනාටම හරිත සහ තිරසාර අනාගතයක් ගොඩනැගීම පිළිබඳව ඉතා වටිනා ආදර්ශයක් සපයයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments