asd
Wednesday, October 16, 2024
spot_imgspot_imgspot_img
HomeBiz News Casio ශ්‍රී ලංකාව තුළ සිය ස්ථාවරත්වය තහවුරු කරමින් පාරිභෝගික අවශ්‍යතා සුරැකීමට...

 Casio ශ්‍රී ලංකාව තුළ සිය ස්ථාවරත්වය තහවුරු කරමින් පාරිභෝගික අවශ්‍යතා සුරැකීමට කැප වෙයි…

ජපානය මූලික කොට ගත් Casio Computer Co. Ltd ශ්‍රී ලාංකේය පාරිභෝගික සුරක්ෂිතාව වෙනුවෙන් සිය මෙහෙයුම් ඉහළ නැංවීමේ සුවිශේෂී වැඩපිළිවෙලක් පසුගියදා ක්‍රියාත්මක කරන ලදී. ඔවුන් එම ක්‍රියා මාර්ගය ගනු ලැබුවේ මෙරට වෙළෙඳපොල තුළ ඉහළ යමින් පවතින ව්‍යාජ Casio නිෂ්පාදනයන්ට එරෙහිව සටන් කිරීම හා පාරිභෝගිකයින් ආරක්ෂා කිරීම සඳහා වන සමූහයේ ෂඡ බලාත්මක කිරීමේ පියවරක් ලෙසයි.

කොළඹ අපරාධ කොට්ඨාශය (CCD),Casio India සමාගම සමඟ එක්ව පසුගිය මාර්තු මාසයේදී මෙරට විශාලතම සිල්ලර වෙළෙඳසැල් 3ක වැටලීම් සිදු කරන ලදී. ඊට අලෙවිසැල් 2ක් සහ ගබඩාවක් අයත් වූ අතර එහිදී ව්‍යාජ Casio ඔරලෝසු, G-SHOCK ඔරලෝසු සොයා ගැනීමට ඔවුන්ට හැකියාව උදා විය. මෙම මෙහෙයුම තුළින් ව්‍යාජ ඔරලෝසු කිහිපයක් අත්අඩංගුවට ගත් අතර නීතිමය කටයුතු සඳහා එම අලෙවිසැල්වල නියෝජිතයින් අත්අඩංගුවට ගැනීමටද කටයුතු කරන ලදී. පසුව එම ව්‍යාජ Casio නිෂ්පාදන සම්බන්ධයෙන් වරද පිළිගත් එම අලෙවිසැල් හිමියන්ට දඩ නියම කිරීමද සිදු විය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ Casio India හි නීති ප්‍රධානී, Gurmeet Singh මහතා සඳහන් කර සිටියේ “අපි සෑම විටම ව්‍යාජ Casio නිෂ්පාදන වෙළෙඳපොලෙන් ඉවත් කරමින් පාරිභෝගිකයින් වෙත නියම Casio නිෂ්පාදන ලබා ගැනීමේ අවස්ථාව තහවුරු කිරීමට කටයුතු කරනවා. පාරිභෝගික අවශ්‍යතා සහ සන්නාමය ඉදිරියට ගෙන යාම සඳහා වන අපගේ කැපවීම ඒ තුළින් මනාව අවධාරණය කිරීමට අපට හැකි වී තිබෙනවා.

ව්‍යාජ නිෂ්පාදන අලෙවි කරන්නන්ට එරෙහිව කඩිනම් ක්‍රියා මාර්ග ගැනීම සඳහා අප වෙත ලබා දුන් සහයෝගය පිළිබඳව අදාළ ආයතනික බලධාරීන් වෙත අපගේ ස්තුතිය පුද කරන අතර අපගේ පාරිභෝගිකයින්ගේ සුරක්ෂිතතාව වෙනුවෙන් ඉදිරියේදීත් ඔවුන් සමඟ සමීපව කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙනි.

නිර්මාශීලීත්වය හා දායකත්වය තේමාව කරගත් Casio නවතම නිෂ්පාදන පාරිභෝගිකයා වෙත ලබා දීම, ගුණාත්මකභාවය සහ විශ්වසනීයත්වය සහතික කිරීම, පාරිභෝගික අවශ්‍යතාවන්ට ගැලපෙන නිෂ්පාදන සඳහා ප්‍රමුඛත්වය ලබාදීම, ඔවුන්ගේ විවිධ අවශ්‍යතා සපුරාලීම සහ සමාජ හා පාරිසරික වගකීම් ඉටු කිරීම තුළින් පාරිභෝගිකයා වෙත සුවිසල් සේවාවක් සලසනු ලබයි. ශ්‍රී ලංකාවේ මෙන්ම අනෙකුත් රටවල ව්‍යාජ නිෂ්පාදන වෙළෙඳපොලවලට එරෙහිව සටන් කිරීමට මෙන්ම පාරිභෝගිකයින් ව්‍යාජ නිෂ්පාදනයන්ගෙන් ආරක්ෂා කර ගැනීමට ඔවුන් දැනුවත් කිරීමටද Casio කටයුතු කරයි.

මෙහි එක් පියවරක් ලෙස පාරිභෝගිකයින් විසින් මිලදී ගන්නා Casio නිෂ්පාදනයන්හි නිවැරදි බව හා ගුණාත්මක බව තහවුරු කිරීම සඳහා බලයලත් අලෙවි හවුල්කරුවන්, අලෙවිසැල් හා වෙබ් හවුල්කරුවන්ගෙන් පමණක් Casio නිෂ්පාදන මිලදී ගන්නා ලෙස පාරිභෝගිකයින් දැනුවත් කිරීමටද ඔවුන් කටයුතු කර තිබීම විශේෂත්වයකි. පාරිභෝගිකයින් හට නියම Casio නිෂ්පාදන සුවිශේෂී අනුක්‍රමික අංක (serial numbers), හෝලෝග්‍රැෆි ස්ටිකර් (holographic stickers&), විශේෂ නිෂ්පාදන සහ සුවිශේෂී නිර්මාණශීලීත්වය තුළින් මනාව හඳුනා ගැනීමටද Casio අවස්ථාව උදාකර දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments