asd
Thursday, October 17, 2024
spot_imgspot_imgspot_img
HomeBiz NewsCoinCeylon සහ Intersect MBO දකුණු ආසියාවේ පළමු ප්‍රජා කේන්ද්‍රය අරඹයි...

CoinCeylon සහ Intersect MBO දකුණු ආසියාවේ පළමු ප්‍රජා කේන්ද්‍රය අරඹයි…

දකුණු ආසියාවේ ප්‍රථම Intersect ප්‍රජා කේන්ද්‍රස්ථානය පසුගියදා ශ්‍රී ලංකාවේදී ආරම්භ කෙරුණා. ඒ කලාපීය කඩානෝ බ්ලොක්චේන් පද්ධතියේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමිනුයි. CoinCeylon සහ Intersect MBO සහයෝගිත්වයෙනුයි මෙය ස්ථාපිත කෙරුණේ. CoinCeylon මෙරට බ්ලොක්චේන් නවෝත්පාදන ප්‍රමුඛයා ලෙසයි මෙම කාර්යයට මුල පුරා ඇත්තේ. බ්ලොක්චේන් තාක්ෂණය නියමාකාරයෙන් හඳුනාගෙන දේශීය ප්‍රජාව තුළ ඒ පිළිබඳ ප්‍රාමාණික දැනුමක් ගොඩනැගීම තුළින් ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් කැපවීම මෙම මුලපිරීම මගින් පෙන්වා දී තිබෙනවා.

සාමාජික පාදක සංවිධානයක් ලෙස Cardano පද්ධතියේ අඛණ්ඩ පැවැත්ම වෙනුවෙන් Intersect MBO ඇප කැප වී සිටිනවා. සාමාජිකයන් වඩාත් සක්‍රීය ව සංවිධාන කරමින්, කාලයට අනුරූප ලෙස, විනිවිදභාවයෙන් යුතු Cardano ජාලයක් බිහිකිරීම Intersect MBO හි අපේක්ෂාවයි. Cardano උපයමාර්ගික කටයුතු සඳහා සක්‍රීය ව සහභාගී වීමේ අවස්ථාව ද Intersect සාමාජිකයන් සතුවනවා.

අභිනවයෙන් ස්ථාපිත කළ CoinCeylon x Intersect Sri Lanka කමියුනිටි හබ් කේන්ද්‍රස්ථානය, අධ්‍යාපනය, ජාලකරණය සහ සහයෝගිතාව වෙනුවෙන් පුළුල් වේදිකාවකි. වැඩමුළු ඇතුළු විවිධ වැඩසටහන් මගින් බ්ලොක්චේන් තාක්ෂණය පිළිබඳ දැනුම යාවත්කාලීන කරගැනීමට මේ හරහා අවකාශය හිමි වනවා. ඒ ව්‍යවසායකයන්, බ්ලොක්චේන් පිළිබඳ උනන්දුව දක්වන කණ්ඩායම් ඇතුළු විවිධ පාර්ශ්වවල සහභාගිත්වයෙනුයි. තීරණ ගැනීමට ඉඩකඩ සලසා දෙමින් ඔබගේ අනාගතය හැඩ ගස්වා ගැනීමට මෙමගින් ඔබට හැකියාව ලැබෙනු ඇති. ආරම්භක සාමාජිකයන්ට නව කමිටු පිහිටුවීමට ද අවකාශය හිමි වන අතර, විවිධ වෘත්තිකයන් සමඟ සාමුහික ව කටයුතු කිරීමට ද මෙමගින් අවකාශය සලසා දී තිබෙනවා. සියලු අන්තර්ගතයන් සිංහල සහ දෙමළ භාෂාවලින් ලබා ගැනීමට පහසුකම් සලසා දී ඇති නිසා, භාෂාමය ගැටලු මග හරවා ගනිමින් කටයුතු කිරීමට ද  CoinCeylon x Intersect Sri Lanka කමියුනිටි හබ් මගින් ඔබට ඉඩකඩ ලබා දීම විශේෂත්වයක්.

සම්මන්ත්‍රණ ආදියට සහභාගී වීමේදී වට්ටම් හිමිකරගනිමින්, බ්ලොක්චේන් පාදක ව්‍යාපාර ආරම්භ කිරීමට ද ඔබට මෙමගින් අවස්ථාව හිමි වනු ඇති. විශ්වවිද්‍යාල සහ පයf–්ෂණ ආයතන සමඟ අධ්‍යයන සහ පර්යේෂණ සහයෝගිතාවයට මුලපුරා ඇති නිසා බාධාවකින් තොර ව ක්ෂේත්‍රයේ දැනුම් පරාසය පුළුල් කරගැනිමේ අවස්ථාව ද ඔබ සතුයි. විවිධ වැඩසටහන්, ඇගයීම් සහ සම්මාන ප්‍රදානයන් තුළින් ඔබව තවදුරටත් දිරිමත් කිරීම කොයින් සිලෝන් ඉන්ටර්සෙක්ට් කමියුනිටි හබ් හි අපේක්ෂාවයි.

බ්ලොක්චේන්හි විප්ලවීය වෙනසක් තුළින් ප්‍රජාව සවිබල ගන්වා, නව්‍ය වෙනස්කම් ඇති කිරීම කොයින් සිලෝන් සහ ඉන්ටර්සෙක්ට් හරහා සපුරාලීමට අප ඇප කැප වී සිටින බව ද ඔබට දන්වන්නේ, නිහතමානී ආඩම්බරයකිනි.

● සමාජ මාධ්‍ය සබැඳි – www.x.com/Coin_Ceylon | www.x.com/IntersectSriL

●වෙබ් අඩවි: www.Intersectmbo.org | https://intersect.coinceylon.com

විද්‍යුත් තැපෑල මගින් විමසීම්: srilanka@intersectmbo.org

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments