asd
Thursday, October 17, 2024
spot_imgspot_imgspot_img
HomeBiz NewsDFCC බැංකුව Online Digital Onboarding පහසුකම හඳුන්වා දෙයි ..

DFCC බැංකුව Online Digital Onboarding පහසුකම හඳුන්වා දෙයි ..

ශ්‍රී ලංකාවට නවීනතම ඩිජිටල් බැංකු සේවාවන් හඳුන්වා දීම සඳහා පුරෝගාමී මෙහෙවරක් ඉටුකරමින් සිටින DFCC බැංකුව 100% Online Digital Onboarding පහසුකම හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය. මෙමගින් ගනුදෙනුකරුවන්ට ගිණුම් විවෘත කිරීමේදී සහ වෙනත් සේවාවන් ලබාගැනීමේදී ඊට අදාළ කටයුතු සම්පූර්ණයෙන්ම අන්තර්ජාලය ඔස්සේ සිදුකිරීමට අවස්ථාව හිමි වේ. මින් ඉදිරියට ඔවුන් බැංකු ශාඛා වෙත පැමිණ, පෝලිම්වල රැඳී සිට, ලිපිලේඛන පුරවා ඉදිරිපත් කර ගිණුම් විවෘත කිරීම අවශ්‍ය නොවන අතර, ඒ වෙනුවට ඔවුන් කළ යුත්තේ https://applyonline.dfcc.lk/ වෙත පිවිසී අදාළ ක්‍රියාපටිපාටිය අනුගමනය කිරීම පමණි. මෙම ක්‍රියාවලිය ඉතාමත් පහසුවෙන් ඉටුකර ගැනීමට හැකිවන පරිදි මෙම වෙබ් අඩවිය සැලසුම් කර ඇති අතර, ගනුදෙනුකරුවන්ට අවශ්‍ය අවස්ථාවලදී DFCC නියෝජිතයන් වෙතින් සහය ලබාගැනීමටද අවස්ථාව සලසා දී තිබේ.

වලංගු ජාතික හැඳුනුම්පතක් හෝ විද්‍යුත් ජාතික හැඳුනුම්පතක් හිමි වයස අවුරුදු 16 වැඩි ඕනෑම කෙනෙකුට (යෞවනයන්ද ඇතුළුව) ඉහත සඳහන් වෙබ් පිටුව වෙත පිවිස Digital Onboarding පහසුකම භාවිතා කළ හැකි වේ. Onborading ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ගනුදෙනුකරුවන්ට DFCC Wallet, අන්තර්ජාල බැංකුකරණ පහසුකම, විද්‍යුත් ගිණුම් ප්‍රකාශ, DFCC Alerts සේවාව සහ ඩෙබිට් කාඩ්පත් ඇතුළු සේවාවන් රාශියක් ලබාගත හැක.

100% මාර්ගගත Digital Onboarding පහසුකම හඳුන්වා දීම සම්බන්ධයෙන් DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ පාරිභෝගික බැංකුකරණ හා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සේවා අංශ ප්‍රධානී ආසිරි ඉද්දමල්ගොඩ මහතා මෙසේ අදහස් පළකළේ ය. “අප කවදත් ගනුදෙනුකරුවන්ට සුවිශේෂී, සුහදශීලී සහ කාර්යක්ෂම සේවාවක් ලබාදීමට උත්සාහ කරන බැංකුවක්. මෙම උත්සාහය තුළදී අප දුටු එක් ප්‍රධානතම දෙයක් වුණේ, ශ්‍රී ලාංකිකයන් වඩාත් පහසුවෙන් සේවාවන් ලබාගත හැකි ක්‍රම සොයමින් සිටින බවයි. ඒ නිසාම, ශ්‍රී ලංකාවට ඩිජිටල් තාක්ෂණය හඳුන්වා දීමේ මෙහෙවරේ පුරෝගාමියෙකු වශයෙන්, අදාළ පාර්ශ්ව සියල්ල සමග අත්වැල් බැඳගෙන, සැබැවින්ම ඩිජිටල් සහ මාර්ගගත onboarding පදනමක් හඳුන්වා දීමට අප පියවර ගත්තා. මෙමගින් ගනුදෙනුකරුවන්ට සියයට සියයක්ම මාර්ගගත ලෙස ගිණුම් විවෘත කිරීමට පුළුවන්. මෙය පාරිභෝගික සේවාවේ පහසුව සහ සරලත්වය සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සම්මතයන්ට සමගාමී වන සුවිශේෂී පියවරක් ලෙස හැඳින්විය හැකියි. එමෙන්ම එය කඩදාසි භාවිතය අවම කිරීම සහ ගනුදෙනුකරුවන්ට බැංකු ශාඛා වෙත පැමිණීමට සිදුවීම සීමා කිරීම වැනි තිරසාර ඉලක්ක ළඟා කරගැනීමටත් උපකාරී වෙනවා.”

මෙම නව platform එක මගින් ගනුදෙනුකරුවන්ට තවත් සුවිශේෂී පහසුකම් රැසක්ද හිමි වේ. අයදුම්පතේ තත්වය පරීක්ෂා කළ හැකි වීම, දේශීය මුදල් හා විදේශ මුදල් ගිණුම් විවෘත කිරීමට හැකි වීම මෙන්ම අයදුම්පත් අඩක් සම්පූර්ණ කර Save කර තබා, පහසු වෙලාවක ඉතිරි කොටස සම්පූර්ණ කිරීමට හැකි වීම ආදිය මීට අයත් ය.

DFCC Digital Onboarding යනු DFCC බැංකුව තම සේවාවන් සඳහා නවීනතම ඩිජිටල් තාක්ෂණය භාවිතා කිරීම සම්බන්ධයෙන් තැබූ දැවැන්ත ඉදිරි පියවරකි. එමගින් මෙරට බැංකු සේවා ක්ෂේත්‍රයේ ඩිජිටල් විප්ලවයේ පුරෝගාමියෙකු ලෙස DFCC බැංකුව සතු පිළිගැනීම තවදුරටත් තහවුරු වී තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments