asd
Thursday, October 17, 2024
spot_imgspot_imgspot_img
HomeBiz NewsHemas Consumer Brands විසින් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතියක ආයෝජනය කරයි ..

Hemas Consumer Brands විසින් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතියක ආයෝජනය කරයි ..

පාරිසරික තිරසාරභාවය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන, FMCG කර්මාන්තයේ පුරෝගාමියෙකු වන Hemas Consumer Brands විසින් අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත මෙන්ම දූෂණයෙන් තොර අනාගතයක් ගොඩනැගීම සඳහා සිය ප්ලාස්ටික් අපද්‍රව්‍ය අවම කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් වේගවත් කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ විශාලතම ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ සමාගම වන Eco Spindles (Pvt) Ltd සමඟ ක්‍රමෝපායික හවුල්කාරිත්වයක් අරඹමින්  ගාල්ලේ baling siteහි ආයෝජනය කිරීමට මෙම සමාගම කටයුතු කර ඇති අතර එහි මූලික අරමුණ වන්නේ ඉදිරි වසර 3 තුළ  ප්ලාස්ටික් කිලෝග්‍රෑම් 360,000 (මෙට්‍රික් ටොන් 360) එක්රැස් කර ගැනීමය.

මෙය 2030 වසර වන විට 100% ක් ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කිරීමේ සහ ප්‍රතිචක්‍රීකරණය කිරීමේ ඉලක්කය වෙත යන  ගමනේ වැදගත් පියවරකී. පාරිසරික, සමාජීය සහ පාලන (ESG) උත්සහයන් මෙහෙයවීම පිළිබඳ ඉදිරියෙන්ම සිටින සමාගමක් වන Hemas Consumer Brands සිය 2030 පාරිසරික න්‍යාය පත්‍රයට අනුව මෙම උත්සහයන් ක්‍රියාත්මක කරන අතර ඒ ඔස්සේ වගකීම් සහගතව පරිභෝජනය කිරීම, පරිසර පද්ධති ආරක්ෂා කිරීම සහ ස්වභාවික සම්පත් ආරක්ෂා කිරීම කෙරෙහි වැඩි නැඹුරුතාවක් දක්වයි.

මෙම ප්ලාස්ටික් අපද්‍රව්‍ය අවම කිරීමේ නවතම වැඩසටහන පිළිබඳව අදහස්  දක්වමින් Hemas Consumer Brands හි අලෙවි අධ්‍යක්ෂ ශියාන් ජයවීර මහතා මෙසේ ප්‍රකාශ කළේය. ” තිරසාරභාවය පිළිබඳ ගැඹුරින්ම අවධානය යොමු කරන සමාගමක් ලෙස අපි ප්ලාස්ටික් අපද්‍රව්‍ය එක්රැස් කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය කිරීම වැනි ක්‍රමවේදයන් ඔස්සේ ප්ලාස්ටික් ඇසුරුම් අඩු කිරීම වේගවත් කළ හැකි ක්‍රම පිළිබඳව  සොයා බැලීමට කටයුතු කරමින් සිටිනවා.මෙරට දැවැන්තම ප්‍රතිචක්‍රීකරණ හවුල්කරු වන Eco Spindles (Pvt) Ltd සමඟ එක්වෙමින්  ගාල්ල ප්‍රදේශයේ දී ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කිරීමේ සුවිසල් ව්‍යාපෘතියක් සිදුකිරීමට ලැබීම පිළිබඳව අපි බෙහෙවින් සතුටු වෙනවා.අපගේ නිෂ්පාදනවල ඇසුරුම්කරණය තුළින් සිදුවිය හැකි බලපෑම අවම කරගැනීමට මෙන්ම  තිරසාරභාවය  පවත්වාගෙන යෑම සඳහා අප දක්වන කැපවීම ඇසුරුම් එක්රැස් කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය කිරීම වෙනුවෙන් අවශ්‍ය  යටිතල පහසුකම් වෙනුවෙන්  ආයෝජනය කිරීම ඔස්සේ මැනවින් පිළිබිඹු වෙනවා.”

2030 වසර වන විට ඇසුරුම්කරණ කටයුතුවලදී ප්ලාස්ටික් භාවිතය 30%ක් අවම කිරීමට මෙන්ම නිෂ්පාදන තුළින් නිකුත්වන ප්ලාස්ටික් අපද්‍රව්‍ය 100%ක් එක්රැස් කිරීමට සහ ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා පියවර ගැනීමට සමාගම අපේක්ෂා කරයි. මෙම ඉලක්කයන් සාක්ෂාත් කර ගැනීම සඳහා තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ  සැලකිය යුතු දායකත්වයක් ලබා දෙමින් මින් ඉහතදී ද Hemas Consumer Brands විසින් Eco Spindles සමඟ හවුල්කාරිත්වය ඔස්සේ ප්ලාස්ටික් ද්‍රව්‍ය එක් රැස් කිරීම, සැකසීම සහ ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා අති නවීන ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ  විසඳුම් (MRF) ස්ථාපිත කරන ලදී.

එමෙන්ම John Keells Holdings හි plasticycle ව්‍යාපෘතිය සමඟ සහයෝගීතාවයෙන් ප්ලාස්ටික් ප්‍රතිචක්‍රිකරණය ප්‍රවර්ධනය කිරීමට සහ චක්‍ර ආර්ථිකයක් අනුගමනය කිරීමට කොළඹ සහ ඒ අවට ප්‍රදේශවල ප්ලාස්ටික් අපද්‍රව්‍ය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන 30ක් ස්ථාපනය කිරීමට ද Hemas Consumer Brands කටයුතු කර ඇත. තවද, Cleantech සමඟ සහයෝගීතාවයෙන් ප්ලාස්ටික් අපද්‍රව්‍ය එක් රැස් කිරීමට මෙන්ම දිවයින පුරා පිහිටි එවැනි එක් රැස් කිරීමේ මධ්‍යස්ථාන සමඟ සහයෝගීව කටයුතු කිරීමට ද සමාගම කටයුතු කර ඇත. Clean Ocean Force සමඟ එක්ව මීගමුව කලපුව පිරිසිදු කිරීම ද සමාගමේ තවත් එක් ආදර්ශමත් ප්‍රයත්නයක් ලෙස හැඳින්විය හැකිය.

සිය මෙහෙයුම් ක්‍රියාවලීන් ඔස්සේ ප්ලාස්ටික් භාවිතය අවම කිරීමට මෙන්ම ,සක්‍රීයව ඔවුන්ගේ සන්නාම සඳහා ප්ලාස්ටික් භාවිතය අවම කිරීමට Hemas Consumer Brands කැපවී සිටියි. නිදර්ශනයක් ලෙස මෑතකදී කුමාරිකා සන්නාමයේ ඇසුරුම්කරණය සඳහා ප්ලාස්ටික් භාවිතය 20%ක් අවම කිරීම දැක්විය හැකි අතර එය අනෙකුත් වෙළෙඳ නාම සඳහා ද පරමාදර්ශයක් වේ.

වගකීම් සහගත පරිභෝජන ක්‍රමවේදයන් කෙරෙහි අවධානය යොමු කරමින් තිරසාරභාවය  සහ පාරිසරික භාරකාරත්වය ප්‍රවර්ධනය කිරීමට සමාගම  පියවර රැසක් ක්‍රියාවට නංවා ඇත. Hemas Consumer Brands විසින් වෙරළබඩ වාසස්ථාන සංරක්ෂණය කිරීම සහ සමුද්‍ර ජීවීන් ආරක්ෂා කිරීම සඳහා ආනවිලුන්දාව කඩොලාන ප්‍රතිජනන වැඩසටහන සඳහා වනජීවී සහ ස්වභාව ආරක්ෂණ සංගමය (WNPS) සමඟ එක්ව පෙරමුණ ගෙන කටයුතු කර ඇති අතර, එම සුවිශේෂී ප්‍රයත්නය වෙනුවෙන් UN Decade of Restoration Flagship Award 2024 සම්මානය ද හිමිවිය. එමෙන්ම ස්වභාවික වාසස්ථාන සහ ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීමේ වැදගත්කම මැනවින් හඳුනා ගනිමින් වන  විනාශයට එරෙහිව සටන් කිරීමට සහ තිරසාර ලෙස ඉඩම් කළමනාකරණ ක්‍රමවේද  ප්‍රවර්ධනය කිරීමේ උත්සහයන් වේගවත් කිරීමට ද Hemas Consumer Brands කටයුතු කර ඇත.

සමාගමේ නිෂ්පාදන දායකත්වයන් සහ ආයතනික වගකීම් පිළිබඳ ක්‍රියාමාර්ගයන්  අඛණ්ඩව වැඩි දියුණු කරමින් Hemas Consumer Brands  පාරිසරික බලපෑම් අවම කිරීමට නිරන්තරයෙන් පියවර ගන්නා අතර ඒ ඔස්සේ තිරසාරභාවය වඩාත්  වැදගත් සාධකයක් බව අවධාරණය කරමින්  අනෙකුත් ආයතනවල ද අවධානය ඒ වෙත යොමු  කරයි. එමෙන්ම මෙම ක්‍රියාදාමයන් මඟින් සියලුම පාර්ශවයන්ට දීප්තිමත් සහ තිරසාර අනාගතයක් සඳහා මාවත විවර කරනු ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments