asd
Thursday, October 17, 2024
spot_imgspot_imgspot_img
HomeBiz Newsජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමට ඇගයීම් ...

ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමට ඇගයීම් …

මෙරට ප‍්‍රමුඛ පෙළේ රක්‍ෂණ සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම විසින් 2024 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේ (National Business Excellence Awards) සාමාන්‍ය රක්‍ෂණ අංශයේ දෙවන ස්ථානය දිනා ගන්නා ලදි. ශ‍්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙලේදී ආයතනික පරිපාලනය, කාර්ය සාධන කළමනාකරණය, වෙළෙඳපොල විසරණය, ආයතනික සමාජ වගකීම සහ මූල්‍ය ප‍්‍රතිලාභ ආදී සුවිශේෂී ආයතනික විශිෂ්ටතාවයන් ඇගයීමට ලක් කෙරෙයි.

”නව්‍යකරණය සහ පාරිභෝගික කේන්ද්‍රීයත්වය වෙනුවෙන් අපේ ඇති කැපවීම NBEA සම්මාන උළෙලේදී අපට ලැබුණ මෙම ඇගයීමෙන් තහවුරු වෙනවා. උසස් රක්‍ෂණ අත්දැකීමක් ලබා දීම අරමුණු කරගෙන නව තාක්‍ෂණය ද උපයෝගී කර ගනිමින් නව රක්‍ෂණ සංස්කෘතියක් බිහි කිරීම අපේ අපේක්ෂාවයි. ඒ වගේම මෑතකාලීනව සිදු කරන ලද ආයෝජන හරහා රක්‍ෂණ හිමිකම් කළමනාකරණයේ විප්ලවීය වෙනසක් සිදු කරමින් ක්ෂේත‍්‍රය තුළ තව තවත් ඉදිරියට පැමිණීම පිළිබඳව අපි නිරන්තර අවධානය යොමු කරනවා.” යැයි මෙහිදී අදහස් දැක්වූ HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් ප‍්‍රධාන විධායක නිලධාරී සිතුමිණ ජයසුන්දර මහතා ප‍්‍රකාශ කළේය.

19 වැනි වරට පැවැති මෙම NBEA සම්මාන උළෙලේදී HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම විසින් මෙරට සමාජ සහ ආර්ථික උන්නතිය උදෙසා ලබා දුන් අඛණ්ඩ සුවිශේෂී දායකත්වය ඉස්මතු කරමින් ඇගයීමට ලක් විය. නව්‍යකරණය, පාරිභෝගික කේන්ද්‍රීයත්වය සහ මෙහෙයුම්වල විශිෂ්ටත්වය අතින් HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයෙකු බව මෙම සම්මානයෙන් නැවත වරක් සනාථ වී ඇත.

මෑතකාලීනව නවෝත්පාදන ඔස්සේ පාරිභෝගිකයාට ගුණාත්මක සේවා සැපයුමෙන් හා මෙහෙයුම් කාර්යක්‍ෂමතාවයෙන් HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම සුවිසල් ප‍්‍රගතියක් අත්පත් කරගෙන ඇත. ඩිජිටල් රක්ෂණාවරණ නිකුත් කිරීම, අත්තිකාරම් ගෙවීම සඳහා ඩිජිටල් ක‍්‍රමවේද භාවිතය සහ ජංගම දුරකථන සේවා ඇසුරෙන් රක්‍ෂණ වන්දි තක්සේරු කිරීම ආදී වශයෙන් ඩිජිටල් තාක්‍ෂණික ආයෝජනයන් රැසකට ද සමාගම මුලපුරා ඇත. ඒ අනුව තරඟකාරී රක්‍ෂණ වෙළෙඳපොල තුළ විධිමත් ක‍්‍රියාවලියක් ක‍්‍රියාත්මක කිරීම සහ උසස් පාරිභෝගික අත්දැකීමක් ලබා දීම ඔස්සේ සිය ස්ථානය සහතික කර ගැනීමට ද HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම සමත් වී තිබේ.

නිරවද්‍යතාවය සහ කාර්යක්‍ෂමතාව ඉහළ නැංවීමේ අරමුණ පෙරටු කර ගනිමින්, Azentio Software සමාගම සමඟ සහයෝගීතාවයෙන් ජාත්‍යන්තරව පිළිගත් ප‍්‍රමිතීන්ට අනුකූල ඩිජිටල්ගත මූලික රක්‍ෂණ පද්ධතියක් හඳුන්වා දෙමින් ආරම්භ කරන ලද Phoenix ව්‍යාපෘතිය ඩිජිටල් පරිවර්තනයක් වෙනුවෙන් ආයතනය දක්වන උනන්දුවට සාක්කි දරයි. එසේම අලුතෙන් හඳුන්වා දුන් New Claimee Health වැඩසටහන හරහා වෛද්‍ය රක්‍ෂණ වන්දි ක්ෂේත‍්‍රයේ සුවිශේෂී වෙනසක් සිදු කිරීමට HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමට හැකි වූ අතර වඩාත් කාර්යක්‍ෂමව සහ බාධාවකින් තොරව රක්‍ෂණ වන්දි ලබා ගැනීමට පාරිභෝගිකයාට එයින් අවස්ථාව සැලසෙයි.

පාරිභෝගික තෘප්තිය කෙරෙහි පුළුල් අවධානයක් යොමු කරන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම ක්‍ෂණික ඇමතුම් සේවාව සහ රක්‍ෂණ වන්දි සැකසුම් සේවාව හරහා පාරිභෝගික තෘප්තිය පිළිබඳව සමීක්‍ෂණ සිදු කොට නිරන්තරයෙන් ප‍්‍රතිපෝෂණය වෙයි. මෙමගින් පාරිභෝගිකයාට මතු වන ගැටලුකාරී තත්ත්වයන්ට කඩිනම් සහ ඵලදායී විසඳුම් ලබා දීමට සමාගම සතු ශක්‍යතාවය තහවුරු කරන අතර පාරිභෝගික කේන්ද්‍රීයත්වය සම්බන්ධයෙන් HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම ලබා ඇති කීර්තිය ද වැඩිදියුණු වෙයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments