asd
Wednesday, October 16, 2024
spot_imgspot_imgspot_img
HomeBiz NewsCameraLK විසින් නවීන අලුත්වැඩියා පහසුකම්වලින් සමන්විත නව Sony Service Center විවෘත කරයි..

CameraLK විසින් නවීන අලුත්වැඩියා පහසුකම්වලින් සමන්විත නව Sony Service Center විවෘත කරයි..

ශ්‍රී ලංකාව තුළ සිටින කැමරා ආම්පන්න අලෙවි කිරීමේ දැවැන්තයා CameraLK විසින් මෑතක දී කැමරා ආම්පන්න අලුත්වැඩියා කිරීමේ CameraLK නව සේවා මධ්‍යස්ථාන අංක 244 හයිලෙවල් පාර කොළඹ 5 ලිපිනයේ දී සුබ මොහොතින් විවෘත කළේය. නවීන තාක්ෂණික පහසුකම්වලින් සමන්විත මෙම සේවා මධ්‍යස්ථානයේ දී සියලු Sony කැමරා, කැමරා කාච, ඩ්‍රෝන සහ කැමරා උපාංග අලුත්වැඩියා කිරීමේ පහසුකම් සහිත වෙයි. ශ්‍රී ලංකාවේ ඡායාරූපකරණයට කැමැත්තක් දක්වන සියලු දෙනාගේම අනිවාර්යය තාක්ෂණික නැවතුම වූ CameraLK ආයතනය තවදුරටත් තමන්ගේ අභිමාණය ස්ථාවර කරගත් මොහොතක් ලෙස මෙම අවස්ථා දැක්විය හැක.

සේවා මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්කර්ෂවත් මොහොතට Sony ආයතනයේ Digital Imaging අංශයේ ප්‍රධානී සහ අධ්‍යක්ෂ Kanta Yamamoto මහතා සහ Sony ආයතනයේ Digital Imaging අංශයේ සහකාර කළමනාකරු Kairo Suda මහතා ගෞරවනීය අමුත්තන් ලෙස සහභාගී විය. මෙම විවෘත කිරීමේ උළෙලට සහභාගී වීම ඔවුන්ගේ පළමු ශ්‍රී ලංකාගමනය වන අතර මෙයින් CameraLK සහ Sony ආයතනවලට සේවා මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමේ වැදගත් උවමනාව මොනවට පැහැදිළි වෙයි.

ශ්‍රී ලංකාවේ Sony නිෂ්පාදන අලුත්වැඩියාව සඳහා එකම බලයලත් සේවා මධ්‍යස්ථානය ලෙස නියම Sony කැමරා අමතර කොටස් සහ විශේෂඥ පුහුණුවලත් තාක්ෂණශිල්පීන් කණ්ඩායමකින් සැදුම්ලත් මෙයින් උසස් තත්ත්වයේ සේවාවක් සහතික වෙයි. මීට අමතරව පාරිභෝගියන්ගේ අවශ්‍යතාවට අනුව මෙම සේවා මධ්‍යස්ථානය තුලින් Sony කැමරා සහ උපාංග කුලියට ගැනීමේ අවස්ථාව ද සළසා දී ඇත.  

CameraLK ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ අනුෂ්ක ගුණසිංහ මහතා මෙම අවස්ථාවේ දී සිය සතුට පිළිබඳව මෙසේ අදහස් දැක්වීය. “CameraLK නව සේවා මධ්‍යස්ථානයක් විවෘත කරමින් අපේ සේවාවන් ව්‍යාප්ත කිරීමට ලැබීම ගැන අපි ඉතාම සතුටු වෙනවා. අසමසම පාරිභෝගික සේවාවක් ඉතාමත් වේගවත්වස හ සාධාරණ මිලකට ලබාදීම අපේ මූලික අවශ්‍යතාවය වෙන අතර ශ්‍රී ලංකාව පුරා සිටින ඡායාරූපශිල්පීන්ට සහ වීඩියෝ ශිල්පීන්ට අවශ්‍ය පහසුකම් ලබාදෙමින් මෙම ක්ෂේත්‍රය දියුණු කිරීම අපේ අරමුණයි.”

2010 වසරේ දී ආරම්භ කළ CameraLK ආයතනය වේගයෙන් වර්ධනය වී දකුණු ආසියාවේ සුවිශාලතම කැමරා ආම්පන්න අලෙවිකිරීමේ මධ්‍යස්ථානය විය. අති නවීන කැමරා ආම්පන්න අලෙවිය, කැමරා ආම්පන්න පිළිබඳව විශේෂඥ සේවාව, අසමසම පාරිභෝගික සේවාව සහ CameraLK ආයතනයේ දී ලොව ප්‍රචලිත විවිධ සන්නාමයන්ගේ කැමරා සහ උපාංග 5000කට වැඩියෙන් සාධාරණ මිලකට මිලදී ගැනීමේ අවස්ථාව උදාකර දී තිබේ. කොළඹ, මහනුවර, යාපනය සහ මාලදිවයිනේ ද CameraLK ශාඛා ස්ථාපිත කර ඇති අතර යනු කැමරාවලට කැමැත්තක් දක්වන සියල්ලන්ගේම විශ්වාසය දිනූ තැනක් ලෙස CameraLK හැඳින්විය හැක.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments