asd
Wednesday, October 16, 2024
spot_imgspot_imgspot_img
HomeBiz Newsඅලියාන්ස් ලංකා විසින් දැයේ දූ දරුවන්ගේ මහා මග ආරක්ෂාව වෙනුවෙන් යතුරු පැදි...

අලියාන්ස් ලංකා විසින් දැයේ දූ දරුවන්ගේ මහා මග ආරක්ෂාව වෙනුවෙන් යතුරු පැදි ආරක්‍ෂිත හිස්වැසුම් ලබා දීම ….. 

ගෝලීය දැවැන්තයෙකු වන අලියාන්ස් SE හි අනුබද්ධිත සමාගමක් මෙන්ම මෙරට ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන  අලියාන්ස් ලංකා විසින්,  මහා මාර්ග තුළ දී දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම අරමුණු කරමින් වාර්ෂිකව දියත් කරනු ලබන යතුරු පැදි ආරක්‍ෂිත හිස්වැසුම් ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කර ඇත. යතුරුපැදිවල ගමන් කරන බොහෝ පාසල් සිසු සිසුවියන් යතුරු පැදි ආරක්‍ෂිත හිස්වැසුමක් නොපළඳින බැවින් ඔවුන් දැඩි අවදානමට ලක් වන බව අවබෝධ කර ගත් අලියාන්ස් ලංකා සමාගම මෙම යතුරු පැදි ආරක්‍ෂිත හිස්වැසුම් ලබා දීමේ වැඩසටහන අඛණ්ඩව තුන් වන වරටත් ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කර ඇත.

මෙම වැඩසටහනේ ආරම්භයේ පටන් අලියාන්ස් ලංකා වෙත සහයෝගය ලබා දුන් ශ්‍රී ලංකා පොලිසිය මෙවර  වැඩසටහනද සාර්ථක කර ගැනීම සඳහා උපරිම සහයෝගය ලබා දුන් බව සඳහන් කළ යුතුම කරුණකි. එහි දී මෙම වැඩසටහනේ ප්‍රතිලාභීන් වන, යතුරුපැදි ආරක්‍ෂිත හිස්වැසුම් පැළඳීමෙන් තොරව යතුරුපැදිවල ගමන් ගන්නා සිසු සිසුවියන් හඳුනා ගැනීමේ කර්තව්‍යය සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනු ලැබූ අතර,  ඊට සමගාමීව යතුරුපැදි ආරක්‍ෂිත හිස්වැසුම නිවැරදිව භාවිත කරන ආකාරය සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ ව සිසු සිසුවියන් දැනුවත් කිරීම ද නියමිතය.  2024 අගෝස්තු 26, 28 සහ 29 යන දිනවල නගර 25 ක් ආවරණය කරමින් පැවැත්වීමට නියමිත මෙවර වැඩසටහනේ දී  සිසු සිසුවියන් 1,200 ක් වෙත යතුරු පැදි ආරක්‍ෂිත හිස්වැසුම් ලබා දීමට කටයුතු සූදානම් කර ඇත, මෙම ව්‍යාපෘතිය තුළින් 2022 වසරේ දී යතුරුපැදි ආරක්‍ෂිත හිස්වැසුම් 1,500 ක් සහ 2023 වසරේ දී යතුරුපැදි ආරක්‍ෂිත හිස්වැසුම් 1,000 ක් බෙදා දීම සිදු කෙරිණි. මෙවර අලියාන්ස් ලංකා සමාගම විසින් දියත් කරනු ලබන යතුරුපැදි ආරක්‍ෂිත හිස්වැසුම් බෙදා දීමේ වැඩසටහනට සහයෝගය ලබා දෙන  HHCo Industries (Private) Limited සමාගම විසින් හෙල්මට් 200ක් පරිත්‍යාග කරනු ලැබීමද විශේෂ කරුණක් ලෙස දැක්විය හැකිය.

අලියාන්ස් ලංකා සමාගමේ ප්‍රධාන බෙදා හැරීමේ නිලධාරී රංග ඩයස් මහතා මේ පිළිබඳ ව අදහස් දක්වමින් පවසා සිටියේ, “ අලියාන්ස් ලංකා සමාගම ශ්‍රී ලාංකික දරු දැරියන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරමින් ක්‍රියාත්මක වන ආයතනයක් වන බවත් ශ්‍රී ලංකා පොලිසිය සමග එක් වී සැමගේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් අපි අඛණ්ඩව කැප වෙනවා. පාසැල් දරු දැරියන් වෙත අත්‍යවශ්‍ය රැකවරණය ලබා දීමේ ඉලක්කය සහිතව සහ මාර්ග ආරක්ෂාව වෙනුවෙන් අපගේ දායකත්වය ලබා දීම උදෙසා මේ වසරේදී නගර 25 ක සිසු සිසුවියන් 1,200 ක් වෙත යතුරුපැදි ආරක්‍ෂිත හිස්වැසුම් බෙදා දීමේ වැඩසටහන දියත් කිරීම සිදු කරනවා. සංස්ථාපිත සමාජ වගකීම්වලට මූලිකත්වය ලබා දෙමින් ජනතාව බල ගැන්වීමට නිරන්තරයෙන් කටයුතු කරන අලියාන්ස් ලංකා සමාගම විසින්  දියත් කරනු ලබන මෙම ව්‍යාපෘතිය හරහා  දරු දැරියන්ගේ මාර්ග ආරක්ෂාව පිළිබඳ දැනුවත් භාවය වර්ධනය කිරීම සහ අවදානම අඩු කිරීම වෙනුවෙන් සුවිශේෂී  දායකත්වයක් ලබා දීමට අප අපේක්ෂා කරනවා.” යනුවෙනි.

මෙහි දී අගෝස්තු 26 වැනි දින දෙහිඅත්තකණ්ඩිය, කොට්ටාව, අලුත්ගම, නාවලපිටිය, වැල්ලවාය, වවුනියාව, හලාවත, ඇඹිලිපිටිය, සහ ගම්පහ යන ප්‍රදේශවල පිහිටා ඇති අලියාන්ස් ලංකා ශාඛා මගිනුත්, අගෝස්තු 28 වැනි දින මඩකලපුව, පානදුර, මාතර, මහනුවර, බදුල්ල, චාවකච්චේරිය, මීගමුව, සහ අවිස්සාවේල්ල යන ප්‍රදේශවල පිහිටි අලියාන්ස් ලංකා ශාඛා මගිනුත්,  අගෝස්තු 29 වන දින පොළොන්නරුව, පිළියන්දල, තංගල්ල, පිළිමතලාව, බණ්ඩාරවෙල, අක්කරපත්තුව, කුලියාපිටිය, හංවැල්ල යන ප්‍රදේශවල පිහිටා ඇති අලියාන්ස් ලංකා ශාඛා මගිනුත් යතුරු පැදි ආරක්‍ෂිත හිස්වැසුම් බෙදා දීමට සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් දියත් කිරීමට. සැලසුම් කර ඇත. සෑම ශාඛාවක් විසින්ම ආරක්‍ෂිත හිස්වැසුම් ලබා දීම සහ මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුවත් වීමේ වැදගත්කම පිළිබඳව සඳහන් කිරීමේ වැඩසටහන සඳහා නිල උත්සවයක් පැවැත්වීම සිදු කරන අතර මෙම වසරේ මෙම වැඩසටහනේ අරමුණ වන්නේ ආරක්‍ෂිත හිස්වැසුම් ලබා දීම සිදු කරන අතරම මහා මාර්ග භාවිතා කරන තරුණ වැඩිහිටි සියලු දෙනාට මාර්ග ආරක්ෂාව සහ වගකීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමය.

මේ පිළිබඳ ව අදහස් දක්වමින්, ශ්‍රී ලංකා පොලිසියේ නියෝජ්‍ය පොලිස්පති, ඉන්දික හපුගොඩ මහතා,  පැවසුවේ, 2022 වසර සහ 2023 වසර අතර කාලය තුළ මාරක යතුරු පැදි අනතුරු 1,314 සිට 1,177 දක්වා අඩු වීමක් දැක ගත හැකි වුවද සමස්ත යතුරු පැදි අනතුරු සංඛ්‍යාව ඉහළ අගයක් ගෙන ඇත. මාරාන්තික අනතුරු, බරපතල තුවාල ලැබීම්, සුළු තුවාල ලැබීම් සහ දේපළ හානි ඇතුළුව සමස්ත යතුරු පැදි අනතුරු සංඛාව 2022 වසරට සාපේක්ෂව 2023 වසරේ 12,556 ක අගයක් දක්වා ඉහළ ගොස් ඇත. අලියාන්ස් ලංකා සමග ගොඩනගා ගත් මෙම සහයෝගීතාව දරුවන්ගේ ආරක්ෂාව වැඩිදියුණු කිරීම වෙනුවෙන්  අපගේ කැප වීමට හොඳම සාක්ෂියක්. අපගේ අනාගත පරපුර වෙනුවෙන් යතුරු පැදි ආරක්‍ෂිත හිස්වැසුම් ලබා දීමෙන් සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමෙන් අපි, ශක්තිමත් සහ ආරක්ෂිත ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම සඳහා සහයෝගය ලබා දීමට අරමුණු කරනවා. මෙම සුවිශේෂී  වැඩසටහන වෙනුවෙන්  අලියාන්ස් ලංකා සමාගම සමග හවුල් වීමට ලැබීම ගැන අපි ආඩම්බර වෙනවා.” යනුවෙනි.

මෙම කර්තව්‍යය සමග, ප්‍රජාව වෙත ප්‍රතිලාභයන් ලබා දීමට තම සම්පත් සහ හවුල්කාරිත්වයන් ලීවරණය කිරීමට අලියාන්ස් ලංකා කටයුතු කරයි. මාර්ග භාවිතයේදී බොහෝ සෙයින් අවදානමකට ලක් වන පිරිස වන දරු දැරියන් ආරක්ෂා කිරීමට සමාගම උත්සාහා කරන අතර ඒ තුළින් සමාගමේ සමාජ වගකීම සහ තිරසාර අභිමතාර්ථයන් වෙනුවෙන් සිදුකරන කැපවීම විද්‍යාමාන වේ.

පොදුවේ අලියාන්ස් ලංකා ලෙස හැඳින්වෙන අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් සහ අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් ජර්මනියේ මියුනිච් නගරයේ පිහිටා ඇති රක්ෂණ සහ වත්කම් කළමනාකරණ ව්‍යාපාර සඳහා ප්‍රධාන වශයෙන් සේවා සපයන ගෝලීය මූල්‍ය සේවා සපයන්නෙකු වන අලියාන්ස් SEහි පූර්ණ අනුබද්ධිත සමාගම් වේ. Interbrand සහ Brand Finance  විසින්  2023 වසර සඳහා  “ලොව අංක 1 රක්ෂණ සන්නාමය “ලෙස ද අලියාන්ස් සමූහය නම් කර ඇත. අලියාන්ස් සමූහයේ ගෝලීය ශක්තිය සහ ශක්තිමත් ප්‍රාග්ධනීකරණය සමග එක් වී ඇති දේශීය විශේෂඥතාව සහ ව්‍යාපාරික දැනුම අලියාන්ස් ලංකාහි සාර්ථකත්වය සඳහා ප්‍රධාන දායකත්වයක් සපයයි. විශිෂ්ටත්වය  සහ නවෝත්පාදනය වෙනුවෙන් නිරන්තරයෙන් කැප වන අලියාන්ස් ලංකා සිය පාරිභෝගික ජනතාවගේ විවිධ අවශ්‍යතා සපුරාලමින්, ඔවුන්ට සුරක්ෂිත සහ සමෘද්ධිමත් අනාගතයක් නිර්මාණය කිරීම වෙනුවෙන් කැප වෙයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments