asd
Wednesday, October 16, 2024
spot_imgspot_imgspot_img
HomeBiz Newsමුළු පවුලටම පරිපුර්ණ මුඛ රැකවරණයක් දෙන ක්ලෝගාර්ඩ් පංච ශක්ති නව මුහුණුවරකින් වෙළෙඳපොළට..

මුළු පවුලටම පරිපුර්ණ මුඛ රැකවරණයක් දෙන ක්ලෝගාර්ඩ් පංච ශක්ති නව මුහුණුවරකින් වෙළෙඳපොළට..

ශ්‍රී ලාංකේය මුඛ සෞඛ්‍ය සේවාවේ වඩාත්  විශ්වසනීය මුඛ සත්කාර සන්නාමය වන ක්ලෝගාඩ්, ස්වභාවික අමුද්‍රව්‍යවල ප්‍රතිලාභ රැසක් සිය පාරිභෝගිකයන්ට ලබා දෙමින් විශේෂයෙන් සකස් කරන ලද ස්වභාවික ඖෂධීය ගුණයෙන් යුත් දන්තාලේපයක් වන ක්ලෝගාඩ් පංච ශක්ති නව මුහුණුවරකින්  වෙළඳපොළට  සාඩම්බරයෙන් හඳුන්වා දෙයි. සිය පාරිභෝගිකයින් හට පරිපූර්ණ සහ ප්‍රයෝජන රැසකින් සපිරි මුඛ සෞඛ්‍ය විසඳුම් ලබා දීමට ක්ලෝගාඩ් සතු අසමසම කැපවීම මෙයින් පිළිබිඹු වේ.

ඉරිමේදාදී තෛලය අඩංගු නව ක්ලෝගාඩ් පංච ශක්ති දන්තාලේපය පාරිභෝගිකයාට ප්‍රධාන ප්‍රතිලාභ පහක් ලබා දෙයි. දත් කුහර ඇති වීම වළක්වා දත් ආරක්ෂා කිරීම, දත්වල මැලියම් බැඳීම අවම කිරීම, නිරෝගී විදුරුමස්, දත්වල අවපැහැය අවම කිරීම, සහ මුව නැවුම්ව තැබීම යන ප්‍රතිලාභයන් පංච ශක්ති දන්තාලේපය  වෙතින් ලබා දෙයි. දත් කුහර හා විදුරුමස් ආශ්‍රිත ගැටලු නිසා පීඩා විදින, දත්වල අවපැහැය, මැලියම් හා මුඛ දුර්ගන්ධය නිසා පීඩා විදින පාරිභෝගිකයන්ගේ මේ සෑම ගැටලුවකටම එකම නිෂ්පාදනයක් වෙතින් විසදුම් ලබා දෙන්නේ ක්ලෝගාඩ් පංච ශක්ති දන්තාලේපයයි. මෙම මුඛ සෞඛ්‍ය ගැටළුවලට එරෙහිව ක්‍රියා කරන ඖෂධීය ගුණයෙන් හෙබි ඉරිමේදාදී තෛලය ස්වභාවික ඖෂධ පැළෑටි රැසක එකතුවකින් නිපදවන වටිනා තෛලයකි. මෙම ඉරිමේදාදී තෛලය කරාබු නැටි, එනසාල්, කුරුඳු, වැල්මී, වසාවාසි, වැල්මදට, සාදික්කා ඇතුළු ස්වභාවික ඖෂධීය අමුද්‍රව්‍ය 23ක් භාවිතයෙන් සකසා ඇත. මෙසේ වටිනා ඖෂධීය පංචබල ශක්තියෙන් සමන්විත පංච ශක්ති දන්තාලේපය, පරිපුර්ණ මුඛ සෞඛ්‍යයක් පවත්වා ගැනීමට සහය වේ.

හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි අලෙවි සාමාන්‍යාධිකාරී ඩෙරික් ඇන්තනී මහතා මේ පිළිබඳව තම  අදහස් දැක්වූයේ මෙසේය. “ක්ලෝගාඩ් කියන්නේ දත් කුහරවලින් දත් ආරක්ෂා කිරීම සඳහා දීර්ඝ කාලයක් පුරා භාවිත වන නිෂ්පාදන සන්නාමයක්.  මුඛ සෞඛ්‍ය ගැටළු පහකට එරෙහිව සටන් කර විසඳුම් ලබා දෙන ලෙස ක්ලෝගාඩ් පංච ශක්ති සකස්  කර ඇති අතර එය මුළු පවුලටම ගැලපෙන දන්තාලේපයක් ලෙස හඳුන්වා දෙන්න පුලුවන්. මෙයට හේතු වී ඇත්තේ අපේ පාරිභෝගිකයන්ගේ  නිරන්තරයෙන් ඇතිවන නව අවශ්‍යතා හඳුනා ගැනීමට අපට හැකිවීම සහ එම අවශ්‍යතා මත පදනම්ව පරිපූර්ණ මුඛ සෞඛ්‍ය විසඳුම් ලබා දීමට අපට ඇති හැකියාවයි.”

මව්වරුන් තම පවුලේ සියලු දෙනාගේම දන්ත ගැටළු සඳහා ගැළපෙන ආරක්ෂිත සහ කාර්යක්ෂම විසඳුමක්  සඳහා උනන්දු වන බැවින්  ඖෂධීය දන්තාලේප සඳහා ඇති ඉල්ලුම ඉහළ ගොස් ඇත. මෙසේ දේශීය ආයුර්වේද දන්තාලේප සඳහා ඇති ඉහළ පාරිභෝගික ඉල්ලුම සපුරාලන ක්ලෝගාඩ්පංච ශක්ති නිෂ්පාදන සතු ගුණාත්මක ප්‍රමිතීන් අනෙකුත් දේශීය දන්තාලේප සන්නාමයන්ට ආදර්ශයක් ද සපයයි.

ක්ලෝගාඩ් පංච ශක්ති, පාරිභෝගිකයින්ට පහසුවෙන් හඳුනා ගැනීම සඳහා නව ඇසුරුමකින් වෙළඳපළට නිකුත් කර ඇත.  ක්ලෝගාඩ් පංච ශක්ති නව ඇසුරුම්කරණය මත එම නිෂ්පාදනයේ අඩංගු  ස්වභාවික අමුද්‍රව්‍ය හා  ප්‍රතිලාභ පහ පැහැදිලිව සඳහන් කිරීම සුවිශේෂී වන අතර එමඟින් පාරිභෝගිකයාට නිෂ්පාදනය පිළිබඳව දැනුවත් බවක් ලබා දෙයි. ශ්‍රී ලාංකිකයන්ට අගනා මුඛ සත්කාර විසඳුමක් ලබා දීමට ක්ලෝගාඩ් සතු නොසැලෙන කැපවීම මෙමඟින් යළිත් තහවුරු කරයි.

නවතම ක්ලෝගාඩ් පංච ශක්ති දන්තාලේපය, දැන් හේමාස් E-store https://hemasestore.com/brand/clogard/ වෙතින් හෝ දිවයින පුරා ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළඳසැල් සහ කුඩා සුපිරි වෙළඳසැල් වෙතින් මිලදී ගැනීමට හැකියි..

මුඛ සෞඛ්‍ය ගැටලු පහකට එක් විසඳුමක්, නව ක්ලෝගාඩ් පංච ශක්ති දන්තාලේපය  වෙතින්.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments