asd
Wednesday, October 16, 2024
spot_imgspot_imgspot_img
HomeBiz NewsHNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම කාගිල්ස් බැංකුව සමඟ බැංකු රක්ෂණ සහයෝගීතාවයකට එළඹෙයි ..

HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම කාගිල්ස් බැංකුව සමඟ බැංකු රක්ෂණ සහයෝගීතාවයකට එළඹෙයි ..

එක්සත් රාජධානියේ ග්ලෝබල් ෆයිනෑන්ස් ඇන්ඩ් බෑන්කින් සඟරාව විසින් 2024 වසරේ ශ්‍රී ලංකාවේ හොඳම බැංකු රක්ෂණ සමාගම ලෙසින් ගෞරවයට පාත්‍ර වූ HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම සිය බැංකු රක්ෂණ ශක්තිය තව දුරටත් තහවුරු කරමින් කීර්තිමත් කාගිල්ස් බැංකුව (Cargills Bank) සමඟ බැංකු රක්ෂණ සේවා සඳහා එකඟතාවයකට පිවිසියේය. ඒ අනුව කාගිල්ස් බැංකුවේ ගනුදෙනුකරුවන් හට සිය බැංකු සේවාවන් ලබා ගන්නා අතරම HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සාමාන්‍ය රක්ෂණ සේවාවන්ද එකම වහලක් යටින් ලබා ගැනීමට හැකි වනු ඇත. HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් කළමනාකාරීත්වය පෙන්වා දෙන ආකාරයට විශේෂයෙන්ම කාගිල්ස් බැංකුවේ කෘෂිකාර්මික බැංකු සේවාවන් ලබා ගන්නා ගනුදෙනුකරුවන් හට ඔවුන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන්ම නිර්මාණය කළ සාමාන්‍ය රක්ෂණ සේවාවන් ලබා ගැනීමට හැකි වනු ඇත.

“කාගිල්ස් බැංකුව සමඟ අප ඇති කරගත් සබඳතාවය බැංකු රක්ෂණ අංශය තුළ අපේ ස්ථාවරත්වය තව දුරටත් සවිමත් කරන අතරම එය බැංකු සේවාවන් සමඟ රක්ෂණ සේවාවන් ඒකාබද්ධ කිරීම තුළින් ගනුදෙනුකරුවන් හට විශිෂ්ට සේවාවක් ලබා දීමට අපේ ඇති කැපවීම තව දුරටත් සනාථ කරන අවස්ථාවක්. කාගිල්ස් බැංකුව කීර්තිමත් වගේම දිවයින පුරාම විසිරුනු විශාල ගනුදෙනුකරුවන් පිරිසකට සේවය ලබා දෙන බැංකුවක්. ඒ වගේම කාගිල්ස් බැංකුවේ කෘෂිකාර්මික නිෂ්පාදන පෙළ ඉතාම විශේෂයි. ඒ නිසා අපේ බැංකු රක්ෂණ සහයෝගීතාවය විශාල ගනුදෙනුකරුවන් පිරිසකට ප්‍රතිලාභ ලබා දෙන ආයතන දෙකටම වාසි සහගත සබඳතාවයක් වනු ඇති.” යැයි මේ පිළිබඳව අදහස් දක්වමින් HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සිතුමිණ ජයසුන්දර මහතා පැවසීය.

HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ කාගිල්ස් බැංකුව අතර ඇති වුණු නව සහයෝගීතාවය HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමට නව පාරිභෝගික පිරිසක් අතර සිය සේවාවන් ව්‍යාප්ත කිරීමටත් කාගිල්ස් බැංකුවට සිය පාරිභෝගිකයින් හට පරිපූර්ණ සාමාන්‍ය රක්ෂණ සේවාවන් පෙළක් ලබා දීමටත් හැකියාව ලබා දෙන අතර නව්‍යකරණය සහ විශිෂ්ටත්වයට ඇති කැපවීම සමඟින් සිය සහයෝගීතාවය සවිමත්ව ඉදිරියට පවත්වා ගෙන යාමට සමාගම් දෙකෙහිම කළමනාකාරීත්වය අපේක්ෂා කරයි-

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments