asd
Wednesday, October 16, 2024
spot_imgspot_imgspot_img
HomeBiz NewsINSEE සිමෙන්ති ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් ආශ්‍රිත පරිසර දූෂණය අවම කිරීම වෙනුවෙන්  PLEASE...

INSEE සිමෙන්ති ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් ආශ්‍රිත පරිසර දූෂණය අවම කිරීම වෙනුවෙන්  PLEASE ව්‍යාපෘතියට   සහයෝගය ලබා දෙයි..

මෙම ව්‍යාපෘතිය මගින් පුත්තලම ප්‍රදේශය ආශ්‍රිත ව කාන්තාවන්ගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන  සම්පත් ප්‍රතිසාධන මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර,  එහි දී ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ප්ලාස්ටික් අපද්‍රව්‍ය වටිනා සම්පත් බවට පරිවර්තනය කිරීම සහ  ඒවා  නිෂ්පාදන ක්‍රියාවලියට දායක කර ගැනීම හරහා ප්‍රතිලාභ ලබා ගැනීම ප්‍රධාන වශයෙන් අපේක්ෂිත ය.

 මේ පිළිබඳ ව අදහස් දක්වමින් INSEE Ecocycle සමාගමේ සාමාන්‍යාධිකාරී සුජිත් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ, “PLEASE ව්‍යාපෘතිය සඳහා  සහයෝගය ලබා දීමට හැකි වීම අප ලැබූ ගෞරවයක් විදියට හඳුන්වා දීමට පුළුවන්. ප්ලාස්ටික් අපද්‍රව්‍ය අපගේ සාගර පරිසරයේ සෑම අස්සක් මුල්ලක් නෑර ම පැතිරී ම නිසා විවිධ සාගර පරිසර පද්ධති විනාශ වීමේ තර්ජනයකට ලක් වී තිබෙනවා. ඒ වගේ ම මෙම ගැටලුව නිසා බොහෝ සාගර ජීවීන් වඳ වීමේ තර්ජනයට මුහුණ පා තිබෙන බවත් සඳහන් කළ යුතු ම කරුණක්. කාන්තාවන් සහ ප්‍රාදේශීය ජනතාව සවි බල ගන්වමින්, ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් ආශ්‍රිත පරිසර දූෂණය අවම කිරීම සඳහා විසඳුම් ලබා දීමට අපට හැකියාව තිබෙනවා.” යනුවෙනි.

PLEASE ව්‍යාපෘතිය හරහා නිසි ලෙස අපද්‍රව්‍ය බැහැර කිරීම පිළිබඳ ව දැනුවත් කිරීමේ වැඩසටහන්, වෙරළ සහ කලපු ආශ්‍රිත ව පිරිසිදු කිරීමේ වැඩසටහන් ආදී වැඩසටහන් ගණනාවක් සැලසුම් කර ඇති අතර, නිවැරදි ප්‍රතිචක්‍රීකරණ හා ඇසුරුම් ක්‍රියාවලියක් හරහා ලැබෙන මූල්‍ය ප්‍රතිලාභ පිළිබඳ ව මෙම ක්ෂේත්‍රය ආශ්‍රිත ව්‍යාපාරිකයින් දැනුවත් කිරීමේ වැඩමුළු ද මෙම ව්‍යාපෘතියට ඇතුළත් වේ.

දකුණු ආසියාව ආශ්‍රිත ව වාර්ෂිකව ඝන අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් මිලියන 334ක් ජනනය වන අතර, ඉන් 70% – 80%  අතර ප්‍රමාණයක් සාගරයට මුදා හැරෙන බව වර්තා වේ.  මේ අතරින් 12%ක් ප්ලාස්ටික් වේ.  දකුණු ආසියානු කලාපය තුළ ජල මූලාශ්‍රවලට ප්ලාස්ටික් එකතු වීම නිසා සිදු වන ජල දූෂණයට මුහුණ දීම සඳහා නව විසඳුම් ලබා දීම තුළින් අනාගත පරපුරට තිරසාර පරිසරයක් නිර්මාණය කිරීම  PLEASE ව්‍යාපෘතියේ අරමුණයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments