asd
Wednesday, October 16, 2024
spot_imgspot_imgspot_img
HomeBiz News2024 ESG සමුළුවේදී Neptune Recyclers රන් සම්මානයෙන් පිදුම් ලබයි..

2024 ESG සමුළුවේදී Neptune Recyclers රන් සම්මානයෙන් පිදුම් ලබයි..

ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආයතනය වන Neptune Recyclers, පසුගිය අගෝස්තු 06 වැනි දින, Cinnamon Grand හෝටල් පරිශ්‍රයේදී පැවති, 2024 පාරිසරික, සමාජීය සහ පාලන (ESG)  පිළිබඳ සමුළුවේදී, රන් සම්මානයෙන් පිදුම් ලැබීය. කොළඹ විශ්වවිද්‍යාලයේ MBA ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද මෙම සමුළුවේදී,  අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම ගෞරවනීය සම්මානය පිරිනමන ලදී.

Neptune Recyclers සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකරණ කණ්ඩායමේ සාමාජිකයින් වන විධායක අධ්‍යක්ෂක ෆස්ලීන් මජීඩ් මහතා, ව්‍යාපාර සංවර්ධන කළමනාකරු වන ආදිල් අසීස් මහතා සහ මෝෂින් මුස්තාක් මහතා, වකීල් සැකරියා මහතා යන පිරිස මෙම උත්සවයට සහභාගී වූහ. ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් ප්‍රදානය කළ මෙම සම්මානය ෆස්ලීන් මජීඩ් සහ ආදිල් අසීස් යන  මහත්වරුන් විසින් ලබා ගන්නා ලදී.

Neptune Recyclers සමාගමට මෙම සම්මානය පිරිනමන ලද්දේ තිරසාර සංවර්ධනයක් ක්‍රියාවට නැංවීම සඳහා ඔවුන් දක්වන අසමසම කැපවීම අගයමිනි. ශ්‍රී ලංකාව තුළ චක්‍රීය ආර්ථික භාවිතයන් ප්‍රවර්ධනය කිරීම උදෙසා සමාගම සතුවන දැක්ම සමඟ ද මෙය සමපාත වන අතර, විවිධ ක්ෂේත්‍ර ඔස්සේ නවෝත්පාදන සහ සහයෝගීතාව පෝෂණය කිරීම මෙමඟින් සිදු වේ. Neptune Recyclers මිනිසුන්ට සහ මිහිතලයට ප්‍රයෝජනවත් වන තිරසාර විසඳුම් ඔස්සේ, ප්‍රජාව සහ ව්‍යාපාර සවිබල ගැන්වීම කෙරෙහි සිය අවධානය යොමු කරයි.

Neptune Recyclers සමාගමේ දැක්ම වන්නේ, ශ්‍රී ලංකාවේ ව්‍යුහගත ආර්ථික ක්‍රමවේදයන් ප්‍රවර්ධනය කිරීම සහ එමඟින් අනාගත පරම්පරාව වෙත ස්වභාවික සම්පත් ආරක්ෂිතව දායාද කිරීමයි. තිරසාර සංවර්ධනය අත්‍යවශ්‍ය වගකීමක් බව සමාගම තරයේ විශ්වාස කරන අතර, සමාගම විසින් එය  පවත්වා ගෙන යාමට විශාල උත්සාහයක් දරයි.

මෙම සම්මානය ලබා ගැනීම සඳහා සහයෝගය සහ දායකත්වය ලබාදුන් සියලුම පාර්ශවකරුවන්ට සමාගම සිය කෘතඥතාව පුද කරයි. Neptune Recyclers හි සාර්ථකත්වයට එහි කණ්ඩායමේ සහ පාර්ශවකරුවන්ගේ සාමූහික ප්‍රයත්නය ඉවහල් වූ අතර, චක්‍රිය ආර්ථිකයක් හරහා සැමගේ ජීවන තත්වය නඟා සිටුවීමට සමාගම කැපවීමෙන් කටයුතු කරයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments