asd
Friday, September 20, 2024
spot_imgspot_imgspot_img
HomeBiz NewsAssociated Motorways (AMW) සමාගම Suzuki WagonR රථ හිමිකරුවන්ගේ ආරක්ෂාව සඳහා කැප වී සිටියි...

Associated Motorways (AMW) සමාගම Suzuki WagonR රථ හිමිකරුවන්ගේ ආරක්ෂාව සඳහා කැප වී සිටියි…

ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ පුරෝගාමියා වන Associated Motorways (AMW) සමාගම විසින් Suzuki රථවාහන සඳහා ශ්‍රී ලංකාවේ එකම බෙදාහරින්නා ලෙස දිවයින පුරා සිටින Suzuki වාහන හිමියන් ආරක්ෂා කිරීමේ ව්‍යාපෘතියක් මෑතකදී ආරම්භ කරන ලදී. දෝෂ සහගත ඉන්ධන මිනුම් පෙන්වීම සහ එන්ජින් ඇණහිටීම වැනි  ගැටළුවලට තුඩු  දිය හැකි ආරක්‍ෂිත ගැටළු නිරාකරණයට ගත්  ප්‍රයත්නයක් ලෙස, AMW සමාගම මෑතකදී Suzuki WagonR මාදිලිය සඳහා නැවත කැඳවීමක් දියත් කළේය.

මෙම ආරක්ෂිත උපක්‍රමය දියත් කර ඇත්තේ ඉන්ධන ටැංකියේ පිහිටා ඇති ඉන්ධන නියාමක කපාටය, එයට සම්බන්ධ ඉන්ධන වාෂ්ප නළ සුදුසු ප්‍රමාණයෙන් නොතිබීම හේතුවෙන් සිර වීමට ඉඩ ඇත. මෙය ඉන්ධන ටැංකිය තුළ ඍණාත්මක පීඩනයක් ගොඩ නැගීමට හේතු විය හැකි අතර මේ හේතුවෙන් ඉන්ධන වාෂ්ප නළ හානි වීමට හැකියාව ඇති බැවිනි. මෙම ගැටළුව නොසලකා හැරීමෙන්, ඉන්ධන ප්‍රමාණය පිළිබඳව දෝෂ සහගත අගයන් පෙන්වීම නිසා, එන්ජිම ක්‍රියා විරහිත වීමට ඉඩ සලසයි. Suzuki WagonR Premium, Suzuki WagonR FX/FZ සහ Suzuki Stingray යන මාදිලිවල මෙම ගැටළුව හඳුනාගත හැකිය.

AMW සමාගම විසින් Suzuki WagonR රථ හිමියන්ට මෙම ආරක්ෂිත ක්‍රමවේදය පහසුවෙන් ක්‍රියාත්මක කිරීමට අවස්ථාව සලසා දී ඇත. මේ දක්වා 30%ක් පමණ නැවත කැදවුම් සාර්ථකව පිළිසකර කර ඇති අතර, පාරිභෝගිකයන්ට විශ්වාසයෙන් රැදී සිටිය හැකි පරිදි මෙම ක්‍රියාවලිය කාර්යක්ෂමව සිදු කරගෙන යයි. මෙම සේවාව, දිවයින පුරා පිහිටි AMW සමාගම සතු සේවා ස්ථානවලින් හෝ AMW සමාගම විසින් අනුමත සේවා නියෝජිතයන් වෙතින් කිසිදු මුදල් ගෙවීමකින් තොරව නොමිලේ ලබා ගත හැකිය. එමෙන්ම පාරිභෝගිකයන්ට https://suzuki.lk/wagonrrecall/index.html යන වෙබ් අඩවිය වෙත පිවිස හෝ AMW Hotline සේවාව වන 0117 609 609 අමතා මේ සඳහා ලියාපදිංචි වී, අවශ්‍ය තවත් තොරතුරු ලබා ගැනීමෙන්, මෙම සේවාව තවත් පහසුවෙන් ලබා ගත හැකිය.

AMW සමාගම සිය පාරිභෝගිකයින්ගේ ආරක්ෂාව සඳහා ඉතා ඉහළ ප්‍රමුඛත්වයක් ලබා දෙයි. මෙම ගැටළුව ඉක්මනින් විසඳීමට සහ සියලුම Suzuki WagonR වාහනවල ආරක්ෂිත මට්ටම් ඉහළ නංවා, ආරක්ෂාව සහතික කරමින් මෙවැනි කඩිනම් ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට හැකිවීම පිළිබඳව සමාගම ආඩම්බර වේ. මෙලෙස දෝෂ සහිත වාහන ආපසු කැඳවීමේ ව්‍යාපෘතිය ශ්‍රී ලාංකේය මෝටර් රථ හිමියන්ට විශ්වාසනීය සේවාවක් සහ සුරක්ෂිත ප්‍රවාහන විසඳුම් සැපයීම සඳහා AMW සමාගම සතුවන කැපවීම පෙන්නුම් කරයි.

ආරක්ෂාව යන්නට AMW හි ඉහළ ප්‍රමුඛතාවයක් ලෙස පවත්වා ගන්නා බව මැනවින් තහවුරු කරමින්, සියලුම Suzuki WagonR රථ හිමිකරුවන් AMW සමාගමෙහි පුළුල් සේවා ජාලයෙන් සේවා ලබා ගැනීමට සහ හැකි ඉක්මනින් ඔවුන්ගේ වාහනවල නැවත කැඳවීම සම්පූර්ණ කිරීමට දිරිමත් කරයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments