asd
Saturday, October 19, 2024
spot_imgspot_imgspot_img
HomeBiz NewsINSEE Ecocycle පුත්තලම ප්‍රදේශයේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය එක්රැස් කිරීමේ මධ්‍යස්ථානයක් විවෘත කරයි..

INSEE Ecocycle පුත්තලම ප්‍රදේශයේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය එක්රැස් කිරීමේ මධ්‍යස්ථානයක් විවෘත කරයි..

INSEE Cement සමාගමේ අපද්‍රව්‍ය කළමනාකරණ අංශය මෙන්ම මෙරට තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණ විසඳුම් සම්බන්ධ ප්‍රමුඛයා වන INSEE Ecocycle, කාන්තාවන්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන අපද්‍රව්‍ය එක්රැස් කිරීමේ මධ්‍යස්ථානයක් (Material Recovery Facility – MRF) පුත්තලම ප්‍රදේශයේ විවෘත කිරීමට පසුගියදා පියවර ගත්තේ ය. මෙය ශ්‍රී ලංකාව තුළ ප්ලාස්ටික් නිසා සිදු වන පරිසර දූෂණය අවම කිරීම සඳහා INSEE Ecocycle දරන උත්සාහයේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් වනු ඇත.

මෙම මධ්‍යස්ථානය විවෘත කිරීම, South Asia Co-operative Environment Programme (SACEP) මගින් ක්‍රියාවට නංවනු ලබන PLEASE (Plastic Free Rivers and Seas for South Asia) ව්‍යාපෘතියේ එක් වැදගත් අදියරකි. ලෝක බැංකුවේ සහ එක්සත් ජාතීන්ගේ ව්‍යාපෘති සේවා කාර්යාලයේ (United Nations Office for Project Services – UNOPS) සහයෝගය ඇතිව, ශ්‍රී ලංකාව තුළ ප්ලාස්ටික් නිසා සි දුවන පරිසර දූෂණය අවම කිරීමේ අරමුණින් මෙය ක්‍රියාවට නංවනු ලබයි. මෙම මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට SACEP, UNOPS, INSEE  Cement සහ INSEE Ecocycle නියෝජිතයෝ පිරිසක් සහභාගී වූහ.

පුත්තලමේ විවෘත වූ මෙම නව MRF මධ්‍යස්ථානය, පාරිභෝගිකයන් විසින් භාවිතා කර ඉවත දමන ලද ප්ලාස්ටික් වර්ග එක්රැස් කිරීම, තේරීම, කාණ්ඩවලට වෙන් කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය සඳහා පිරිසැකසුම් කිරීම සිදු කරන මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කරනු ඇත. මෙය එම ප්ලාස්ටික් මගින් පරිසරයට සිදු වන බලපෑම අවම කරන අතරම ශ්‍රී ලංකාවේ චක්‍රීය ආර්ථික ක්‍රමවේදයන් දිරිගන්වන පියවරක් වනු නිසැක ය.

“පුත්තලමේ විවෘත කළ මෙම අපද්‍රව්‍ය එක්රැස් කිරීමේ මධ්‍යස්ථානය, දීර්ඝකාලීන යහපතක් වෙනුවෙන් තිරසාර ක්‍රමවේදයන් සහ ස්ත්‍රී-පුරුෂ සවිබල ගැන්වීම් ක්‍රමවේදයන් ඒකාබද්ධ කිරීම සම්බන්ධ මනා උදාහරණයක් ලෙස හැඳින්වීමට පුළුවන්. මෙම මධ්‍යස්ථානය පරිසරයේ යහපත වෙනුවෙන් සුවිශාල දායකත්වයක් ලබා දෙනු ඇතැයි කියා අප විශ්වාස කරනවා. මෙය හුදෙක් අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයක් පමණක් නොවෙයි. මෙය කාන්තාවන් සවිබල ගැන්වීම, ප්‍රජාවන් ශක්තිමත් කිරීම, ජීවනෝපාය මාර්ග වැඩිදියුණු කිරීම සහ අපද්‍රව්‍ය කළමනාකරණ ක්ෂේත්‍රයේ අන්තර්කරණය මූලික කරගත් වර්ධනය සහතික කිරීම යනාදිය සම්බන්ධ මනා පූර්වාදර්ශයක් ලෙස හැඳින්විය හැකියි.” INSEE Ecocycle Lanka සාමාන්‍යාධිකාරී සුජිත් ගුණවර්ධන මහතා පැවසී ය. 

මෙම ව්‍යාපෘතියේ තවත් විශේෂත්වයක් වන්නේ, ස්ත්‍රී පුරුෂ සමානත්වයට මුල්තැන දීමයි. MRF මධ්‍යස්ථානය මගින් විශේෂයේම පුත්තලම ප්‍රදේශයේ කාන්තාවන්ට රැකියා අවස්ථා සහ ස්ථාවර ආදායම් මාර්ග හිමි වනු ඇත. මෙය ඔවුන්ට මෙන්ම ඔවුන් අයත් වන ප්‍රජාවන්ටද සුවිශාල යහපතක් සිදු වන පියවරකි. කාන්තාවන් සවිබල ගන්වමින් ඔවුන්ට මූල්‍ය ස්වාධීනත්වය ළඟා කරගැනීමට අත්වැලක් වීම තුළින් දරිද්‍රතාව අවම කර, ප්‍රදේශයේ පවුල්වල ජීවන තත්ත්වය උසස් කරවන අතරම, රටේ විවිධත්වය හා සමානත්වය ප්‍රවර්ධනය කිරීමට දායක වීම ව්‍යාපෘතියේ ප්‍රධානතම ඉලක්කයක් වී තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments