asd
Friday, October 18, 2024
spot_imgspot_imgspot_img
HomeBiz NewsEvolution Auto, Ather Energy සමග එක්වී 450 Ather’s 450 Series ...

Evolution Auto, Ather Energy සමග එක්වී 450 Ather’s 450 Series ස්කූටර් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි..

ලොව ප්‍රමුඛ පෙළේ සමාගම් කිහිපයක් වන සෙන්සේ කැපිටල් පාට්නර්ස්, සිනෝ ලංකා ප්‍රයිවෙට් ලිමිටඩ්, සහ ඇට්මන් ගෲප්, එකමුතුවෙන් හා ව්‍යාපාරික ශක්තියෙන් Evolution Auto ශ්‍රී ලංකාවේ ස්ථාපිත වේ. Evolution Auto සමඟ ඉන්දියාවේ ප්‍රධානතම ඉලෙක්ට්්‍රක් ස්කූටර් නිෂ්පාදන සමාගමක් වන Ather Energy අතර ගොඩනගා ගත් ව්‍යපාරික සහයෝගීතාවය මත වඩාත් පරිසර හිතකාමී වියදම් අවම ගමනාගමන විසඳුම ලෙස  Ather’s 450 Series  ඉලෙක්ට්්‍රක් ස්කූටරය මෙරට ස්කූටර් ලෝලීන් වෙත අභිමානයෙන් පිරිනැමෙයි.Ather හි මෙරට වරලත් නියෝජිතයා ලෙස  Evolution Auto සනිටුහන් කළ මේ නව සන්ධිස්ථානය තිරසාරකත්වයෙන් ජාතික ඉලක්ක හා අරමුණු ජයග්‍රහනය කරගැනීමේ අභිලාශයට මහත් පිටුවහලක් බව කාගේත් පිළිගැනීම වී ඇත.

නවීන තාක්‍ෂණය හා ක්‍රියාකාරීත්වය කාලයේ තාලයට ගැළපෙන ආකර්ෂණීය පෙනුම, නවීන උපාංග හා සෙසු සියලු විශේෂාංග මෙම Ather 450 Series ස්කූටර් මාදිලිය සතු වේ. විනාඩි 60 ක රැපිඩ් චාර්ජ් වාරයකින් බැටරිය 80%ක් ආරෝපනය වන අතර ස්කූටරය පැයට කිලෝමීටර් 90 ක උපරිම වේගයකින් ධාවනය කළ හැක. මෙම Ather 450 Series මාදිලියේ ඇතුළත් අනෙකුත් විශේෂාංග ලෙස අධිබලැති මෝටරය, රැපිඩ් ඇක්සලරේෂන් හැකියාව, ඉන්ටෙලිජන්ට් ඩෑෂ් බෝඩ්, රියල් ටයිම් ඩයග්නොස්ටික් හා නැවිගේෂන් පහසුකම, සීට් එක යට අමතර වැඩි ඉඩ පහසුව, රිජෙනරේටිව් බ්රේක් ආදිය කැපී පෙනේ.

මෙම නව ව්‍යාපාරික සුසංයෝගය හා එමගින් අප රටට අත්පත් කරගත හැකි ජයග්‍රහන ගැන අදහස් දක්මින් Evolution Auto හි සාමාන්‍යාධිකාරී, සහරාන් සියාවුදීන් මහතා කියා සිටියේ Ather සන්නාමයේ දේශීය නියෝජිතයා වෙමින් ලොව ප්‍රකට ඉලෙක්ට්්‍රක් ස්කූටර් සන්නාමයක මෙරට නියෝජිතයා වීම Evolution Auto ලැබූ භාග්‍යයක් වන බවයි. පරිසර හිතකාමී අඩු වියදම් ප්‍රවාහන මාධ්‍යයක් අගයන මෙරට සහෘද හිතවතුන්ට රටේ මංමාවත් වලට ගැලපෙන හැඩ වැඩි වැඩට සරිලන ස්මාට් ප්‍රවාහන විසඳුමක් සැපයීමේ වගකීමේ හවුල්කරුවෙක් වීම සතුටට කරුණක් වන අතරම, දේශීය මෝටර් වාහන වෙළඳ පොළ තුළ නැවුම් වෙනසක් හා තිරසාරකත්වයේ අද්විතීය පෙරළියක් ඇති කිරීමට මෙම නවතම හඳුන්වාදීම ඉවහල් වනු ඇතිබවට ඒ මහතා විශ්වාසය පලකලේය.

Ather Energy yd Evolution Auto අත්වැල් බැඳගැනීමත් ඒ හරහා මෙරට වෙළඳපොළට ඉදිරිපත් වන Ather 450 series පිළිබඳවත් අදහස් දක්වමින්  Ather Energy  හි ප්‍රධාන විකිණුම් නිලධාරී රව්නීත් සිං පෝකෙලා මහතා මෙසේ පැවසීය.

ඉන්දියාවේ ප්‍රධානතම ඉලෙක්ට්්‍රක් ස්කූටර් නිපදවන්නා වන Ather Energy සමාගම ශ්‍රී ලංකාවේ Evolution Auto  සමඟ අත්වැල් බැඳගැනීම අපේ විශාල ජයග්‍රහනයක්. ඒ අනුව ශ්‍රී ලංකාවේ රථවාහන වෙළඳපොළ නව මානයකට යොමු කරන ඉලෙක්ට්්‍රක් ස්කූටර් අත්දැකීම මෙරට ස්කූටර් ලෝලීන්ට විවර වෙනවා. නවීන තාක්‍ෂණය, අද්විතීය ක්‍රියාකාරීත්වය, වැඩි ඉතිරිය ආදියෙන් ඔබ වඩාත් තෘප්තිමත් වනු ඇත. ශ්‍රී ලංකාවට Ather හඳුන්වාදීමෙන් අපේ දෙවැනි ජාත්‍යන්තර වෙළඳපොල විවෘත වුනා. ඉලෙක්ට්්‍රක් රථවාහන කර්මාන්තය සමඟ දිගු ගමනක් යෑම අපේ ඉලක්කයයි. Ather 450 Series සමඟ ශ්‍රී ලංකවේ ආර්ථිකය හා ගමනාගමන ක්‍ෂේත්‍රය නව මානයකට යොමු වනු ඇත. ඒ අතරම ලොව අග්‍රගන්‍ය නවීනතම තාක්‍ෂණය හා එහි සුපිරි විශේෂාංග අත්විඳින්න හැකියාව ලැබෙනවා. එපමණක් නොව ස්කූටර් ලෝලීන්ට මෙන්ම මෙරට ස්කූටර් වෙළඳපොළ තුළත් අද්විතීය විජයග්‍රණ අත්කර දීම මෙමගින් අපේක්‍ෂා කරයි. ඉදිරියේදී මගී සහ වාණිජ යන දෙඅංශයම ආවරණය වන ප්‍රවාහන විසඳුම් සපයන්නත් අපි සූදානම්.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments