asd
Thursday, October 17, 2024
spot_imgspot_imgspot_img
HomeBiz Newsසියපත ෆිනෑන්ස් පීඑල්සී වෙතින් නාවලපිටිය මාපාකන්ද විද්‍යාලයේ දරුදැරියන්ට අත්වැලක් ...

සියපත ෆිනෑන්ස් පීඑල්සී වෙතින් නාවලපිටිය මාපාකන්ද විද්‍යාලයේ දරුදැරියන්ට අත්වැලක් …

“දරුවන් සමාජයේ වටිනාම සම්පතයි” යන උදාරතර සිතුවිල්ල පෙරදැරිව සියපත ෆිනෑන්ස් පීඑල්සී විසින් නාවලපිටිය මාපාකන්ද විද්‍යාලයේ බටහිර තූර්ය වාදක කණ්ඩායමේ අවශ්‍යතාවක් සම්පූර්ණ කරමින් තූර්ය වාදක නිල ඇඳුම් කට්ටල පසුගියදා ප්‍රදානය කරන ලදී. සියපත ෆිනෑන්ස් පීඑල්සී නාවලපිටිය ශාඛාව විවෘත කිරීමට සමගාමීව සිදුකෙරුණ මෙම තූර්ය වාදක කණ්ඩායම් නිලඇඳුම් ප්‍රදානෝත්සවය මාපාකන්ද විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය, සිසු දරු දැරියන් හා බටහිර තූර්ය වාදක කණ්ඩායමේ දරුවන් විසින් උත්සවාකාරයෙන් සංවිධානය කොට තිබූ අතර එහිදී සියපත ෆිනෑන්ස් පීඑල්සී කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනෙවිරත්න මහතාට, සියපත ෆිනෑන්ස් පීඑල්සී ජේෂ්ඨ කළමනාකාරීත්වයට හා කාර්ය මණ්ඩලයට උණුසුම් පිළිගැනීමක් ලැබිණ.

සියපත ෆිනෑන්ස් පීඑල්සී සමාජ සත්කාරක ප්‍රතිපත්තිය තුළ දැයේ දූ දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය සවිබල ගැන්වීමෙහිලා සුවිශේෂී ස්ථානයක් හිමිවේ. නාවලපිටිය මාපාකන්ද විද්‍යාලයේ බටහිර තූර්ය වාදක කණ්ඩායම් නිල ඇඳුම් පිරිනැමීමට සමගාමීව, සියපත ෆිනෑන්ස් පීඑල්සී කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනෙවිරත්න මහතා විසින් විද්‍යාලයේ දරු දැරියන්ගේ දස්කම් ඔප්නැංවීමෙහිලා අවශ්‍යතාවක්ව පැවැති ශබ්දෝපකරණ පද්ධතියක් ද පිරිනැමීමට කටයුතු කෙරිණ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments