asd
Thursday, October 17, 2024
spot_imgspot_imgspot_img
HomeBiz Newsසියපත ෆිනෑන්ස් 2024 වර්ෂයේ පළමු අර්ධයේ ස්ථාවර වර්ධනයක් ..

සියපත ෆිනෑන්ස් 2024 වර්ෂයේ පළමු අර්ධයේ ස්ථාවර වර්ධනයක් ..

සියපත ෆිනෑන්ස් පීඑල්සී සමාගම 2024 ජූනි 30 දිනෙන් අවසන් වූ පළමු අර්ධය සඳහා ස්ථාවර මූල්‍ය වර්ධනයක් වාර්තා කර ඇත. සමාගම රුපියල් මිලියන 512. 64 ක බදු පසු ලාභයක් (PAT) වාර්තා කර ඇති අතර, එය පසුගිය වසරේ අදාළ කාලපරිච්ඡේදයට සාපේක්ෂව 189%ක වැඩිවීමකි. එමෙන්ම, බදු පෙර ලාභය (PBT) පෙර වසරේ අදාල කාලපරිච්ඡේදයට සාපේක්ෂව 133%කින් වර්ධනය වී රුපියල් මිලියන 1215. 02 දක්වා ඉහළ ගොස් ඇත.

මෙම කාලසීමාව තුළ, ශුද්ධ පොලී ආදායම (NII) සැලකිය යුතු ලෙස 70.0% කින් ඉහළ ගොස් රුපියල් මිලියන 2,078. 00 ක් දක්වා ළඟා වූ අතර, පසුගිය වසරේ වාර්තා වූ රුපියල් මිලියන 1, 222. 67 ට සාපේක්ෂව මෙය ඉහළ අගයකි. මෙම ඉහළ යාම මූලික වශයෙන් 2024 ජූනි 30 වන විට පොලී වියදම් සැලකිය යුතු ලෙස අඩු වීම හේතුවෙන් සිදුව ඇත.

වත්කම් මත ප්‍රතිලාභ අනුපාතය (ROA) සහ සහ හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය (ROE) පිළිවෙලින් 4.35% සහ 13.29% ලෙස වාර්තා කළ සියපත ෆිනෑන්ස් පීඑල්සී සමාගම, ආදායම මත පිරිවැය අනුපාතය 55.59% ක් ලෙස පවත්වා ගනිමින්, පසුගිය වසරේ එම කාලපරිච්ඡේදයට සාපේක්ෂව 13.93% ක වැඩිවීමක් වාර්තා කරන ලදී.

මෙම විමසීමට ලක් කළ කාලසීමාව ඇතුලත ශ්‍රී ලංකාවේ සිදුවූ සමාජ – ආර්ථික විපර්යාසයන් හමුවේ ඉතාමත්ම තෘප්තිමත් විය හැකි තරමේ මූල්‍ය ස්ථාවරත්වයක් පෙන්නුම් කිරීමට සියපත ෆිනෑන්ස් පීඑල්සී සමත්ව ඇත. එම මූල්‍ය ස්ථාවරත්වය පළමු වන ස්ථරයේදී (Tier 1) සහ මුළු ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාත (CAR) මගින් පිළිබිඹු වූ අතර, ඒවා පිළිවෙලින් 16.43% සහ 19.42% ක් වූ අතර, ව්‍යවස්ථාපිත අවම අනුපාත වන 8.50% සහ 12.50% ඉක්මවා ගොස් ඇත.

වත්කම් ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ගත් කල, විමසීමට ලක් කළ කාලපරිච්ඡේදය තුළ මුළු වත්කම් රු.බිලියන 56. 18 ක් ලෙස වාර්තා වූ අතර, පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ අදාල කාලපරිච්ඡේදයේදී එය රුපියල් බිලියන 47. 35 ක් විය. තවද පෙර වර්ෂයේ පළමු අර්ධය සමග සැසඳීමේදී අක්‍රීය ණය අනුපාතය 7. 74% කින් අඩුවීම තුළ ආයතනයේ ණය කළඹෙහි සිදුවී ඇති ගුණාත්මක වර්ධනය පෙන්නුම් කරයි.

2005 වසරේ ව්‍යාපාරික මෙහෙයුම් අරඹා විශිෂ්ට තත්ත්වයේ පාරිභෝගික කේන්ද්‍රීය මූල්‍ය විසඳුම් ලබාදීමෙහිලා ශ්‍රී ලාංකිකයන් අතර කීර්තියක් දිනාසිටින සියපත ෆිනෑන්ස් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) විසින් නියාමනය කරනු ලබන බලපත්‍රලාභී මූල්‍ය සමාගමකි. දශකයකට අධික කාලයක් කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) ලැයිස්තුගත සමාගමක් ලෙස ස්ථාවරව සිටින සියපත ෆිනෑන්ස් පීඑල්සී ෆිච් ශ්‍රේණිගත කිරීම් අනුව BBB+ (lka) හිමිකරගත් ශක්තිමත් හා ස්ථාවර දේශීය මූල්‍ය සමාගමක් ලෙස සිය මූල්‍ය ස්ථාවරත්වය සනාථ කරයි. සම්පත් බැංකු සමූහයට අයත් විශාලතම අනුබද්ධිත සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑල්සී 19 වසරක් තිස්සේ පළපුරුදු විශේෂඥ කාර්යය මණ්ඩලයක් සමග උතුරු හා නැගෙනහිර ඇතුළුව මුළු දිවයිනම ආවරණය වන ආකාරයෙන් දීප ව්‍යාප්ත ශක්තිමත් ශාඛා ජාලයක් හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ප්‍රමුඛව දිරියෙන් නැගීසිටින්නට වෙරදරන ශ්‍රී ලාංකිකයන් රැසක් සවිබල ගන්වා ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments