asd
Thursday, October 17, 2024
spot_imgspot_imgspot_img
HomeBiz Newsපොලිමර් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙක් වන SDD Polymer පුද්ගලික සමාගම 20 වැනි සංවත්සරය සමරයි..

පොලිමර් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙක් වන SDD Polymer පුද්ගලික සමාගම 20 වැනි සංවත්සරය සමරයි..

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ප්ලාස්ටික් අමුද්‍රව්‍ය බෙදාහරින්නෙකු සහ සැපයුම්කරුවෙකු වන SDD Polymer පුද්ගලික සමාගම පසුගියදා සිය 20 වැනි සංවත්සරය සැමරීය. එහි නිර්මාතෘන් වන ජෙයසීලන් මහතා සහ එම මහත්මිය, ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් ඇතුළු විශේෂ ආරාධිත අමුත්තන් සහ කාර්ය මණ්ඩලය ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වය ඇතිව ඉතා උත්කර්ෂවත් අන්දමින් කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී පසුගියදා සංවත්සරය සමරනු ලැබීය.

2004 වසරේදී ආරම්භ කරන ලද SDD Polymer සමාගම කුඩා සමාගමක සිට පොලිමර් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙක් දක්වා පැමිණි ගමන නව්‍යකරණය, සාර්ථක ව්‍යවසායකත්වය, සහයෝගීතාවය වැනි සාධක ගණනාවක් මත පදනම් වූ ගමනක් වශයෙන් හැඳින්විය හැකිය. පෙට්‍රොකෙමිකල් නිෂ්පාදන අංශයේ ප්‍රවීණයෙක් වන SDD Polymer පුද්ගලික සමාගම Polypropylene (PP), High-density Polyethylene (HDPE), Low-density Polyethylene (LDPE), Linear Low-density Polyethylene (LLDPE), Polystyrene (PS), Masterbatches, Additives, Fillers, Compounds වැනි නිෂ්පාදන සපයමින් ප්ලාස්ටික් නිෂ්පාදන අංශ ගණනාවක් ආවරණය කරයි.

SDD Polymer සමාගමේ 20 වැනි සංවත්සර උත්සවය සමාගමේ සාර්ථකත්වය සැමරුමට පමණක් සීමා නොවී සිය හවුල්කරුවන්, ගනුදෙනුකරුවන් මෙන්ම සේවක මණ්ඩලය ද ඇගයීමට ලක් කළ අවස්ථාවක් වීම විශේෂත්වයකි. එහිදී ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් වන Premium Packaging Solutions Pvt Ltd ආයතනයේ සභාපති/කළමනාකාර අධ්‍යක්ෂක රොහාන් විජේසිංහ, Polypack Secco Ltd ආයතනයේ වාණිජ කළමනාකරු වන ඇලෙක්ස් සෝමරත්න යන මහත්වරුන් SDD Polymer පුද්ගලික සමාගමේ සාර්ථකත්වය සහ ක්ෂේත්‍රයේ ප්‍රගමනය පිළිබඳව අදහස් දැක්වූ අතර සමාගමේ මාර්ගගත හවුල්කරුවන් වන ඉන්දියාවේ Supreme Petrochem Ltd සමාගමේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ආර්. රෙන්ගරාජන් මහතා, Plastiblends India Ltd සමාගමේ උප සභාපති/කළමනාකාර අධ්‍යක්ෂක වරුන් කබ්‍රා මහතා සහ SDD Polymer උපදේශක (ෆින්ලේස් සමාගමේ හිටපු අධ්‍යක්ෂක) රොමේෂ් මොරායස් යන මහත්වරුන් SDD Polymer සමාගමේ නව්‍යකරණ හැකියාවන් සහ තිරසාරත්වය, විශිෂ්ටත්වය කෙරෙහි ඇති කැපවීම සම්බන්ධයෙන් අදහස් දැක්වීය. ඊට අමතරව සමාගමේ නිර්මාතෘ ජෙයසීලන් මහතාගේ සහෝදර ගුණසීලන් මහතා සමාගමේ දැක්ම සහ වටිනාකම් සම්බන්ධයෙන් සිය අදහස් පළ කළේය.

එමෙන්ම සිය සාර්ථකත්වයට නොමඳ සවියක් වූ ව්‍යාපාර හවුල්කරුවන් සහ සේවක සේවිකාවන් ඇගයීමට ලක් කිරීමටද SDD Polymer පුද්ගලික සමාගම කටයුතු කළ අතර දීර්ඝ කාලයක් පුරා සමාගමේ දියුණුව වෙනුවෙන් දශකයකට අධික කාලයක් පුරා සිය දායකත්වය දැක්වූ චතුරිකා තේනුවර මහත්මිය සහ සංගීතිකා ප්‍රනාන්දු මහත්මිය සම්මානයට පාත්‍ර වීම මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය.

SDD Polymer පුද්ගලික සමාගමේ නිර්මාතෘ/කළමනාකාර අධ්‍යක්ෂක ජෙයසීලන් මහතා සමාගමේ සාර්ථකත්වය වෙනුවෙන් දායකත්වය දැක්වූ සැමට සිය ආචාරය පුද කරමින් මෙසේ පැවසීය. “20 වසරක් පුරා අප පැමිණි ගමනේ සාර්ථකත්වය අපේ හවුල්කරුවන් සහ කාර්යමණ්ඩලය ඇතුළු සියලු දෙනාගේ කැපවීම වෙහෙස මහන්සිය නිසා අත්පත් කරගත් ජයග්‍රහණයක්. ඉදිරියටත් මේ ආකාරයෙන්ම අපේ එකමුතුකම, සහයෝගීතාවය තුළින් නව්‍යකරණය, දියුණුව සහ තිරසාරත්වය අත්පත් කරගැනීම අපේ බලාපොරොත්තුවයි.”

SDD Polymer සංවත්සර සැමරුම ආකර්ෂණීය විනෝදාත්මක අංගයන් සහ ප්‍රිය සම්භාෂණයෙන් පිරුණු එකක් වූ අතර සියලු දෙනාගේ දායකත්වය ඇතිව සමාගමේ මෙන්ම ක්ෂේත්‍රයෙත් රටේ ආර්ථිකයේත් සංවර්ධනය ඉලක්ක කරගත් නව පරිච්ඡේදයක් ආරම්භය ද එහිදී සනිටුහන් වූ බව පැවසිය හැකිය. 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments