asd
Wednesday, October 16, 2024
spot_imgspot_imgspot_img
HomeBiz News'DIVA දෑතට දිරියක්' කාන්තා ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධන වැඩසටහනේ උතුරු මැද පළාත් සම්මන්ත්‍රණය...

‘DIVA දෑතට දිරියක්’ කාන්තා ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධන වැඩසටහනේ උතුරු මැද පළාත් සම්මන්ත්‍රණය සඳහා ලියාපදිංචි කිරීම ඇරඹෙයි ..

‘දිවා දෑතට දිරියක්’ කාන්තා ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධන වැඩසටහන යනු දිවයිනේ කාන්තා ව්‍යවසායකයින්ට සහාය වීම සඳහා ලංකාවේ ප්‍රමුඛතම රෙදි සේදුම්කුඩු සන්නාමයක් වන Hemas Consumer Brands හි Diva සන්නාමය සහ කාන්තා කළමනාකරණ ආයතනය (Women in Management) අතර ඇති වූ සාර්ථක සහයෝගීතාවයකි. මෙම වැඩසටහන මේ වන විට පළාත් 5 ක අති සාර්ථකව පවත්වා ඇති අතර කාන්තා ව්‍යවසායකයින් 275 කට අධික සංඛ්‍යාවකගේ ව්‍යාපාර දියුණු කර ඔවුන් සවිබල ගැන්වීමට කටයුතු කර ඇත. මෙලෙස  කාන්තාවන්ට අවශ්‍ය ව්‍යවසායකත්ව කුසලතාවන්ගෙන් ඔවුන් සන්නද්ධ කිරීම ඔවුන්ගේ ව්‍යාපාර දියුණු කිරීමට පමණක් නොව රටෙහි ආර්ථික සංවර්ධනයට ද දායක වී ඇත.

මෙම වැඩසටහනේ 6 වන අදියර 2024 ඔක්තෝබර් මස 7 වන දින උදෑසන 9.00 සිට අනුරාධපුර මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දීඑක් දින වැඩමුළුවක් ලෙස පැවැත්වීමට සංවිධානය කර ඇත. කාන්තා කළමනාකරණ ආයතනයේ (WIM)  සභාපතිනී, ආචාර්ය සුලෝචනා සිගේරා මැතිණියගේ සම්පත් දායකත්වයෙන් මෙය පැවැත්වේ.

මෙම වැඩසටහන පැවැත්වෙන්නේ  කාන්තාවන්ගේ දැනුම, කුසලතා සහ ආත්ම විශ්වාසය වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙතෙක් පවත්වන ලද අතිසාර්ථක වැඩසටහන් මාලාවේ තවත් අදියරක් ලෙසිනි. මෙම එක් දින සම්මන්ත්‍රණය සිංහල භාෂාවෙන් පැවැත්වීමට නියමිතය.

‘DIVA දෑතට දිරියක්’ වැඩසටහන ආරම්භයේ පටන්ම, කාන්තාවන් බලගන්වමින් ඔවුන්ව කුඩා පරිමාණ නිෂ්පාදකයින්ගේ සිට ඉතාමත් සාර්ථක ව්‍යවසායිකාවන් දක්වා පරිවර්තනය කිරීමට මහඟු සේවයක් ඉටු කර ඇත. මෙම වැඩසටහන මඟින් ව්‍යාපාර ලියාපදිංචිය, මූල්‍ය කළමනාකරණය, උපායශීලි මිලකරණය, පාරිභෝගික සත්කාර, විද්‍යුත් වාණිජ්‍ය, අලෙවිකරණය, සන්නාමකරණය සහ ඇසුරුම්කරණය වැනි අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර රාශියක් ආවරණය කරයි.  මෙම අත්‍යවශ්‍ය අංග ඇතුළත් කිරීමෙන්, ආර්ථික අභියෝග හමුවේ වුවද තම ආර්ථිකය ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමට කාන්තාවන් සවිබල ගැන්වීම අරමුණු කරයි.

මෙම වැඩසටහන දැනටමත් දංකොටුව, යාපනය, ගාල්ල, වැලිමඩ සහ මාතලේ ඇතුළු ශ්‍රී ලංකාව පුරා විවිධ ප්‍රදේශවල කාන්තාවන් 275 කට අධික සංඛ්‍යාවකට තම ව්‍යාපාර ආරම්භ කිරීමට සහ පුළුල් කිරීමට සවියක් වී ඇත. අනුරාධපුරයේ පැවැත්වෙන සම්මන්ත්‍රණය,   වැඩසටහන් මාලාවේ 6 වැනි අදියර සනිටුහන් කරන අතර මේ සඳහා සහභාගි වීමට, කැමති කාන්තාවන්ට ඔක්තෝබර් මස 3 වනදා දක්වා සිය අයදුම්පත් භාර දීමට හැකිය.

උතුරු මැද පළාතේ පැවැත්වීමට නියමිත  ‘DIVA දෑතට දිරියක්’ ව්‍යාපාරික කුසලතා සංවර්ධන වැඩසටහනට සහභාගි වීමට කැමති කාන්තාවන්ට, ඒ පිළිබඳව තොරතුරු ලබා ගැනීම සඳහා Diva Sri Lanka හි නිල Facebook පිටුව භාවිතා කළ හැකිය. වැඩමුළුවෙහි ආසන වෙන් කරවා ගැනීම සඳහා WhatsApp පණිවිඩයක්, කෙටි පණිවිඩයක් හෝ ඇමතුමක් 076 056 4734 දුරකථන අංකයට යොමු කළ හැක.

Hemas Consumer Brands හි ජ්‍යෙෂ්ඨ සන්නාම විධායිකා පියුමි රාජපක්ෂ මේ පිළිබඳව අදහස් දක්වමින්, “DIVA දෑතට දිරියක් වැඩසටහන අප කැපවීමෙන් සිදු කරන්නේ “තොටිල්ල පදවන දෑත ලොව ආණ්ඩු කරවයි” යන ප්‍රකාශයෙන් පිළිබිඹු වන කාන්තා දෑතේ ශක්තිය වැඩි දියුණු කිරීම අරමුණු කර ගෙනයි. කාන්තා කළමනාකරණ ආයතනය (WIM) වැනි සංවිධාන සහ මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වැනි ප්‍රාදේශීය බලධාරීන් සමඟ හවුල් වී කාන්තාවන්ට ව්‍යාපාරික ලෝකය තුළ ඉදිරියට යාමට අවශ්‍ය මඟපෙන්වීම හා සම්පත් ලබා දීම සඳහා Diva සන්නාමය මෙම ප්‍රයත්නය ක්‍රියාත්මක කරනවා” යනුවෙන් ප්‍රකාශ කළාය.

Diva සන්නාමය මෙම වැඩසටහන කාන්තා ව්‍යවසායිකාවන් දිරිමත් කිරීමේ අරමුණින් දියත් කරනු ලබයි. මෙය Diva හි සන්නාම අරමුණෙහි අනිවාර්ය අංගයක් වන අතර, ඒ තුළින්  ගෘහස්ථ ආර්ථිකයට ශක්තියක් සහ සහයෝගයක් ලබාදීමට අරමුණු කරයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments