asd
Wednesday, October 16, 2024
spot_imgspot_imgspot_img
HomeNews‘ලක්දිව උතුරුකරයේ ආර්ය සභ්‍යත්වය’ ග්‍රන්ථය දොරට වඩියි..

‘ලක්දිව උතුරුකරයේ ආර්ය සභ්‍යත්වය’ ග්‍රන්ථය දොරට වඩියි..

සුමේධ වීරවර්ධන සහ සමීර ප්‍රසංග යන විද්වතුන් දෙදෙනා විසින් සංස්කරණයකර තිබෙන උතුරුකරයේ ආර්ය සභ්‍යත්වය මැයෙන් වන ග්‍රන්ථය එළිදැක්වීමේ උළෙල පසුගියදා, කොළඹ 03 සුමති ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එහිදී බෞද්ධාලෝක පදනමේ සභාපති ජගත් සුමතිපාල මහතා විසින් ත්‍රිකුණාමලයේ ආනන්ද අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායේ මහනාහිමියන් වෙත එම ග්‍රන්ථය පිළිගන්වන ලදී.

ශ්‍රී ලාංකේය ඉතිහාසයේ තවත් එක් පාර්ශ්වයක් සම්බන්ධයෙන් පාඨක ජනතාවට තොරතුරු ලබා දෙන කෘතියක් ලෙස මෙම උතුරුකරයේ ආර්ය සභ්‍යත්වය නමැති කෘතිය සඳහන් කළ හැකිය.

මෙහිදී මෙම සංස්කාරකවරුන් දෙදෙනාගේ ප්‍රධාන අභිප්‍රාය වී තිබෙන්නේ ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශය තුළ ජනාවාස ව්‍යාප්තියේ ස්වභාවය පිළිබඳව ප්‍රාථමික මූලාශ්‍රය සහ ද්විතීය මූලාශ්‍රය ආශ්‍රිතව දක්නට ලැබෙන කරුණු විශ්ලේශනාත්මකව විග්‍රහයකට ලක් කිරීමයි. එහිදී ඈත අතීතයේ සිට අනුරාධපුර යුගයේ අවසානය දක්වාත් පොලොන්නරුව අවධියේ සිට 1948 දක්වාත්,  ලංකාවේ උතුරුකරයේ සංක්ෂිප්ත ඉතිහාසයත් මූලික වශයෙන්ම මෙම කතුවරුන් විසින් අවධානයට ලක්කර තිබේ.

මෙහි පළමු පරිච්ඡේදයෙහිදී උතුරු ප්‍රදේශය ආශ්‍රිතව දක්නට ලැබෙන භූගෝලීය ලක්ෂණ සාකච්ඡාවට භාජනයකර ඇති අතර ඒ ආශ්‍රිතව ශ්‍රී ලංකාවේ ඓතිහාසික ගමන් මඟ වර්ධනය වූ ආකාරය සම්බන්ධයෙන් විග්‍රහයක් ඉදිරිපත්කර තිබේ. දෙවන පරිච්ඡේදය තුළ මහනුවර සහ බටහිර ආධිපත්‍යය යටතේ උතුරේ පැවතුණු දේශපාලන ඉතිහාසය විග්‍රහකර තිබේ.

මෙම කෘතියේ තෙවැනි පරිච්ඡේදය වෙන්කර තිබෙන්නේ උතුරුකරයේ ඉතිහාසය හැදෑරීමෙහි බහුවිධ ප්‍රවේශයන් නමිනි. මෙහිදී පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර තුළින් හෙළිවන කරුණු ගණනාවක් සාකච්ඡාවට භාජනයකර තිබේ. ඒ යටතේ උතුරු ප්‍රදේශයෙන් හමුවන පැරණි කාසි පිළිබඳව ද වාස්තු විද්‍යාත්මක නිර්මාණ සහ කලාකෘති පිළිබඳව ද එමෙන්ම උතුරු ප්‍රදේශය තුළ සිදු කරනු ලැබූ කැණීම් සහ ඒවායින් අනාවරණය වූ පුරාවස්තූන් පිළිබඳව ද කුලී සේනා සහ උතුරු ප්‍රදේශයේ සාගරය ආශ්‍රිතව හමු වූ සාගරික නටබුන් ආශ්‍රිතව ද මනා විග්‍රහයක් ඉදිරිපත්කර තිබේ.

පොදුවේ සලකන කල්හි  ලක්දිව උතුරුකරයේ ආර්ය සභ්‍යත්වය නමැති ග්‍රන්ථය ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශය ආශ්‍රිතව පැවති දේශපාලනික තත්ත්වය, සංස්කෘතික සහ ජනවාර්ගික තත්ත්වය සහ සමාජයීය තත්ත්වය සම්බන්ධයෙන් ඉතා අගනා කරුණු ගණනාවක් විශ්ලේෂණයකට ලක් කෙරෙන කෘතියක් ලෙස නිගමනය කළ හැකිය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments