asd
Wednesday, October 16, 2024
spot_imgspot_imgspot_img
HomeBiz NewsHUTCH වෙතින් අරංගාව ශ්‍රී ධර්මාරාම ප්‍රාථමික විද්‍යාලයට පරිගණක පරිත්‍යාගයක්..

HUTCH වෙතින් අරංගාව ශ්‍රී ධර්මාරාම ප්‍රාථමික විද්‍යාලයට පරිගණක පරිත්‍යාගයක්..

HUTCH විසින් පසුගියදා මිනුවන්ගොඩ අරංගාව ශ්‍රී ධර්මාරාම ප්‍රාථමික විද්‍යාලයට පරිගණක පරිත්‍යාග කරන ලදි. මෙය ශ්‍රී ලංකාවේ ඩිජිටල් සාක්ෂරතාව නැංවීම සඳහා HUTCH විසින් ක්‍රියාවට නංවා ඇති ආයතනික ප්‍රජා සත්කාර වැඩසටහන් මාලාවක එක් පියවරකි. ජාත්‍යන්තර සාක්ෂරතා දිනය නිමිත්තෙන් මෙම පරිත්‍යාගය සිදුකරන ලද අතර, මෙවැනි ප්‍රජා සත්කාරයන් ඔස්සේ විශේෂයෙන්ම ග්‍රාමීය සහ අඩු පහසුකම්ලාභී ප්‍රජාවන්ගේ අධ්‍යාපන තත්ත්වය නංවාලීම සඳහා තාක්ෂණික පහසුකම් සැපයීම HUTCH සමාගමේ අරමුණ වී තිබේ.

ඩිජිටල් තාක්ෂණය මේ වනවිට අධ්‍යාපනය තුළ අනිවාර්ය අංගයක් බවට පත් වී ඇත. මෙරට ඩිජිටල් තාක්ෂණික පහසුකම් නොමැති පාසල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට එම පහසුකම් පිරිනැමීමේ අරමුණින් HUTCH විසින් මෙම ප්‍රජා සත්කාරය ක්‍රියාවට නංවා තිබේ. මෙය අධ්‍යාපනික පහසුකම් සම්බන්ධයෙන් නාගරික ප්‍රදේශ සහ ග්‍රාමීය ප්‍රදේශ අතර පවතින පරතරය අවම කිරීමටද දායක වනු ඇත. ඉදිරියේදී රට පුරා තවත් පාසල් රාශියක් වෙනුවෙන් මෙවැනි පරිත්‍යාග සිදුකිරීමට HUTCH බලාපොරොත්තු වෙයි.

මෙම පරිගණක පරිත්‍යාග කිරීම වෙනුවෙන් පැවති විශේෂ උත්සවයට HUTCH සාමාන්‍යාධිකාරී (ආයතනික කටයුතු) මංගල බණ්ඩාර, සාමාන්‍යාධිකාරී (තොරතුරු තාක්ෂණ සහ මූලික ජාල) ඉන්දික එදිරිසිංහ සහ පාරිභෝගික සේවා ප්‍රධානී මරීනා එමානුවෙල් යන මහත්ම මහත්මීහුද සහභාගී වූහ. ඔවුන්ගේ සහභාගීත්වය, මෙම වැඩසටහනේ වැදගත්කම තහවුරු කරන මනා සාක්ෂියකි. මෙබඳු අර්ථවත් ආයතනික ප්‍රජා සත්කාරයන් ඔස්සේ ප්‍රජාවන් තුළ යහපත් වෙනස්කම් ඇතිකරවීම සම්බන්ධයෙන් පෙරමුණ ගැනීමට HUTCH මේ වනවිට සමත් වී තිබේ.

මෙවැනි වැඩසටහන් ඔස්සේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඩිජිටල් පරිවර්තනයට අර්ථවත් දායකත්වයක් ලබාදීමට තමන්ට හැකි වී ඇති බව HUTCH විශ්වාස කරයි. පරිගණක යනු ලෝකය සමග සම්බන්ධ වීම සඳහා අතිශයින් වැදගත් වන මෙවලමක් වන අතර, පරිගණක දැනුම මෙරට අනාගත පරපුරේ දියුණුව උදෙසා කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටුකරනු ඇත.

ඩිජිටල් සාක්ෂරතාව යනු පරිපූර්ණ අධ්‍යාපනයක අනිවාර්ය අංගයකි. දරුවන් තුළ ඩිජිටල් සාක්ෂරතාව ඇතිකරමින්, ඔවුන් අනාගතය සඳහා සූදානම් කරවීම මෙම ප්‍රජා සත්කාරයේ ප්‍රධානතම ඉලක්කයක් වී තිබේ. ඉදිරියටත් මෙබඳු වැඩසටහන් ඔස්සේ මෙරට සමස්ත දරු පරපුර වෙත නවීන තාක්ෂණය සමීප කරමින්, රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය නංවාලීමට අඛණ්ඩව දායක වීම HUTCH සමාගමේ අරමුණ වී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments