asd
Wednesday, October 16, 2024
spot_imgspot_imgspot_img
HomeBiz Newsවිස්වක සිය සාඩම්බරණීය 21වන සංවත්සරය  නෙලුම් කුළුණ ‘කොස්මික්’හි දී සමරයි. ..

විස්වක සිය සාඩම්බරණීය 21වන සංවත්සරය  නෙලුම් කුළුණ ‘කොස්මික්’හි දී සමරයි. ..

ශ්‍රී ලංකාවේ පුරෝගාමී ආහාර ද්‍රව්‍ය සැපයුම්කරුවෙකු වන ‘විස්වක’ පසුගියදා සිය සාඩම්බරණීය 21 වැනි සංවත්සරය සමරනු ලැබීය. ආහාර අලෙවිකරණය සහ ආහාර අමුද්‍රව්‍ය සැපයුම් ක්ෂේත්‍රයේ සුවිශේෂී පාරිභෝගික සේවාවක් සැපයීමට ‘විස්වක’ සතු අසමසම කැපවීම මෙම අවස්ථාවේ දී තහවුරු විය. ආරම්භයේ සිටම, ‘විස්වක’ ආහාර නිෂ්පාදන අංශය තුළ තාක්ෂණික මෙහෙයුම් කළමනාකරණයේ ප්‍රමුඛ උපදේශකයෙකු බවට පත් විය. සිය ගෝලීය සැපයුම්කරුවන්ගේ ජාලයෙන් ලබා ගන්නා විවිධ ආහාර සහ ආහාර අමුද්‍රව්‍ය සඳහා නියෝජිතයන් ලෙස කටයුතු කිරීම දක්වා සමාගමේ විශේෂඥතාව විහිදේ.

‘විස්වක’ ආයතනයේ 21 වැනි සංවත්සර සැමරුම කොළඹ නෙළුම් කුළුණේ 26 වැනි මහලේ පොළවේ සිට අඩි 751ක් උසින් පිහිටි දකුණු ආසියාවේ උසම භෝජනාගාරය වන ‘කොස්මික්’ හිදී පැවැත්විණි. මෙම සුවිශේෂී අවස්ථාව ආයතනය මෙතෙක් අත්කර ගත් සාර්ථකත්වයන් පිළිබඳව සතුටුවීමට මෙන්ම අනාගතයේ ඇති නවෝත්පාදන සඳහා අවධානය යොමු කිරීම සඳහා විශිෂ්ට පසුබිමක් සපයන ලදී. මෙම සංවත්සර සැමරුමේදී සමාගමේ අලෙවි කණ්ඩායමේ විශිෂ්ට දායකත්වය ද ඇගයීමට ලක් වූ අතර දිමුතු එරංග වික්‍රමතුංග මහතා ඒ සඳහා දැක්වූ අද්විතීය දායකත්වය වෙනුවෙන් සම්මානයට පාත්‍ර විය.

පසුගිය වසර 20 ක කාලය තුළ ‘විස්වක’ ආයතනය, දේශීය ආහාර ක්ෂේත්‍රයේ විශාල පරිවර්තනයක් සිදුකර ඇත. ඒ සඳහා කැපී පෙනෙන උදාහරණයක් වන්නේ බහුජාතික ක්ෂණික සේවා අවන්හල් (QSRs) සමඟ සමාගම සතු හවුල්කාරිත්වයයි. ‘විස්වක’ සමාගම එම අවන්හල්වල ආහාර වට්ටෝරු දේශීය වෙළඳපල අවශ්‍යතාවලට සහ පාරිභෝගිකයන්ට ගැලපෙන පරිදි සාර්ථකව වෙනස් කළ අතර එම නිෂ්පාදනයන්හි ගුණාත්මකභාවය පවත්වාගෙන යාම සහතික කරයි.

එමෙන්ම තවත් QSR දාමයක් සමඟ සමාගම  සහයෝගීතාවයක් ආරම්භ කළ අතර ඔවුන්ගේ නිෂ්පාදනවල තාක්ෂණික ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීම සඳහා නව අමුද්‍රව්‍ය යොදාගෙන ආහාර වට්ටෝරුව වැඩිදියුණු කිරීමට සම්බන්ධ විය. මෙම හවුල්කාරිත්වය මඟින් සිය පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා නව්‍ය විසඳුම් ලබා දීමට ‘විස්වක’ ආයතනය සතු හැකියාව පෙන්නුම් කරයි. ‘විස්වක’ සමාගම ආහාර ද්‍රව්‍ය බෙදා හැරීමෙන් ඔබ්බට ගොස්, සිය වටිනා අත්දැකීම් බෙදාහදා ගැනීම සහ හරවත් සාකච්ඡාවන් තුලින් පාරිභෝගිකයින් නිෂ්පාදන විශිෂ්ටත්වයක් කරා ගෙන ගොස් ඔවුන්ගේ සාර්ථකත්වය සහතික කිරීම සඳහා කටයුතු කරයි.

ආහාර සහ ආහාර අමුද්‍රව්‍ය සැපයුම් අංශයේ නව්‍ය ප්‍රමුඛයා වීම යන සමාගමේ දැක්මට අනුකූලව, මෙම සංවත්සර සැමරුමේදී පෙර කිසිදා වෙළඳපල වෙත හඳුන්වා නොදුන් පෙරළිකාර නිෂ්පාදන සංකල්ප හයක් හඳුන්වා දීම ද සිදුවිය. ‘විස්වක’ සමාගමේ   ආරම්භක සභාපති වන, චූලා ද සිල්වා මහතා රැස්ව සිටි පිරිස සමඟ සිය අදහස් බෙදාගනිමින්, “විස්වක අපගේ අරමුණ වන්නේ, නව්‍ය ආහාර අමුද්‍රව්‍යවල සහ විවිධ කාර්මික යෙදවුම් වල ප්‍රතිලාභ කර්මාන්තමය සහ ගෘහස්ථ ආහාර නිෂ්පාදන ක්‍රියාවලි වෙත යොමු කිරීමයි. පසුගිය වසර 21ක සාර්ථකත්වය මෙන්ම අප ඉදිරියට දියත් කිරීමට බලාපොරොත්තු වන වැඩකටයුතු මඟින් මෙම අරමුණ සාධාරණීකරණය කරනු ලබන බව අපට විශ්වාසයි” යනුවෙන් ප්‍රකාශ කළේය.

‘විස්වක’ සමාගම අනාගතයට පිවිසෙමින්, සිය ව්‍යාපාර සහ පාරිභෝගිකයින් සඳහා විශ්වාසදායක හවුල්කරුවෙකු ලෙස අඛණ්ඩව කටයුතු කරන අතරම, නවෝත්පාදනයන් තුලින් ආහාර නිෂ්පාදන අංශයේ දැවැන්තයෙකු වීමට කැපවී සිටී.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments