asd
Wednesday, October 16, 2024
spot_imgspot_imgspot_img
HomeBiz Newsයුනිලීවර් ශ්‍රී ලංකා සමාගම උපාධි අපේක්ෂකයන්ගේ ප්‍රමුඛතම සේවා යෝජකයා බවට 12වරටත් අඛණ්ඩව...

යුනිලීවර් ශ්‍රී ලංකා සමාගම උපාධි අපේක්ෂකයන්ගේ ප්‍රමුඛතම සේවා යෝජකයා බවට 12වරටත් අඛණ්ඩව තේරී පත්වේ..

යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම  ශ්‍රී ලංකාවේ උපාධි අපේක්ෂකයන් අතර වඩාත් ප්‍රියතම සේවා යෝජකයා ලෙස නැවත වරක් සිය විශිෂ්ටත්වය තහවුරු කරගැනීමට සමත්විය. මෙම සමීක්ෂණය ස්වාධීන පර්යේෂණ ආයතනයක් විසින් සිදුකරන ලද අතර එහිදී යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම අංක එකේ සේවා යෝජකයා ලෙස තේරී පත්විය. තරුණ පරපුරෙහි කුසලතා සංවර්ධනය කිරීම හා වෘත්තීය අවස්ථා ලබාදීම කෙරෙහි ඔවුන් දක්වන දායකත්වය මෙම ජයග්‍රහණය හරහා මැනවින් සනිටුහන් කරයි.

වාර්ෂිකව පවත්වනු ලබන “Employer of Choice” සමීක්ෂණය මඟින් කළමනාකරණය , විද්‍යා හා ඉංජිනේරු ක්ෂේත්‍රයන්හි ශ්‍රී ලංකාවේ ජාතික හා පෞද්ගලික විශ්ව විද්‍යාලවල උපාධි අපේක්ෂකයන්ගේ මනාපයන් පිළිබඳව ගවේෂණය කරනු ලබයි. මෙම සමීක්ෂණය සඳහා මෙරට පුරා විසිරි සිටින උපාධි අපේක්ෂකයන් 360ක් පමණ සහභාගී වූ ලද අතර තරුණ සේවා නියුක්තිය සඳහා ඔවුන්ගේ ආයෝජන , තරුණ ප්‍රජාව අතර සන්නාමයේ ඇති පැවැත්ම, වෘත්තීය අවස්ථා හා අපේක්ෂාවන් වැනි සාධක මෙම සමීක්ෂණය සඳහා පදනම් වී ඇත. එහිදී යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම මෙම සමීක්ෂණයට සහභාගී වූ උපාධි අපේක්ෂකයන්ගේ හදවත් හා මනස මැනවින් ග්‍රහණය කරගනිමින් සිය විශිෂ්ටත්වය තහවුරු කර තිබේ.

යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ මානව සම්පත් අධ්‍යක්ෂක අජිත් තෝමස් මහතා මේ පිළිබඳව මෙසේ සිය අදහස් දැක්වීය. තාරුණ්‍යයේ දක්ෂතා සවිබල ගන්වමින් ඔවුන්ගේ සාර්ථකත්වය පෝෂණය කරන නම්‍යශීලී වැඩසටහන් සංවිධානය වෙනුවෙන් අපි කැපවී සිටිමු. එසේම අප සමඟ අත්වැල් බැඳ සිටින විශ්ව විද්‍යාල සහ තරුණ සංවිධාන වලට අපි බෙහෙවින් ස්තුතිවන්ත වන අතර අපි සියල්ල එක්ව රට පුරා සිටින තරුණ තරුණියන්ගේ ජිවිත කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇතිකිරීම කටයුතු කරනු ලබනවා.”

තාරුණ්‍යයේ සංවර්ධනය  , වෘත්තිය අවස්ථා ලබාදීම මෙන්ම විශ්ව විද්‍යාල සමඟ සහයෝගීතාවයන් යන මුලපිරීම් හරහා යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම තරුණ පරපුරේ දක්ෂතා ඔප්නැංවීමට කැපවී කටයුතු කරයි. යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම 2025 වසර වනවිට හැකියාවෙන් පරිපුර්ණ මෙරට තරුණ තරුණියන් 100,000කගේ කුසලතා ඉහළ නැංවීම අරමුණ කරගෙන සිටියි. වාර්ෂිකව යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම විශ්ව විද්‍යාල 100කට වැඩි සංඛ්‍යාවක් සඳහා ආයෝජනය කරන අතර වෘත්තීය වැඩසටහන් එනම්, Sparks ශිෂ්‍ය අන්තර් තනාපති වැඩසටහන , යුනිලිවර් නායකත්ව වැඩසටහන , යුනිලිවර් අනාගත නායකත්ව වැඩසටහන සහ යුනිලිවර් තරුණ සංසදය වැනි වැඩසටහන් හරහා තරුණ තරුණියන් 100කට වැඩි සංඛ්‍යාවකට වෘත්තීය අවස්ථා ලබාදීමට කටයුතු කරයි.  “A Glimpse of U” යන තේමාව යටතේ මෙම වසර මුලදී පවත්වන ලද යුනිලිවර් තරුණ සංසදය හරහා ව්‍යාපාර , සන්නාම හා පුද්ගලයන් හරහා යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමෙහි අත්දැකීම් උපාධි අපේක්ෂකයන් 200කට අධික පිරිසක් සමඟ හුවමාරු කරගන්නා ලදී. මෙම වැඩසටහන හරහා උපාධි අපේක්ෂකයන්ට ආයතනික ලෝකයට අදාළ මාතෘකා ගවේෂණය කිරීම , ඒ සමඟ සම්බන්ධවීම මෙන්ම අනාගතය වෙනුවෙන් යෝග්‍ය කුසලතා හඳුනාගැනීමට අවස්ථාව උදාවිය.

යුනිලීවර් ශ්‍රී ලංකා සමාගම මෙරට තරුණ තරුණියන් සඳහා අඛණ්ඩව ආයෝජනය කරමින් අසමසම වෘත්තීය අවස්ථා ලබා දෙන බැවින්, ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායේ අනාගතය හැඩගැස්වීමේ ප්‍රමුඛයෙකු බවට පත්වී තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments