asd
Wednesday, October 16, 2024
spot_imgspot_imgspot_img
HomeBiz NewsMahindra Ideal Finance හි නව කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී ලෙස...

Mahindra Ideal Finance හි නව කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී ලෙස මුෆාඩල් චූනියා මහතා පත් වෙයි..

Mahindra Finance හි අනුබද්ධිත ආයතනයක් වන Mahindra Ideal Finance Limited (MIFL) හි නව කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස වහාම ක්‍රියාත්මක වන පරිදි මුෆාඩල් චූනියා මහතා පත් කළ බව එම සමාගම නිවේදනය කර සිටී. ඒ අනුව MIFL හි ප්‍රධාන විධායක නිළධාරී ලෙස මීට පෙර කටයුතු කළ දුමින්ද වීරසේකර මහතාගේ විශ්‍රාම යාමෙන් පුරප්පාඩු වන එම ධූරයේ මුෆාඩල් මහතා කටයුතු කරනු ඇත.

ඔහුගේ නව භූමිකාව තුළ මුෆාඩල් මහතා විශේෂයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් (SMEs) සහ ග්‍රාමීය ජනතාව සඳහා MIFL හි ඩිජිටල් ණය දීමේ හැකියාවන් ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කරනු ඇත. සමාගමේ පාරිභෝගික වටිනාකම තවදුරටත් ඉහළ නැංවීම සඳහා සමාගමේ සේවා තවදුරටත් පුළුල් කිරීමට ද ඔහු බලාපොරොත්තු වේ-

මෙම පත්වීම පිළිබඳව අදහස් දක්වමින් Mahindra Finance හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී Raul Rebello මහතා පැවසුවේ “මුෆාඩල් මහින්ද්‍රා සමූහයේ සහ Mahindra Finance හි විවිධ නායකත්ව තනතුරු දරා තිබෙනවා. ශ්‍රී ලංකාවේ ශක්තිමත් මූල්‍ය සේවා ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා දුමින්ද ලබා දුන් දායකත්වයට මා මෙහිදී ස්තූතිය පළ කරන අතරම මුෆාඩල් සතු අත්දැකීම් සමඟින් MIFL හට අනාගතයේදී මීටත් වඩා විශාල සාර්ථකත්වයක් අත්කර ගැනීමට උපකාරී වනු ඇති බව මට විශ්වාසයි.” යනුවෙනි.

Mahindra Ideal Finance හි සභාපති නලින් වෙල්ගම මහතා සඳහන් කළේ “ජාත්‍යන්තර අත්දැකීම් රැසක් සහිත මුෆාඩල් සමාගම සමඟ එක්වීම පිළිබඳව අපට ඉතා සතුටුයි. මූල්‍ය ක්ෂේත්‍රය පිළිබඳ ඔහු සතු හසළ දැනුම වෙළෙඳපොළ තුළ සමාගමට වර්ධනය වීමට සහ සාර්ථක වීමට නව මාර්ග සොයා ගැනීමට උපකාර වනු ඇතියි.” යනුවෙනි.

Mahindra Finance විසින් සිදු කර ඇති ආයෝජනය MIFL හි පිළිගැනීම තවත් ශක්තිමත් කර ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස සමාගමට Fitch Ratings හි AA- (Outlook Stable) ඉහළ ණය ශ්‍රේණිගත කිරීමක් හිමිව ඇත- මෙම ශ්‍රේණිගත කිරීම මගින් ඵෂත්‍ඛ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක් ලෙස ස්ථානගත කරමින් මූල්‍යමය වශයෙන් ස්ථාවර සහ විශ්වාසදායක බව පෙන්නුම් කරයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments