asd
Wednesday, October 16, 2024
spot_imgspot_imgspot_img
HomeBiz Newsකාමර 687කින් සමන්විත Cinnamon Life at City of Dreams Sri Lanka සුඛෝපභෝගී...

කාමර 687කින් සමන්විත Cinnamon Life at City of Dreams Sri Lanka සුඛෝපභෝගී හෝටල් පහසුකම එළි දක්වයි..

ජෝන් කීල්ස් සමාගම විසින් ඩොලර් බිලියන 1.2කට වැඩි මුදලක් ආයෝජනය කරමින් ඉදි කරන ලද Cinnamon Life at City of Dreams Sri Lanka සුඛෝපභෝගී හෝටල් පහසුකම 2024 ඔක්තෝබර් 15 වන දින එළිදැක්වීමට සියලු කටයුතු සූදානම් කොට ඇත. ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම හා බලාපොරොත්තු සහගතම ආයෝජනය ලෙස සඳහන් කළ හැකි මෙම හෝටල් පහසුකම ව්‍යාපාර, විවේකය මෙන්ම විනෝදාස්වාදය සඳහා දකුණු ආසියාවේ වඩාත් සුවිශේෂීම සංචාරක ගමනාන්තය ලෙස මෙරට සංචාරක කර්මාන්තයට නවමු අරුතක් එක් කරනු ඇත.

කාමර 687කින් සමන්විත Cinnamon Life හි බෝල් රූම්, උත්සව ශාලා හා සම්මන්ත්‍රණ පහසුකම් තුළින්  අමුත්තන් 5,000කට අධික ප්‍රමාණයකට පහසුවෙන් සේවාවන් සලසා ගැනීමේ හැකියාව සලසා දී තිබීමද විශේෂත්වයකි. නවීන පහසුකම් සමඟින් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ හා මහා පරිමාණ උත්සව සංවිධානය කිරීමේ අවස්ථාව උදාකර දෙන Cinnamon Life ගෝලීය රැස්වීම්, දිරිගැන්වීම්, සම්මන්ත්‍රණ, ප්‍රදර්ශන (MICE) සංචාරයන් සඳහා ප්‍රමුඛ ගමනාන්තයක් බවට පත් වනු නිසැකය.

Cinnamon Life වෙත සපැමිණෙන සියලු අමුත්තන් හට ප්‍රණීත ආහාර පානයන්ගෙන් සංග්‍රහ කිරීම වෙනුවෙන් සූපවේදීන් 250ක් සමඟින් 1,500කට අධික වෘත්තිකයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් කැපවී කටයුතු කරයි. එහි ප්‍රංශ බිස්ට්‍රෝ සිට ඇමරිකානු ග්‍රිල් දක්වා වූ විවිධ ආහාර රසයන් භුක්ති විඳීමට මෙන්ම විවිධ වයින් වර්ග ඇතුළු ෂැම්පේන් හා කොක්ටේල්වලින් සමන්විත සුවිශේෂී වයින් බාර් එකක් ඇත. මීට අමතරව ඉදිරියේදී හෝටලය වෙත සපැමිණෙන අමුත්තන්ට තවත් ප්‍රණීත සූප ශාස්ත්‍ර අත්දැකීම් රැසක් ලබා දීමටද Cinnamon Life සූදානමින් සිටියි. එසේම හෝටල් පරිශ්‍රය තුල ඇති සිත් ඇද ගන්නා අවකාශයන් හි සුන්දරත්වය හා අලංකාර සැකසුම ගමනාන්ත මංගල උත්සව හා වෙනත් විශේෂ උත්සව සඳහා සුවිශේෂී විවිධත්වයක් මෙන්ම විචිත්‍රත්වයක් අත්කර දෙනු ඇත.

ඔක්තෝබර් 15 වන දින විවෘත වන සුවිශේෂී Cinnamon Life at City of Dreams Sri Lanka ව්‍යාපෘතියේ අවසන් අදියර ලෙස 2025 වසරේ මැද භාගයේදී සාප්පු සංකීර්ණයකින් හා ක්‍රීඩා අවකාශයන් සහිත විනෝදාස්වාද කලාපයකින් මෙන්ම කාමර 113කින් සමන්විත අධි සුඛෝපභෝගීිභමඅ්’ හෝටල් පහසුකම විවෘත කිරීමටද පියවර ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජෝන් කීල්ස් සමූහයේ සභාපති ක්‍රිශාන් බාලේන්ද්‍ර මහතා සඳහන් කර සිටියේ මෙම ව්‍යාපෘතිය ජෝන් කීල්ස් සමූහයේ මෙන්ම ශ්‍රී ලංකාවේ සුවිසල් පරිවර්තනයක් කරනු ඇති බවයි. වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා “’City of Dreams Sri Lanka’  මීට දශකයකට පෙර නිර්මාණය වූ සුවිශේශී ව්‍යාපෘතියක් ලෙස පෙන්වා දිය හැකියි. මෙම පහසුකම තුළින් උසස් තත්වයේ ජීවන රටාවක් සමඟින් සාප්පු සවාරි, විනෝදාස්වාද අවස්ථා වැනි පහසුකම් හරහා කලාපය තුළ විවේකය හා විනෝදාස්වාදය සඳහා කොළඹ නගරය වඩාත් ආකර්ෂණීය ගමනාන්තයක් බවට පරිවර්තනය කරනු ඇති බව මගේ විශ්වාසයයි. දකුණු ආසියාවේ පරිවර්තනීය ව්‍යාපෘතියක් ලෙස අපගේ පරිපූර්ණ හැකියාවන් ප්‍රදර්ශනය කරන මෙය සංචාරක ඉල්ලුම, ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ආදායම සහ රැකියා අවස්ථා උත්පාදනය සඳහා සුවිසල් පිටිවහලක් වනු ඇතැයි අපි බලාපොරොත්තු වනවා. මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් අවසන් වූ පසු 20,000කට අධික ඍජු හා වක්‍ර රැකියා අවස්ථා ප්‍රමාණයක් හරහා ශ්‍රී ලාංකේය ප්‍රජාව සමඟ එක්ව කටයුතු කිරීමේ අවස්ථාව උදා වනවා. කලාපීය හා ගෝලීය සංචාරක වෙළෙඳපොල ප්‍රමුඛයකු බවට ශ්‍රී ලංකාව පත් කිරීම සමූහයේ පුළුල් උපාය මාර්ගයේ එක් පියවරක් ලෙස මෙය සඳහන් කළ හැකියි. මේ ආකාරයේ මහා පරිමාණ ව්‍යාපෘති වෙනුවෙන් පෙරමුණ ගනිමින් තිරසාර වර්ධනයක් සාක්ෂාත් කර ගැනීම සඳහා ජෝන් කීල්ස් සමූහයේ සුවිසල් කැපවීම මනාව අවධාරණය කරනවා” යනුවෙන්ද පවසා සිටින ලදී.

සීඝ්‍රයෙන් සංවර්ධනය වන කොළඹ නගරය කේන්ද්‍ර කොටගත් Cinnamon Life at City of Dreams මෙරට කීර්තිමත් කලාකරුවන්ගේ 1000කට අධික කෞතුකාගාර මට්ටමේ කලා කෘති සඳහා ජීවමාන කලාගාරයක් වැනිය. ශ්‍රී ලාංකේය කලාවේ විවිධත්වය හා විචිත්‍රත්වය ප්‍රදර්ශන කරන මෙම කලා කෘති එකතුව, කලාත්මක උරුමය ඇගයීමේ හා සංරක්ෂණය කිරීම සඳහා වූ ප්‍රයත්නයක් ලෙසද සඳහන් කළ හැකිය.

ඒ අනුව නවාතැන් පහසුකමකට එහා යමින් විනෝදාස්වාදය, කලාව, විලාසිතා හා සූප ශාස්ත්‍රය පිළිබඳ සුවිසල් අත්දැකීමක් ලබා ගැනීමේ කදිම අවස්ථාව සමඟින් පරිපූර්ණ රසාස්වාදයක් කොළඹ නගරයේදී විඳ ගැනීමේ හැකියාව Cinnamon Life at City of Dreams සංචාරකයින් වෙත උදා කර දී ඇත. එළඹෙන ඔක්තෝබර් 15 වන දින සිට දෙස් විදෙස් සංචාරකයින්ට මෙන්ම සියලු අමුත්තන් හට Cinnamon Life at City of Dreams වෙත පැමිණ මේ සේවාවන් අත්විඳිමින් ජීවිතයට අමතක නොවන ඉමිහිරි මතකයක් එක් කර ගැනීමට හැකි වනු ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments