asd
Wednesday, October 16, 2024
spot_imgspot_imgspot_img
HomeBiz Newsකොළඹ නගර මධ්‍යයේ විරාජමානව නැගී සිටින නෙළුම් කුළුණ තුල උසස් තත්ත්වයේ උත්සව...

කොළඹ නගර මධ්‍යයේ විරාජමානව නැගී සිටින නෙළුම් කුළුණ තුල උසස් තත්ත්වයේ උත්සව ශාලාවක් ..

පෙර නොවූ විරූ මට්ටමේ උත්සවයක් සංවිධානය කිරීමට බලාපොරොත්තුවෙන් සිටින සැමට, Cosmic by Citrus වෙතින් පෙර නොවූ විරූ  ස්ථානයක් සූදානම් කොට ඇත. දකුණු ආසියාවේ උසම උත්සව ශාලාව ලෙසින් විරුදාවලි ලත් කොළඹ නෙළුම් කුළුණ තුල පිහිටා ඇති මෙම උත්සව ශාලාව ඔබට නිෂ්පාදන හඳුන්වාදීම්, සම්මන්ත්‍රණ, පුහුණු වැඩසටහන්, කොක්ටේල් උත්සව, ප්‍රදර්ශනයන්, මංගල උත්සව, පෞද්ගලික සාද සහ පෞද්ගලික උත්සව සඳහා කදිම ස්ථානයක් වනු ඇත. කොළඹ නගරයේ අංශක 360 ක සුන්දර දසුන් නැරඹීමට ඉඩ සලසන, අමුත්තන් 280 ක් දක්වා අසුන් ගැනීමේ පහසුකම්වලින් සහ හොඳින් අවකාශය ඇති රථ ගාලක සේවාව ද ඔබට සපයන මෙම ස්ථානය මගින්, නවීන තේජස සමග මුසු වූ මනරම් දර්ශනයක් ඔබේ නෙත් ඉදිරියේ මවනු ඇත.

මෙම ස්ථානය ඕනෑම ආයතනික උත්සවයක් හෝ වැඩසටහනක් සඳහා අවශ්‍ය සියලු ම පහසුකම්වලින් සමන්විත වන අතර, මෙය කුඩා පිරිසක් සහභාගී වන වැඩසටහන් පවා කිසිදු බාධාවකින් තොරව සිදු කිරීමට අවශ්‍ය අති නවීන ඉලෙක්ට්‍රොනික උපාංග සහ පහසුකම්වලින් පරිපූර්ණ වේ. ඔබ වාර්ෂික සම්මන්ත්‍රණයක්, රාත්‍රි භෝජන සංග්‍රහයක්, හෝ අයස්කාන්ත විවාහ මංගල්‍යයක් ආදී කුමන ආකාරයක උත්සවයක් සංවිධානය කළත්, Cosmic හි අති දක්ෂ සූපවේදි කණ්ඩායම විසින් ඔබේ උත්සවයේ ප්‍රමාණය කුමක් වුවත්, ඒ අවශ්‍යතා වෙනුවෙන්ම විශේෂයෙන් සැකසූ අගනා භෝජන වට්ටෝරුවකින් ඔබේ උත්සවය රසවත් කරනු ඇත.

මෙම ස්ථානයේ ඇති නවීන පහසුකම්වල සහ සිත් ඇද ගන්නා සුළු මනරම් දර්ශනවල සංකලනය නිසා මෙම ස්ථානය ආයතනික සහ පෞද්ගලික පාරිභෝගිකයින් යන දෙඅංශයටම ඉතා ආකර්ෂණීය තේරීමක් වනු ඇත. Cosmic by Citrus හි ඇති අති නවීන පහසුකම් සහ අති විශිෂ්ට සේවාව මගින්, පැමිණෙන සෑම අමුත්තෙකු තුල ම සුන්දර හැඟීමක් ජනිත කරනු ඇත.

Cosmic by Citrus හි මෙහෙයුම් කළමනාකරු සුපුන් ගුණවර්ධන තම අදහස් බෙදා ගනිමින් ප්‍රකාශ කර සිටියේ, “Cosmic by Citrus හිදී අප ඔබේ සෑම විශේෂ අවස්ථාවක්ම කිසිදා අමතක නොවන අත්දැකීමක් බවට පත් කරලීමට කැප වන්නෙමු. කිසිවකට සම කළ නොහැකි මනස්කාන්ත දර්ශන සහ උසස්ම තත්ත්වයේ කණ්ඩායමක් සමගින්, කිසිදු දෝෂයකින් තොරව උපරිම සේවාවක් ලබා දෙමින්, ශ්‍රී ලංකාවේ වඩාත් වැදගත් ම උත්සව අවස්ථාවලට හොඳින් ම ගැළපෙන ස්ථානයක් ඔබ වෙත පිරිනැමීමට ලැබීම සම්බන්ධයෙන් අප ආඩම්බර වන්නෙමු” ලෙසයි.

වැඩි විස්තර සඳහා අමතන්න 0743923467 හෝ 0743923468 නැතිනම් අප වෙත ඊමේල් පණිවිඩයක් යොමු කරන්න banquet@citruslt.com

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments