asd
Wednesday, October 16, 2024
spot_imgspot_imgspot_img
HomeBiz NewsKaspersky, 2024 පළමු අර්ධයේදී යාන්ත්‍රික ඉගෙනුම සමඟ APT හඳුනාගැනීමේ 25%ක ඉහළ යාමක්...

Kaspersky, 2024 පළමු අර්ධයේදී යාන්ත්‍රික ඉගෙනුම සමඟ APT හඳුනාගැනීමේ 25%ක ඉහළ යාමක් සනිටුහන් කරයි..

Kaspersky හි ගෝලීය පර්යේෂණ හා විශ්ලේෂණ කණ්ඩායම (GREAT) විසින් 2024 පළමු අර්ධය තුළ ඉහළ මට්ටමේ තර්ජන (APT) හඳුනා ගැනීමේ 25% වර්ධනයක් වාර්තා කිරීමට සමත්ව සිටියි. එහි අභ්‍යන්තර යාන්ත්‍රික ඉගෙනුම් ක්‍රමවේදයන් උපයෝගී කර ගනිමින්  ගෝලීය පර්යේෂණ හා විශ්ලේෂණ කණ්ඩායම විසින් ඒ ආකාරයේ තර්ජනයන් දහස් ගණනක් අනාවරණය කර ගැනීමට සමත් වීම විශේෂත්වයකි. රජයේ මෙන්ම මූල්‍ය ව්‍යවසාය හා විදුලි සංදේශ අංශයන් තුළින් මේවා අනාවරණය කර ගැනීමට සමත්ව ඇත්තේ ගෝලීය සයිබර් තර්ජන දත්ත විශ්ලේෂණය කරමිනි.

Kaspersky හි විසඳුම් සඳහා යොදා ගන්නා යාන්ත්‍රික ඉගෙනුම් ආකෘති විශාල ප්‍රමාණයක් සකස් කිරීමට Random Forest සහ TF-IDF වැනි ශිල්පීය ක්‍රමයන් භාවිත කරනු ලබයි. එල්ල වන සියුම් තර්ජනයන් පවා ඉක්මණින් හා නිවැරදිව හඳුනා ගැනීමට එම ශිල්පීය ක්‍රමයන් උපකාරී වේ.  එසේම සංයෝගය තුළින් සාම්ප්‍රදායික හඳුනාගැනීමේ පද්ධති විසින් නොසලකා හැරිය හැකි සම්මුති දර්ශක හඳුනා ගැනීමට අවස්ථාව සළසා දෙන අතරම වඩා නිවැරදි වෙනස්කම් හඳුනා ගැනීමට මෙන්ම තර්ජන හඳුනාගැනීමේ සැලකිය යුතු වර්ධනයක් සනිටුහන් කරයි.

එසේම මෙම යාන්ත්‍රික ඉගෙනුම් අඛණ්ඩව භාවිත කිරීම තුලින් එහි පද්ධතිවලට දිනපතා මිලියන ගණනක දත්ත සැකසීමේ කේන්ද්‍රස්ථානයක් නිර්මාණය කර ඇති වර්ධනය වෙමින් පවතින තර්ජනයන් පිළිබඳ නවීන දත්ත පිළිබඳ අවබෝධයක් ලබා දීමටද සමත්ව සිටියි. මේ හේතුව නිසා 2024 පළමු අර්ධයේදී තර්ජන හඳුනාගැනීම් 25%ක් දක්වා ඉහළ නැංවීමටද එය හේතුවක් විය. එසේම ඒ හේතුවෙන් ප්‍රතිචාර දැක්වීමේ කාලය අවම කිරීමට හා සයිබර් අවදානම් අවම කිරීමට ඇති හැකියාවද බොහෝ සෙයින් ඉහළ නැංවීමටද හැකියාව ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ Kaspersky GReAT හි META පර්යේෂණ මධ්‍යස්ථාන ප්‍රධානී අමින් හස්බිනි මහතා සඳහන් කර සිටියේ “මෙම ප්‍රතිඵලයන් අප බලාපොරොත්තු වූවටත් වඩා විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා. හඳුනාගැනීමේ නිවැරදි බව ඉහළ නැංවීම මෙන්ම ක්‍රීයාශීලී උපාය මාර්ග වර්ධන කරන එය දිනෙන් දින ඉහළ යන තර්ජනයන්ට එරෙහිව යමින් ආයතනය හා සංවිධනායන්ට උපකාර කිරීමට සමත්ව සිටිනවා. සයිබර් ආරක්ෂාවේ අනාගතය සෑම විටම රඳා පවතින්නේ සැමට ආරක්ෂිත ඩිජිටල් පරිසරයක් සහතික කිරීම සඳහා මෙම මෙවලම් හිතකර අයුරින් යොදා ගැනීම තුළින් බව මගේ අදහසයි.” යනුවෙනි.

වෙනස් වන සයිබර් තාක්ෂණයන් මධ්‍යයේ සිය වෙබ් අඩවි සාර්ථකව පවත්වා ගැනීම සඳහා නව දත්ත හා යාවත්කාලීන කිරීම් සිදු කරන මෙම යාන්ත්‍රික ඉගෙනුම් ආකෘතිය නව ප්‍රහාරයන්හිදී ආකෘතීන් පිළිබඳ කාලීන අවබෝධයක් ලබා දීමට මෙන්ම ආරක්ෂාව ශක්තිමත් කිරීමටත්, ආයතනයන්හි ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීමටත් හේතු වේ.

මෙම පර්යේෂණයේ ප්‍රතිඵලයන් පිළිබඳ 2024 GITEX හිදී වැඩිදුරටත් සාකච්ඡාවට ලක් වෙනු ඇති අතර එහිදී Kaspersky විසින් සයිබර් ආරක්ෂාවේදී AI යොදා ගැනීම පිළිබඳවද අවධානය යොමු කරනු ඇත. මෙම යාන්ත්‍රික ඉගෙනුම් පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීමට  Securelist.com. වෙත පිවිසෙන්න

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments