asd
Friday, October 18, 2024
spot_imgspot_imgspot_img
HomeBiz Newsදකුණු ආසියාවේ පළමු කෘතිම බුද්ධිය පදනම් කරගත් නවලෝක රෝහල් සමූහය වාර්තාගත...

දකුණු ආසියාවේ පළමු කෘතිම බුද්ධිය පදනම් කරගත් නවලෝක රෝහල් සමූහය වාර්තාගත ලාභ වර්ධනයක් …

දකුණු ආසියාවේ කෘතිම බුද්ධිය (AI) මත පදනම් වූ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ පුරෝගාමියා වූ නවලෝක රෝහල් සමූහය 2024 මාර්තු 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂයේදී කැපී පෙනෙන මූල්‍ය කාර්ය සාධනයක් අත්පත් කරගැනීමට සමත් විය. ඒ අනුව ගෙවුණු මූල්‍ය වර්ෂයේදී නවලෝක රෝහල් සමූහය රුපියල් බිලියන 10ක ආදායමක් වාර්තා කිරීමට සමත් විය. එය ඊට පෙර වසර හා සැසඳීමේදී 11.54%ක වාර්ෂික වර්ධනයක් ලෙස පෙන්වා දිය හැකිය.  මෙම වර්ධනය තුළින් නවලෝක රෝහල් සමූහය විසින් අවධාරණය කර සිටින්නේ අභියෝගාත්මක ආර්ථික වටපිටාවක් තුළ අඛණ්ඩව වර්ධනය වෙමින් ඔරොත්තු දීමේ හැකියාව හා උසස් තත්වයේ සෞඛ්‍ය සේවා සැපයීම සඳහා වන නොසැලෙන කැපවීමයි. එහිදී නවලෝක රෝහල් සමූහය බදු පෙර ලාභය රු- මිලියන 576.2 ක් වාර්තා කළ අතර එය පෙර වසරට සාපේක්ෂව 178.61% ක ශක්තිමත් වර්ධනයකි.

තවද 2023 වසර අවසන් වන විට සමූහයේ මෙහෙයුම් ලාභය රු. මිලියන 73.4 ක් අලාභයක් පෙන්නුම් කළ අතර එය 2024 වසරේදී රු. බිලියන 1.02ක ලාභයක් දක්වා වර්ධනය කරගැනීමට නවලෝක රෝහල් සමූහය සමත් වූයේ සුවිසල් පෙරලියක් ඇති කරමිනි. සමූහයේ මෙහෙයුම් ලාභය 158.28%ක වර්ධනයක් සමඟින් රු. බිලියන 1.32ක් විය. මීට අමතරව කොටසක් ඉපයීමෙහි (EPS) සැලකිය යුතු වර්ධනයක් වාර්තා කිරීමට සමත් වූ නවලෝක රෝහල් සමූහය එය ඍණ 0.46 සිට ධන 0.41 දක්වා තවදුරටත් ශක්තිමත් කරමින් කොටස් හිමියන්ගේ අගය ඉහළ නැංවීමට කටයුතු කරන ලදී.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සෞඛ්‍ය සේවා සපයන්නකු ලෙස නවලෝක රෝහල් ජාලයේ විශිෂ්ටත්වය සනිටුහන් කිරීමට හේතු වූ අතර මෙම සුවිශේෂී වර්ධනය, නවෝත්පාදන හා රෝගී සත්කාරයන් වෙනුවෙන් දක්වන නිරන්තර අවධානය තවදුරටත් ඉදිරියට ගෙන යමින්  සාර්ථකත්වයක් අත්පත් කර ගැනීම සමූහයේ අරමුණ වී ඇත.

සිය දිගු කාලීන සාර්ථකත්වය වෙනුවෙන් මෙහෙයුම් හා මූල්‍ය උපාය මාර්ගික සැලසුම් දියත් කිරීමට කටයුතු කර ඇති නවලෝක රෝහල් සමූහය ඒ වෙනුවෙන් රෝහල් පරිශ්‍රය තුළ විවිධ වැඩසටහන් දියත්  කිරීමට කටයුතු කොට ඇත. එහි නවතම වැඩසටහන ලෙස මධ්‍යගත රෝග විනිශ්චය මධ්‍යස්ථානය දියත් කිරීමත් සමඟ පරිවර්තනීය ගමනක් ආරම්භ කිරීමට ඔවුන්ට හැකි විය. මෙම නවතම මධ්‍යස්ථානය තුළින් රෝගීන් වෙත මධ්‍යගත ප්‍රතිපෝෂණය ලබා දීම, රෝග විනිශ්චය සේවා සම්බන්ධීකරණය සහ රසායනාගාර පසුවිපරම් සහතික කිරීම මඟින් රෝග විනිශ්චය ක්‍රියාවලිය විධිමත් කිරීම යනාදී සේවාවන් රැසක් ක්‍රියාත්මක කිරීමට රෝහල් සමූහය කටයුතු කර ඇත.

තවද නවලෝක රෝහල් සමූහය AI තාක්ෂණයෙන් සමන්විත අති නවීන යන්ත්‍ර යොදා ගනිමින් දියුණු විකිරණ අංශයක් නිර්මාණය කිරීමට කටයුතු කර ඇති නවලෝක රෝහල් සමූහය ඒ තුළින් තාක්ෂණයේ ප්‍රමුඛස්ථානයක් දිනා ගැනීමටද සමත්ව සිටියි. නවීනතම යන්ත්‍ර සූත්‍ර මඟින් රෝග නිර්ණය සඳහා ඡායාරූපයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම, සම්පූර්ණ ශරීරය ස්කෑන් කිරීම සහ හෘද රෝගීන්ගේ ස්ටෙන්ට් කාර්යක්ෂමතාව ඇගයීම වැනි නව ව්‍යාපාරික වෙළෙඳපොල වෙත ප්‍රවේශවිය හැකි පුළුල් අවස්ථාවන් ඇති කිරීම, ස්කෑන් සඳහා ගතවන කාලය අඩු කිරීම, CT ස්කෑන්හි විකිරණ නිරාවරණය අවම කිරීම ඇතුළු ප්‍රතිලාභ රැසක් ඒ මඟින් ලබා දෙනු ලබයි. ආධාරයෙන් රූප විශ්ලේෂණය හා රෝගීන්ගේ ප්‍රමාණය හා තත්වය පිළිබඳ පූර්ණ වශයෙන් සොයා බැලීමටද මෙහිදී අවකාශ උදා වේ.

ආයතනික ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් වූ ආයතනික මධ්‍යස්ථානයක් සුථාපිත කරමින් සිය සේවා කළඹ තව දුරටත් පුළුල් කිරීමට කටයුතු කළ නවලෝක රෝහල් සමූහය ඒ යටතේ වීසා සඳහා වන වෛද්‍ය පරීක්ෂණ, වෘත්තීය සෞඛ්‍ය පරික්ෂණ හා සුවතා වැඩසටහන් සහිත පුද්ගලාරෝපිත සෞඛ්‍ය සේවාවක් පිරිනැමීමටද කටයුතු කර ඇත. මේ තුළින් සිය සේවාවන් ඉහළ නැංවීමට මෙන්ම වේගවත් වර්ධනයන් සමඟින් ආයතනවික සෞඛ්‍ය සේවාවන්හි ආදායම් ඉහළ නැංවීමටද නවලෝක රෝහල් සමූහයට හැකි වී තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නවලෝක රෝහල් සමූහයේ සභාපති දේශමාන්‍ය, ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා සඳහන් කර සිටියේ “ශ්‍රී ලාංකේය ජනතාව වෙත ලබා දෙන සෞඛ්‍ය සේවාවන් සඳහා වන නවලෝක රෝහලේ ඉදිරි අරමුණු මේ තුළින් මනවා අවධාරණය කරනවා. ඒ වගේම රෝහල් සමූහය ආයතනික සෞඛ්‍යය හා වෘත්තීය සෞඛ්‍ය සේවාවල දකුණු ආසියාවේ ප්‍රමුඛ ආයතනයක් ලෙස ස්ථාපිත කිරීමටද එය හේතුවක් වනවා. මෙම කැපී පෙනෙන මූල්‍ය කාර්යසාධනය නවෝත්පාදන, මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ සුවිශේෂී සෞඛ්‍ය සේවා සැපයීම සඳහා නවලෝක රෝහල් සමූහයේ කැපවීම මනාව පෙන්නුම් කරනවා.” යනුවෙනි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments