asd
Thursday, July 25, 2024
spot_imgspot_imgspot_img
HomeBiz NewsThe Grand’ ව්‍යාපෘතිය සාර්ථක ලෙස නිමකිරීම වෙනුවෙන් Prime සමූහයෙන් MAGA Engineering...

The Grand’ ව්‍යාපෘතිය සාර්ථක ලෙස නිමකිරීම වෙනුවෙන් Prime සමූහයෙන් MAGA Engineering සමාගමට පැසසුම්..

ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකුවන  Prime සමූහ ව්‍යාපාරය විසින් කොළඹ 07 වෝඩ් පෙදෙසේ ඉදිකළ ‘The Grand’ අධි-සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතිය සාර්ථක ලෙස නිමකිරීම වෙනුවෙන්, ව්‍යාපෘතියේ ප්‍රධාන ඉදිකිරීම් සමාගම වූ MAGA Engineering වෙත සිය ස්තූතිය පළකිරීම සඳහා විශේෂ උත්සවයක් පසුගියදා සංවිධානයකරන ලදී.

මෙහිදී Prime සමූහයේ සභාපති ප්‍රේමලාල් බ්‍රාහ්මණගේ මහතා විසින් MAGA Engineering සමාගමේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ එම්. ජී. කුලරත්න මහතා වෙත රැදවුම් ගාස්තුව(Retention Payment) පිරිනමන ලදී. ගිවිසුමේ කොන්දේසි මාලාවේ 11.8 උප වගන්තියට අනුකූලව කොන්ත්‍රාත්කරු විසින් සියලුම ලියකියවිලි සම්පූර්ණ කොට, තෘප්තිමත් විය හැකි මට්ටමට සියලු ඉදිකිරීම් නිම කොට පරීක්ෂාකර ඇති බව සහතික කරමින් මෙම ගාස්තුව පිරිනැමීම සිදුකෙරිණි. මින් අනතුරුව, අදාළ ව්‍යාපෘතිය විශිෂ්ට ලෙස සම්පූර්ණ කිරීම සඳහා දැක්වූ කැපවීම වෙනුවෙන් Prime සමූහය විසින්  MAGA Engineering සමාගම විශේෂ ඇගයීමකටද ලක්කරන ලදී.

Prime සමූහයේ සභාපති ප්‍රේමලාල් බ්‍රාහ්මණගේ මහතා සහ Prime Lands Residencies PLC සමාගමේ සභාපතිනී සඳමිණි පෙරේරා මහත්මිය මෙහිදී MAGA Engineering සමාගම අගයමින් මෙසේ අදහස් දැක්වූහ. “‘The Grand’ ව්‍යාපෘතියේ ඉදි කිරීම් සිදුකරන අතරතුර අඛණ්ඩව පවත්වාගත් දැඩි ප්‍රමිති මට්ටම්, ව්‍යාපාර ආචාරධර්ම සහ කැපවීම වෙනුවෙන් අප MAGA සමාගමට බෙහෙවින් ස්තූතිවන්ත වනවා. ආරම්භයේ සිටම අප පවත්වාගත් මේ සමීප සම්බන්ධතාව නිසා, බාධාවකින් තොරව ඉදිකිරීම් ක්‍රියාවලිය කාර්යක්ෂම ලෙස පවත්වාගෙන යාමටත්, අපගේ පාරිභෝගිකයන්ට සැබැවින්ම විශිෂ්ට වූ නිවාස එකතුවක් තිළිණ කිරීමටත් අපට හැකියාව ලැබුණා. එමෙන්ම පැහැදිලි අන්‍යෝන්‍ය අවබෝධයක් සහිත සහ එකිනෙකාට අත්වැලක් වීමට සූදානම් සමාගම් දෙකක් එක්ව කටයුතු කරන්නේ නම් ඕනෑම මට්ටමක ව්‍යාපෘතියක් සාර්ථක ලෙස අවසන් කළ හැකි බවට ද මෙය ඉතා හොඳ සාක්ෂියක්. ඉදිරියේදීත් අපගේ පාරිභෝගිකයන් අපේක්ෂාකරන මට්ටමටත් වඩා විශිෂ්ට සේවාවක් අඛණ්ඩව ලබාදීමට අප බලාපොරොත්තු වනවා.”

මේ ආකාරයට මෙම ව්‍යාපෘතිය තුළ MAGA Engineering සමාගමේ භූමිකාව අගය කිරීම යනු, පාරිභෝගිකයන්, කොන්ත්‍රාත්කරුවන් සහ සේවක සේවිකාවන් පමණක් නොව  සමස්තයක් ලෙස මුළුමහත් සමාජයද ඇතුළුව සියලුම පාර්ශ්වකරුවන් වෙත යහපත උදාකරලීමට Prime සමූහය දක්වන උනන්දුව හා කැපවීම පිළිබිඹුකරන අවස්ථාවකි. මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සිදුකරන කාලය තුළ පෙර නොවූවිරූ ආකාරයේ අභියෝග රැසකට මුහුණ දීමට සිදු වුවද, දෙපාර්ශ්වය අතර පැවති බැඳීම සහ අන්‍යෝන්‍ය ගෞරවය නිසා ‘The Grand’ ව්‍යාපෘතිය සාර්ථක ලෙස නිම කිරීමට හැකි විය.

“පසුගිය වසරේදී මුහුණ දීමට සිදු වූ දැවැන්ත අභියෝග හමුවේ පවා, මේ සුවිශේෂී ව්‍යාපෘතිය සාර්ථක ලෙස අවසන් කිරීමට MAGA Engineering සමත් වීම පිළිබඳව මා ආඩම්බර වනවා. අපට එය කළ හැකි වූයේ ව්‍යාපෘති කාලසීමාවන්, පිරිවැය සහ ගුණාත්මක අවශ්‍යතා සම්බන්ධයෙන් Prime Residencies සමග සහයෝගයෙන් කටයුතු කරමින් අවස්ථාවෝචිතව අනුගත වීමට හැකි වීම නිසයි. ශ්‍රී ලංකාවේ දැවැන්ත සමාගම් මෙන්ම Prime Residencies සමාගම ද තම මුල්‍යමය හා වෙනත් වගකීම් අකුරටම ඉටුකළ අතර, අපගේ ඉදිකිරීම් කණ්ඩායම සවිබලගැන්වීම සහ දිරි ගැන්වීමත් ඔස්සේ ඵලදායීතාව උපරිම මට්ටමකින් පවත්වා ගැනීමට කටයුතු කළා. අවසන් වශයෙන් අපට කිව හැක්කේ, මේ දැවැන්ත අරමුණ යථාර්ථයක් බවට පත්කර ගැනීමට හැකියාව ලැබුණේ MAGA, Prime සමූහය සහ අනෙකුත් හවුල්කරුවන්ගේ සාමූහික ප්‍රයත්නයන් නිසා බවයි.” MAGA Engineering සමාගමේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ එම්. ජී. කුලරත්න මහතා පැවසී ය.

‘Property Guru Asia Property Awards’ හිදී ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සුඛෝපභෝගී සහාධිපත්‍ය නිවාස සංකීර්ණය ලෙස ඇගයීමට ලක් වූ ‘The Grand’, විශිෂ්ට ප්‍රමිතියකින් යුතුව අධි-සුඛෝපභෝගී නිවාස ඉදිකිරීම සම්බන්ධයෙන් Prime සමූහය සතු දැක්ම මැනැවින් නිරූපණයකරන ව්‍යාපෘතියකි. පදිංචිකරුවන්ට උපරිම පහසුවක් සැලසෙන පරිද්දෙන්, ජාත්‍යන්තර තලයේ පහසුකම් සහිතව මෙම නිවාස ඉදිකර තිබේ.

ඉදිරියටත් මෙරට දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය තුළ මෙවැනි සුවිශේෂී සන්ධිස්ථාන සනිටුහන් කරමින්, ක්ෂේත්‍රයේ වර්ධනයට උරදෙමින්, රටේ සංවර්ධනයට දායක වීම Prime සමූහයේ අරමුණ වී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments