Wednesday, May 15, 2024
spot_imgspot_img
HomeBiz Newsහේමාස් රෝහල් ජාලය  ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම වෙනුවෙන් HER MARCH වැඩසටහන දියත්...

හේමාස් රෝහල් ජාලය  ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම වෙනුවෙන් HER MARCH වැඩසටහන දියත් කරයි ..

හේමාස් රෝහල් ජාලය විසින් මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම වෙනුවෙන්  ‘HER MARCH’ නමින් සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කළ අතර,  එම වැඩසටහන් මාලාවට කාන්තා සුවතාව සහ රෝගාබාධ වළක්වා ගැනීමේ වැදගත්කම පිළිබඳ විවිධ සාකච්ඡා සහ ක්‍රියාමාර්ග අන්තර්ගත විය.  ශ්‍රී ලංකාව පුරා සිටින කාන්තාවන්ගේ සෞඛ්‍යය සහ යහපැවැත්ම වැඩිදියුණු කිරීම සඳහා කැප වෙමින්, ඒ ඒ රෝගීන්ගේ අවශ්‍යතාවලට සරිලන සේවාවක් ලබා දෙන හේමාස් රෝහල් ජාලය  කාන්තාවන් සඳහා ම විශේෂයෙන් සකස් කරන ලද සෞඛ්‍ය පැකේජ මාලාවක් හඳුන්වා දී ඇත.  එමෙන් ම ආකර්ෂණීය මිල ගණන් යටතේ ලබා දෙන  මෙම සෞඛ්‍ය පැකේජ  විවිධ බැංකු හරහා මෙන් ම  ඩිජිටල් සෞඛ්‍ය සේවා  හරහා  සීමිත කාලයක් සඳහා ලබා ගත හැකි වීම ද විශේෂිත ය.

ඒ අනුව, හේමාස් රෝහලෙන් පමණක් ලබා ගත හැකි පියයුරු පිළිකා කල් තියා හඳුනා ගැනීමේ මැමෝග්‍රෑම් පරීක්‍ෂණය  කාන්තාවන්ට ඉතා සාධාරණ මිල ගණන් යටතේ ලබා ගත හැකි අතර,  එය පියයුරු පිළිකා කල් තියා හඳුනා ගෙන ප්‍රතිකාර කිරීම තුළින් ජීවිත අවදානම මඟ හරවා ගැනීමේ අවස්ථාව දා කර දෙයි. මාර්තු මාසය තුළ ක්‍රියාත්මක වන HER MARCH වැඩසටහන, පියයුරු පිළිකා හඳුනා ගැනීමේ මැමෝග්‍රෑම් පර්යේෂණ වෙත විශේෂ අවධානයක් යොමු කරමින් ක්‍රියාත්මක කිරීමට හේමාස් රෝහල කටයුතු කරයි.

HER MARCH වැඩසටහනට සමගාමී ව පුළුල් පරාසයක සෞඛ්‍ය පරීක්ෂණ ඇතුළත් WellWomen පැකේජයක් පිරිනැමීමට හේමාස් රෝහල් ජාලය කටයුතු කරන අතර, එහි දී  full blood count සහ lipid profile, TSH හා ESR පරීක්ෂණ ආදී වශයෙන්  සෞඛ්‍ය පරීක්ෂණ ගණනාවක් සඳහා විශේෂ වට්ටම් පිරිනැමීම විශේෂිත ය.

යහපත් සෞඛ්‍ය තත්ත්වයක් සඳහා යහපැවැත්මේ වැදගත්කම ප්‍රවර්ධනය කරමින්  සිය නිවාරණ සෞඛ්‍ය සේවාවන් ද පුළුල් කිරීමට කටයුතු කර ඇති හේමාස් රෝහල් ජාලය, අනාගතයේ ඇතිවිය හැකි සෞඛ්‍ය ගැටලු කල්තියා හඳුනා ගැනීම සඳහා විවිධ වූ පර්යේෂණ ප්‍රවර්ධනය කරයි.

HER MARCH ප්‍රවර්ධන කාලසීමාව තුළ,  හේමාස් රෝහල් ජාලය සමඟ අනුබද්ධිත ඇඩෝරා කොස්මටික් මධ්‍යස්ථානය හරහා ලබා දෙන රූපලාවණ්‍ය සත්කාර සඳහා  ද සුවිශේෂී  වට්ටම්  ලබා දෙන අතර,  ඇඩෝරා කොස්මටික් මගින්  නවීන තාක්‍ෂණයන් යුත් ශල්‍ය සහ ශල්‍ය නොවන රූපලාවණ්‍ය  ප්‍රතිකාර රාශියක් ලබා දෙන බව ද සඳහන් කළ යුතු ම කරුණකි.

සිය ආරම්භක කාල වකවානුව වන 2008 වසරේ සිට මෙරට සෞඛ්‍ය සේවා අංශය තුළ විශිෂ්ටත්වයේ සංකේතයක් ලෙස පෙරට ම පැමිණි  හේමාස් රෝහල් ජාලය, අති නවීන පහසුකම් සමඟින්, ගුණාත්මක භාවය, ආරක්ෂාව සහ කාර්යක්ෂම රෝගී සත්කාරයන් සැපයීම වෙනුවෙන් සුවිශේෂී කීර්තියක් හිමි කර ගෙන සිටී.  හේමාස් හෝල්ඩිංග්ස්  අනුබද්ධිත හේමාස් රෝහල් සමූහය ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය ආරක්ෂණ ප්‍රමිති පිළිබඳ ජාත්‍යන්තර කවුන්සිලයේ (ACHSI) ප්‍රතීතනය ඇතුළු ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත මෙන් ම ඒකාබද්ධ කළමනාකාරිත්වයක් යටතේ ක්‍රියාත්මක වන  එක ම ශ්‍රී ලාංකේය රෝහල් ජාලය  ලෙස හඳුන්වා දිය හැකි ය.

HER MARCH වැඩසටහනට සමගාමී ව සහ හේමාස් රෝහල් ජාලය වෙතින් ලබා දෙන විශේෂ කාන්තා සෞඛ්‍ය පැකේජ පිළිබඳ වැඩිදුර විස්තර  දැන ගැනීමට 0777865027 සහ 0773627866 යන දුරකථන අංක අමතන්න.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments