Sunday, December 22, 2024
HomeBiz Newsසිය නත්තල් ගස ආලෝකමත් කරමින් පෙගසස් රීෆ් විසින් 'නිවර්තන නත්තල්' සැමරුම් ආරම්භ...

සිය නත්තල් ගස ආලෝකමත් කරමින් පෙගසස් රීෆ් විසින් ‘නිවර්තන නත්තල්’ සැමරුම් ආරම්භ කරයි..

සිය නත්තල් ගස ආලෝකමත් කරමින්, නත්තල් සීයා නිවර්තන නත්තල් කලාපයට සාදරයෙන් පිළිගනිමින් සැවොම බලාපොරොත්තුවෙන් සිටි පෙගසස් රීෆ් හි ‘නිවර්තන නත්තල්’ සැමරුම, උත්සව සමයට ප්‍රබෝධයක් එක් කරමින් ආරම්භ විය.  මෙය පවුලේ සැමට නිවර්තන පරිසරයක සැකසුණු සාම්ප්‍රදායික නත්තල් සැමරුමක උත්සවශ්‍රීය පිළිබඳව අද්විතීය හා ප්‍රීතිමත් අත්දැකීම් සමූහයක් ලබා දුන්නේය. ඉතා අලංකාර ලෙස ආලෝකමත් වූ නිවර්තන නත්තල් ගස, පැමිණ සිටි සැමට අමතක නොවන සන්ධ්‍යාවක් සහ එළඹෙන නත්තල් නිවාඩු සමය පිළිබඳ ඉඟි පළ කළේය. පැමිණ සිටි අමුත්තන් හට විවිධ ක්‍රියාකාරකම් රැසකට සහභාගී වීමට අවස්ථාව ලැබුණු අතර කුඩා දරුවන් හට විශ්මයජනක තෑගි මෙන්ම නත්තල් සීයා සමඟ ඡායාරූප ලබා ගැනීමට හැකිවිය.

උත්තර ධ්‍රැවයේ සීතලෙන් මිදී උණුසුම් ඝර්ම කලාපීය පරිසරයට පැමිණ තරුණ මහලු සැමට නත්තල් ප්‍රීතිය බෙදා හැරීම සිදු කරන නත්තල් සීයා, උත්සවයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානය බවට පත්විය. මෙය සැමරුමට සැබෑ උත්සව අසිරියක් එක කළේය. මෙහි නිවර්තන කලාපීය රස අනුව සැකසූ කොක්ටේල් සහ රසවත් ආහාර තිබූ අතර එමඟින් උත්සවය තවත් රසවත් විය. 

සැමරුම් උත්සවය පිළිබඳව සිය අදහස් දක්වමින් පෙගසස් රීෆ් හි සාමාන්‍යාධිකාරී රේණුක කොස්වත්ත මහතා, “අපගේ නත්තල් සැමරුම පිළිබඳ සැවොම ඉතා උනන්දුවෙන් බලා සිටින අතර අප ද උත්සව සමය වෙනුවෙන් වෙනස්ම තේමාවක් ඔස්සේ සූදානම් වනවා. මෙම වසරේ, නත්තල් උත්සව සම්ප්‍රදායන්ට නිවර්තන කලාපීය ලක්ෂණ එක් කරමින්, අපගේ අමුත්තන්ට, ඔවුන්ගේ මිතුරන්ට සහ පවුල්වලට නිවාඩු කාලයට සැබවින්ම අමතක නොවන ආරම්භයක් ලබා දීමට අපට හැකිවුණා. ‘නත්තල් සීයාගේ පිළිගැනීමේ සාදය’ සහ ‘නිවර්තන කලාපීය අංගවලින් සමන්විත වූ නත්තල් ගස ආලෝකකරණ උත්සවය’ වැනි අවස්ථා සමඟ මෙය සැබවින්ම අමතක නොවන සැමරුමක් බවට පත් වුණා.” යනුවෙන් ප්‍රකාශ කළේය. 

පෙගසස් රීෆ් වසර ගණනාවක් පුරාවට උත්කර්ෂවත් උත්සව අවස්ථාවන් සංවිධානය සඳහා කීර්තියක් අත්කර ගෙන ඇති අතර, එම නිසාවෙන් සැමදෙනාටම වසර අවසාන සාද පැවැත්වීම සඳහා හොඳම තේරීමක් ලෙස මෙය දැක්විය හැකිය. මෙම වසරේදී ‘නිවර්තන නත්තල්’ යන තේමාව යටතේ නත්තල් සමය පවුලේ උදවිය, ආදරවන්තයින්, මිතුරන් ඇතුළු සැමට උණුසුම් සහ උත්සවත්ශ්‍රීයෙන් පිරි පරිසරයක සැමරීම සඳහා කදිම අවස්ථාවක් සලසයි.

නත්තල් ගස ආලෝකමත් කිරීම සහ නත්තල් සීයා පිළිගැනීම යන අවස්ථාවන්ට එක්කරන ලද  නිවර්තන අංගයන් නිසාවෙන් ‘නිවර්තන නත්තල්’ යන තේමාව හොඳින් නිරුපණය විය. පෙගසස් රීෆ්, එළඹෙන නත්තල් සැමරුම් සඳහා එක්ව ජීවිත කාලය පුරාවටම පවතින ආදරණීය මතකයන් නිර්මාණය කරන ලෙසත් සැමට ආදරයෙන් ආරාධනා කරයි.

වැඩිදුර විස්තර සඳහා, 0112049600 දුරකථන අංකය ඔස්සේ පෙගසස් රීෆ් සම්බන්ධ කරගැනීමට හෝ  facebook.com/Pegasusreefwattala , www.instagram.com/pegasusreef_wattala යන ඔවුන්ගේ සමාජ මාධ්‍ය ඔස්සේ හෝ ඔවුගේ වෙබ් අඩවිය වන www.pegasusreefhotel.com වෙත පිවිසීමට හැකිය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments