Saturday, April 27, 2024
spot_imgspot_img
HomeBiz NewsSLT-MOBITEL ‘Fibre Elite Rewards’ වැඩසටහනේ ජනවාරි මස ජයග්‍රාහකයාට රු. මිලියනයක් ..

SLT-MOBITEL ‘Fibre Elite Rewards’ වැඩසටහනේ ජනවාරි මස ජයග්‍රාහකයාට රු. මිලියනයක් ..

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL ක්‍රියාවට නංවා ඇති ‘Fibre Elite Rewards’ වැඩසටහනේ ජනවාරි මස ජයග්‍රාහකයා බවට පත් වූ සී. කේ. අබේනායක මහතාට හිමි රු. මිලියනයක ත්‍යාග මුදල පිරිනැමීම පසුගියදා සිදුකෙරිණි. මෙම අවස්ථාවට SLT-MOBITEL සමූහයේ ප්‍රධාන අලෙවි නිලධාරී ප්‍රභාත් දහනායක මහතා සහ SLT නියෝජ්‍ය ප්‍රධාන අලෙවි නිලධාරී රෝහණ එල්ලාවල මහතාද සහභාගී වූහ.

නව SLT-MOBITEL Fibre සම්බන්ධතා මිලදී ගන්නා පාරිභෝගිකයන්ට මෙම තරගය සඳහා සුදුසුකම් ලැබීමට අවස්ථාව හිමි වේ. රු. මිලියනයක මුදල් ත්‍යාගයට අමතරව සෑම මසකම තවත් වාසනාවන්ත ජයග්‍රාහකයන් 10 දෙනෙකුට 100GB බැගින් නොමිලේ ඩේටා පිරිනැමීමට SLT-MOBITEL කටයුතු යොදා ඇත.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු www.sltmobile.lk වෙබ් අඩවිය, MySLT App, 1212 දුරකථන අංකය හෝ SLT-MOBITEL ශාඛා වෙතින් ලබාගත හැකි වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments