බැංකු මූල්‍ය සේවා සහ රක්ෂණ සේවාවන් එකම පියසක් යටින් ලබා දෙන බෑන්ක් ඇෂුවරන්ස් සේවාව දියත් කරමින් SDB බැංකුව පසුගිදා LOLC Life Assurance ජීවිත රක්ෂණ සමාගම සමඟ සුවිශේෂී බෑන්ක් ඇෂුවරන්ස් ක්‍රමෝපායික සබඳතාවකට මුල පිරීය. මෙම ක්‍රමෝපායික සහයෝගීතාව හරහා දැන් SDB ගනුදෙනුකරුවන් හට විශ්වාසනීය බැංකු සේවාවන් මෙන්ම විශ්වාසනීය ජීවිත රක්ෂණ සේවාවන්ද පහසුවෙන් සහ ඉක්මනින් ලබා ගැනීමේ හැකියාව හිමි වී ඇත.
රක්ෂණ ක්ෂේත්රයේ අත්දැකීම් පිරිපුන් මෙරට කීර්තිමත් ජීවිත රක්ෂණ සමාගමක් වන LOLC Life Assurance සමාගම ඉතා පුළුල් සේවාවන් පරාසයක් සමඟින් වෙනස් අවශතාවයන් සහිත විවිධ පාරිභෝගික කොටස් වෙනුවෙන් සේවය සපයන අතර දිවයින පුරා විසිරුණු දැවැන්ත ශාඛා ජාලය හරහා සියළු SDB ගනුදෙනුකරුවන් හට මෙම ජීවිත රක්ෂණ සේවාවන් සඳහා පහසුවෙන් දොරටු විවර වේ. මෙරට බැංකු ක්ෂේත්රය සහ ජීවිත රක්ෂණ ක්ෂේත්රය තුළ විශ්වාසනීයත්වය සහ පාරිභෝගික සේවාව වෙනුවෙන් නම් දැරූ ආයතන දෙකක සුසංයෝගය නිසා පාරිභෝගිකයින් හට පහසුව, කාර්යක්ෂමතාවය, ලාභදායී බව ඇතුළු බොහෝ ප්රතිලාභ රැසක් හිමි වනු ඇති බවට ආයතන දෙකෙහිම කළමනාකාරිත්වය විශ්වාස කරයි.
මෙම සහයෝගීතාවයට අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම SDB බැංකුවේ වැඩ බලන ප්‍රධාන විධායක නිලධාරී නිරන්ජන් තංගරාජා මහතා සහ LOLC Life Assurance ජීවිත රක්ෂණ සමාගමේ අධ්‍යක්ෂිකා/ප්‍රධාන විධායක නිලධාරිනී නදීකා ඕපාත මහත්මිය ප්රමුඛව සිදු කෙරුණු අතර මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් SDB බැංකුවේ නිරන්ජන් තංගරාජා මහතා මෙසේ පැවසීය. “SDB බැංකුව විසින් සපයනු ලබන සේවාවන් පරාසයට ජීවිත රක්ෂණ සේවාවන් ද එකතු කිරීම හරහා අපේ ගනුදෙනුකරුවන් හට අපෙන් ලැබෙන සවිය තව දුරටත් වර්ධනය කිරීමට හැකි වීම අපට විශාල සතුටක් බව පැවසිය යුතුයි. මේ හරහා ඔවුන්ට ලැබෙන පහසුව සහ ප්රතිලාභ අති විශාලයි. ඒ වගේම මෙම සහහයෝගීතාවය සැබෑ ලෙසටම පාරිභෝගිකයා කේන්ද්‍ර කරගෙන, පාරිභෝගිකයා වෙනුවෙන් ක්‍රියා කිරීමට SDB බැංකුවේ ඇති කැපවීම මනාව ප්‍රදර්ශනය කරන අවස්ථාවක් බව මගේ විශ්වාසයයි.”
‘ඔබව වටින තැන’ යන තේමාව අනුව යමින් පාරිභෝගිකයින් හට ලබාදිය හැකි පරිපූර්ණතම සහ ඉහළම සේවය ලබාදීම වෙනුවෙන් කැපවී සිටින SDB බැංකුව එම අරමුණ සමඟ මෙතෙක් පැමිණි ගමන් මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස LOLC Life Assurance සමාගම සමඟ ඇති කර ගත් මෙම ක්‍රමෝපායික සබඳතාවය හැඳින්විය හැකිය.