Friday, November 1, 2024
spot_imgspot_imgspot_img
HomeBiz NewsUber සහ තාක්ෂණික අමාත්‍යංශයේ එකතුවෙන් නවක ව්‍යාපාරිකයින් සඳහා මාර්ගෝපදේශ වැඩසටහනක් කොළඹදී ...

Uber සහ තාක්ෂණික අමාත්‍යංශයේ එකතුවෙන් නවක ව්‍යාපාරිකයින් සඳහා මාර්ගෝපදේශ වැඩසටහනක් කොළඹදී …

ලොව ප්‍රමුඛතම ගමනාගමන පහසුව ලබා දෙන (Ride hailing) සහ ආහාර හා භාණ්ඩ ඩිලිවරි සේවාවක් වන Uber විසින් ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයන් වෙනුවෙන් ‘Uber Springboard’ නමින් විශේෂ මාර්ගෝපදේශන වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබේ. තාක්ෂණ අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව ක්‍රියාවට නංවනු ලබන මෙම වැඩසටහන සඳහා නවක ව්‍යාපාර 3 ක් තෝරාගන්නා ලද අතර, එම ව්‍යවසායකයන්ට ඉන්දියාවේ පිහිටා ඇති Uber මධ්‍යස්ථානයේදී විශේෂ පුහුණුවකට සහභාගී වීමට අවස්ථාව ද හිමි වේ.

DIGIECON 2030 වැඩසටහනේ කොටසක් ලෙස විසින් ශ්‍රී ලාංකික ව්‍යාපාර 26 කට මගපෙන්වීම අරමුණු කරගනිමින් Uber ආයතනය විසින් සිදුකරන ලද පුළුල් අධ්‍යයනයකින් අනතුරුව ‘Uber Springboard’ විනිශ්චය මණ්ඩලය KReader, ManKiwwa සහ Megic යන ව්‍යාපාර තුන මේ සඳහා තෝරාගන්නා ලදි.

KReader : නිර්මාතෘ, හේෂාන් ජේ. පීරිස්

KReader යනු, ස්ථාවර මාසික දායක ගාස්තුවක් යටතේ විද්‍යුත්, ශ්‍රව්‍ය සහ AI-තාක්ෂනයෙන් බල ගැනවන ලද “Text to Speech with Emotions” ආදී පොත් පරිශීලනය කිරීමට අවස්ථාව සලසා දෙන කියවීමේ ඩිජිටල් අවකාශයකි.

ManKiwwa: නිර්මාතෘ, සොහාන් කලුසූරිය

මෙය පුරවැසියන් සහ රාජ්‍ය නිළධාරීන් අතර සම්බන්ධතා ගොඩනංවන පදනමකි. එමගින් පුරවැසියන්ට විවිධාකාර වූ ගැටලු බාධාවකින් තොරව රාජ්‍ය නිළධාරීන් වෙත යොමුකිරීමට අවස්ථාව හිමිවේ.

Megic: නිර්මාතෘ, යෂේන් ආරියතිලක

මෙහි නිර්මාතෘ වන යෂේන් ආරියතිලක තවමත්  16 හැවිරිදි තරුණයෙකි.  AI මගින් බලගැන්වෙන අධ්‍යාපන-තාක්ෂණික වේදිකාවක් වන මෙය ගණිත අධ්‍යාපනය ප්‍රවර්ධනය කරමින්, ශ්‍රී ලංකාවේ වැඩි පිරිසකට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාගැනීමට අවස්ථාව සලසා දෙයි.

මෙම වැඩසටහන වෙනුවෙන් විශේෂ උත්සවයක් පසුගියදා කොළඹදී පැවැත්වුණු අතර, තාක්ෂණ අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ධර්මසිරි කුමාරතුංග මහතා එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී විය. එහිදී නිර්මාතෘවරුන්ට තම නිර්මාණ පිළිබඳව ඒ මහතා සමග අදහස් හුවමාරු කරගැනීමට අවස්ථාව ලැබිණි. ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආර්ථික නිලධාරී ඇන්ඩෘ ෂින් සහ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ඒජන්සියේ (Information & Communication Technology Agency – ICTA) ඩිජිටල් ආර්ථිකය පිළිබඳ සහකාර ප්‍රධානී සචින්ද්‍ර සාමරත්න යන මහත්වරුන්ද මෙම අවස්ථාවට සම්බන්ධ වූහ.

මෙම අවස්ථාවට සහභාගී වූ තාක්ෂණ අමාත්‍ය කනක හේරත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ බිම් මට්ටමේ ව්‍යාපාර ඇගයීම සඳහා Uber ගන්නා මෙම උත්සාහය අගය කළ යුතු අතරම බිම් මට්ටමින් ආරම්භ ව තාක්ෂණ ක්ෂේත්‍රයේ ලොව ජයගත් ප්‍රමුඛයෙකු බවට පත් වී සිටින සමාගමක් ලෙස ශ්‍රී ලංකාවේ නවෝත්පාදනය දිරිගැන්වීම සඳහා Uber දරන මෙම උත්සාහය ඉතාමත් ප්‍රශංසනීය වේ. මෙම ව්‍යාපාර හිමියන්ට Telangana Global AI Summit සඳහා ආරාධනා කිරීම වෙනුවෙන් තමා තෙලගනා ප්‍රාන්ත රජයට බෙහෙවින් කෘතඥ වන අතරම ශ්‍රී ලංකාවෙන් තේරී පත්වූ ව්‍යාපාරවල නිර්මාතෘවරුන්ට තම සුබපැතුම් එක්කිරීමට මෙය අවස්ථාවක් කරගන්නා බව ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසීය.

Uber Delivery Sri Lanka හි සාමාන්‍යාධිකාරී වරුන් විජේවර්ධන මෙම අවස්ථවට එක් වෙමින් සිය අදහස් ද පළකිරීමක් ද සිදුකළ අතර එහිදී ඔහු ප්‍රකාශ කළේ, නවෝත්පාදන මගින් සමාජයේ යහපත් වෙනස්කම් සිදුවන ආකාරය සිය ආයතනය හොඳින් වටහාගෙන ඇති බවත් මෙම වැඩසටහන ඔස්සේ ඔවුන්ගේ උත්සාහය වන්නේ ශ්‍රී ලංකාවේ බිම් මට්ටමේ ව්‍යාපාරවලට පැහැදිලි මගපෙන්වීමක් ලබාදෙමින්, ඔවුන්ට ජාත්‍යන්තර අවස්ථාව ලබා දීම බවත් ය. එමගින් ඔවුන්ට තම ව්‍යාපාර සඳහා ශක්තිමත් අඩිතාලමක් නිර්මාණය කරගනිමින්, අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව සැලසෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Uber Mobility Sri Lanka මෙරට කළමනාකාරිනී කෞශල්‍යා ගුණරත්න සිය අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, නවෝත්පාදනයේ පුරෝගාමියෙක් වන Uber, දශකයකට වැඩි කාලයක් පුරා ක්ෂේත්‍ර රැසකට නවෝත්පාදන හඳුන්වා දී ඇති බවත්, දියුණුව කරා යාමට අපේක්ෂාවෙන් පසුවන නවක ව්‍යාපාරිකයින්ට, ඉන්දියාවේ හයිද්‍රාබාද්හි පිහිටි Uber’s Tech Excellence මධ්‍යස්ථානය සමග එක්ව කටයුතු කිරීම මගින් විශාල අත්දැකීම් සමුදායක් ලබා ගැනීමට හැකි බවත් ය.

කවදත් මෙරට නවක ව්‍යාපාර සහ ව්‍යවසායකයන්ගේ දියුණුව වෙනුවෙන් කැප වූ Uber ආයතනය, මීට වසර කිහිපයකට පෙර Uber Entrepreneurship Challenge නම් විශේෂ වැඩසටහනක් පැවැත්වීමටද කටයුතු කෙරිණි. ඉදිරියටත් එවැනි වැඩසටහන් ඔස්සේ මෙරට නවක ව්‍යවසායකයන්ට අත්වැලක් වීම Uber සමාගමේ අපේක්ෂාව වී තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments