asd
Thursday, July 25, 2024
spot_imgspot_imgspot_img
HomeBiz NewsJohn Keells Properties සමාගම සිය නවතම නිවාස සංවර්ධන ව්‍යාපෘතිය වන ජා- ඇළ...

John Keells Properties සමාගම සිය නවතම නිවාස සංවර්ධන ව්‍යාපෘතිය වන ජා- ඇළ ‘විමන්’ හි 2 වන අදියර ආරම්භ කරයි….

John Keells Properties සමාගම විසන් ආරම්භ කර ඇති සිය නවතම නිවාස සංවර්ධන ව්‍යාපෘතිය වන, ජා- ඇළ පිහිටි ‘විමන්’ නිවාස ව්‍යාපෘතියේ දෙවන අදියර ආරම්භ කර බව සාඩම්බරව ප්‍රකාශ කරයි. ඉහළ ඉල්ලුමක් පවතින මෙම නිවාස ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ නිවාස  90%ක් මේ වනවිට සාර්ථකව ගැනුම්කරුවන් වෙත අලෙවි කළ අවසන්ව ඇත. කොටස් දෙකකින් සමන්විත දෙවන අදියර යටතේ ඉදිවන මහල් නිවාස වල නිදන කාමර 2 සහ කාමර 3 ක් ඇතුළත් වේ. පළමු අදියර 2023 වසරේ සැප්තැම්බර් මස 19 වන දින ආරම්භ කරනු ලැබිණි. එහි නිවාස මාස හයකටත් අඩු කාලයකදී විකිණී අවසන්ය. ‘විමන්’ හි මහල් නිවාසයක් හිමිකර ගැනීමට උනන්දුවක් දක්වන අනාගත ගැනුම්කරුවන් හට දැන්, එහි කොළඹ පිහිටි ආදර්ශ නිවහනක ආකෘතිය නැරඹීමට අවස්ථාව ඇති අතර, John Keells Properties සමාගමෙහි වෘත්තීය උපදේශක කණ්ඩායම විසින් පාරිභෝගික සියලු විමසීම්වලට පිළිතුරු ලබා දේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් John Keells Properties සමාගමෙහි විකුණුම් හා අලෙවි ප්‍රධානී සහ John Keells Group හි උප සභාපති නදීම් ශම්ස් මහතා මෙසේ පැවසීය. ”විමන් නිවාස ව්‍යාපෘතියේ පළමු අදියර වෙනුවෙන් තිබු ඉල්ලුම හා ඊට ලැබුණු ප්‍රතිචාරය පිළිබඳවත්, ඒ වගේම එහි 2 වන අදියර ආරම්භ කිරීම ගැනත් අපි අතිශයින් සතුටට පත් වෙනවා. මේවන විට එහි පළමු අදියර යටතේ නිවාස 90% ක් සාර්ථක ලෙස විකුණා අවසන් කර තිබෙනවා. විමන්, John Keells Properties සමාගමෙ හි නවතම සංවර්ධන ව්‍යාපෘතියක් පමණක්ම නොව, එය ජා- ඇළ ප්‍රදේශයේ පහසු ස්ථානයක සහ නගර මධ්‍යයේ නිස්කලංක පරිසරයක පිහිටීම හේතුවෙන් විමන් ගැනුම්කරුවන් සඳහා ප්‍රබල ආයෝජනයක් වනු ඇත. 2 වන අදියර සහිත කොටසේ නිර්මාණය කර ඇති හරිත උයන සෞන්දර්යාත්මක බවක් එක් කරනු ලබන අතර, නගරයේ පසුබිම් දර්ශනයක් ද එක් පසෙකින් ප්‍රදර්ශනය කරයි.”

ජා- ඇළ නගර මධ්‍යයේ අක්කර 06 ක් පුරා විහිදී ඇති විමන්, මහල් නිවාස 418 ක හා නවීන පහසුකම්වල එකතුවකින් නිර්මාණය වේ. තවද විමන් නිවාස ව්‍යාපෘතිය සැලසුම් කර ඇත්තේ, කොළඹ නගරයට පහසුවෙන් පිවිසීමට හැකිවන පරිදි  සුරක්ෂිත වූ, ජීවත්වීමට සුදුසු, පදිංචිකරුවන්ට හිතකාමී වටපිටාවක් හා සරල නාගරිකත්වය රඳවා ගනිමිනි. හරිත උයනක් කේන්ද්‍ර කර ගනිමින් පිහිටි ‘විමන්’ නිවාස ව්‍යාපෘතිය තුළ පිහිනුම් තටාකයක්, ව්‍යායාම් ශාලාවක්, භාවනා ස්ථාන, ක්‍රීඩා අවකාශයන්, සමාජ ශාලාවක්, ළමා ක්‍රීඩා පිටියක්, බයිසිකල් පැදීම සහ ඇවිදීම සඳහා ඉඩ පහසුකම්, බහුකාර්ය එළිමහන් ක්‍රීඩාංගනයක් සහ විදුලි වාහන ආරෝපණය  කිරීමේ හැකියාව ඇතුළු පහසුකම් රැසක් සමන්විතය.

විශේෂයෙන්ම ‘විමන්’ ව්‍යාපෘතිය හරහා බලශක්ති කාර්යක්ෂමතාවය සහිතව ක්‍රියාත්මකවන සූර්ය බලශක්තියෙන් බල ගැන්වූ නිවාස, හරිත අවකාශයන් සමගින් ප්‍රශස්ත ප්‍රජාවක් බිහිකිරීම සමාගමේ අරමුණ වේ. නවීන සුව පහසුව හා තිරසර ජීවන රටාවක් නිර්මාණය කිරීමේ John Keells Properties සමාගම සතු කැපවීම හා අධිෂ්ඨානය එම අරමුණ තුළින් මැනවින් විදහා දක්වයි.

John Keells Properties සමාගම විසින් නිම කරනු ලැබූ හා ඉදිකරමින් පවතින සංවර්ධනයන් අතරට The Emperor, The Monarch, 7th Sense, OnThree20, TRI-ZEN, සහ Cinnamon Life Integrated Resort ඇතුළු සුචිශේෂී කැපී පෙනෙන නිර්මාණ ඇතුළත් වේ. එමෙන්ම නිවාස හා දේපළ සංවර්ධනයන්හි අඛන්ඩව පෙරමුණ ගෙන කටයුතු කරමින් John Keells Properties ශ්‍රී ලංකාවේ නාගරික නේවාසික භූමි ප්‍රදේශ සැලසුම් කිරීමේදී සුවිශේෂී කාර්යභාරයක් ඉටු කර ඇත.

ජා-ඇළ විමන් නිවාස ව්‍යාපෘතිය පිළිබඳව වැඩි විස්තර 0706 062 062 යන දුරකථන අංකය මගින් John Keells Properties සමාගම ඇමතීමෙන් හෝ www.viman.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ද ලබා ගත හැකිය

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments