asd
Thursday, July 25, 2024
spot_imgspot_imgspot_img
HomeBiz Newsනවලෝක රෝහල් සමූහය නවීනතම නිවාරණ විස`දුම් තුළින් සිය ආයතනික සෞඛ්‍ය සේවාවන්හි විශිෂ්ටත්වය...

නවලෝක රෝහල් සමූහය නවීනතම නිවාරණ විස`දුම් තුළින් සිය ආයතනික සෞඛ්‍ය සේවාවන්හි විශිෂ්ටත්වය යළිත් තහවුරු කරයි..

ශ‍්‍රී ලාංකිකයින් වෙත සෞඛ්‍ය ආරක්ෂණ විස`දුම් ලබා දීමේ කීර්තිමත් ප‍්‍රමුඛයා වන නවලෝක රෝහල් සමූහය Elite ආයතනික සෞඛ්‍ය සේවාවන් හ`දුන්වාදීමට පසුගියදා කටයුතු කරන ලදී. ඒ ආයතනික වශයෙන් දිනෙන් දින ඉහළ යන සෞඛ්‍ය අවශ්‍යතාවන් සපුරාලීම ස`දහා සකස් කරන ලද නිවාරණ සෞඛ්‍ය සේවා පිරිනමමිනි.

වඩා ක‍්‍රියාකාරී හා ඒ ඒ පුද්ගලයාට ගැලපෙන සෞඛ්‍ය ආරක්ෂණ උපාය මාර්ග සම`ගින් සේවකයින් හා සේවා දායකයින් සවිබල ගැන්වීම අරමුණු කොට ගනිමින් නිර්මාණය කර ඇති මෙම Elite ආයතනික සේවාවන් සාම්ප‍්‍රදායික වෛද්‍ය ඇගයීම්වලට එහා ගිය විශිෂ්ටත්වයක් සනිටුහන් කරයි. එහිදී අති නවීන රෝග විනිශ්චය තාක්ෂණයන් හා දත්ත පදනම් වූ තීක්ෂණ බුද්ධිය  එකට එක් කරමින් එක් එක් පුද්ගලයාට විශේෂ වූ සෞඛ්‍ය අවදානම් හා නිරාවරණ ප‍්‍රතිකාර අවශ්‍යතා සපුරා ගැනීමට කටයුතු කරනු ලබයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නවලෝක රෝහල් සමූහයේ ප‍්‍රධාන විධායක නිලධාරී හා සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා ‘‘වත්මන් වේගවත් ආයතනික පරිසර ස්වභාවයන් තුළ සේවක යහපැවැත්ම අත්‍යාවශ්‍ය සාධකයක් බවට පත්ව තිබෙනවා. එය ආයතනික සාර්ථකත්වය උදෙසා වන උපාය මාර්ගික අවශ්‍යතාවක් ලෙසද ස`දහන් කළ හැකියි. මෙම ප‍්‍රභූ ආයතනික සේවාවන් සම`ග නිවාරණ ප‍්‍රතිකාර තුළින් සෞඛ්‍යයෙන් පිරිපුන් ආයතනික සංස්කෘතියක් ඇති කිරීම ස`දහා දැනුම සහ අවබෝධය ලබා දෙමින් ආයතනික සෞඛ්‍යය සේවාව නැවත අර්තකතනය කිරීමට අපි කටයුතු කරනවා’’ යනුවෙන් පවසා සිටින ලදී.

මෙම පරිපූර්ණ සෞඛ්‍ය සේවාව ආයතනික වාර්ෂික වෛද්‍ය පහසුකම්, full-body MRIgenetic profiling සහ පුද්ගලාරෝපිත ඉසදප්රනැර විශ්ලේෂණ වැනි අති නවීන පරීක්ෂණ ක‍්‍රමයන් භාවිත කරනු ලබයි. මෙම නවතම පරීක්ෂණයන් තුළින් පුද්ගලයා තුළ ඇති සෞඛ්‍ය අවදානම් කල්තියා හ`දුනා ගැනීමට හැකිවන අතර ඒ තුළින් ඔවුන්ට ඒ ඒ කාලයට අවශ්‍ය ප‍්‍රතිකාර හා ගැලපෙන ආරක්ෂණ සැලසුම් සලසා ගැනීමටද අවකාශ උදා වේ.

ඊට අමතරව මෙම සේවාව ස`දහා ආයතනික සේවක සේවිකාවන්ගේ සෞඛ්‍යය හා යහ පැවැත්ම වෙනුවෙන් නිර්මාණය කර ඇති ආහාරමය ප‍්‍රතිකාර, රක්ෂණ ප‍්‍රතිකාර සහ පූර්ව රැුකියා ප‍්‍රතිකාර වැනි විශේෂිත ප‍්‍රතිකාර වැඩසටහන් ඇතුළත් වේ. මෙම මූලික සේවාවන්ට අමතරව ප‍්‍රථමාධාර පුහුණුව, ඒ ඒ පුද්ගලයා වෙනුවෙන් සකස් කළ ආහාර හා පෝෂණ මාර්ගෝපදේශ මෙන්ම මනා මානසික හා හැ`ගීම් කළමනාකරණය ප‍්‍රවර්ධනය ස`දහා වන උපදේශන සැසිද අන්තර්ගත වේ.

නවලෝක රෝහල් සමූහයේ අලෙවිකරණ ප‍්‍රධානී රසිකා තිලකරත්න මහත්මිය ස`දහන් කර සිටියේ ‘‘ පුරෝතකන බුද්ධිය හා පුද්ගලාරෝපිත නිවාරණ උපාය මාර්ගයන් තුළින් ආයතන සවිබල ගන්වමින් ආයතනික සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ පරිවර්තනීය වෙනසක් ඇති කිරීමට අපි කටයුතු කර තිබෙනවා. ආයතනික සාර්ථකත්වය, දියුණුව ස`දහා වන මනා සෞඛ්‍ය යහපැවැත්මක් සහිත පරිසරයක් නිර්මාණය කිරීම වෙනුවෙන් තමන්ගේ සෞඛ්‍ය පිළිබ`ද වගකීමක් දැරීමට සේවකයින් හා සේවාදායකයින්ට අවශ්‍ය දැනුම හා අවබෝධය ලබා දීම අපගේ අරමුණයි. ’’ යනුවෙනි.

ශ‍්‍රී ලාංකේය සෞඛ්‍ය ආරක්ෂණ ප‍්‍රමිතීන් යළි නිර්වචනය කිරීම වෙනුවෙන් නවලෝක රෝහල් සමූහයේ කැපවීමෙහි තවත් සුවිශේෂී අවස්ථාවක් වන ෑකසඑැ ආයතනික සේවාව හරහා ආයතනයන්හි වටිනාම වත්කම වන සේවක සේවිකාවන්ගේ දිගුකාලීන සෞඛ්‍යය හා ඔරොත්තු දීමේ හැකියාව සහතික කරමින් කර්මාන්තය තුළ නව සංධිස්ථානයක් සනිටුහන් කිරීමට සමත්ව සිටියි.

මේ පිළිබ`දව විමසීම් හා වේලාවන් වෙන් කර ගැනීම් හා සබ`දතාවයන් ස`දහා 0115577100 සහ 0761497140 යන ක්ෂණික ඇමතුම් අංකයන් අමතන්න.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments